බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ පැවැත්වෙන එක් දින තරගාවලිය සඳහා ශ්රී ලංකා එක් දින සංචිතය අද (18) නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඉන්දියාව සමඟ පැවති එක් දින තරගාවලිය ක්රීඩා කළ සංචිතයේ සිටි ක්රීඩකයින් රැසක් මෙම සංචිතයට ඇතුළත් ව තිබූ නමුත් එම තරගාවලිය ක්රීඩා කළ අකිල ධනංජය සහ චාමික කරුණාරත්න හට මෙම සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.
නිමා වූ තරගාවලියේ දී වනිඳු හසරංග ආබාධයට ලක් වීම නිසා සංචිතය එක් වෙමින් ඉහළ දස්කම් දැක්වූ ජෙෆ්රි වැන්ඩසේ අකිල ධනංජයගේ ස්ථානය ලබා තිබෙන අතර චාමික කරුණාරත්න වෙනුවට කැඳවා ඇත්තේ යොවුන් ක්රීඩක චමිඳු වික්රමසිංහයි.
- ශ්රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්!
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- පැතුම් සහ දුනිත් තරගාවලිය සමකිරීමේ වගකීම ඉටුකරයි
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ඔක්තෝබර් මස 20 සිට 26 දක්වා පැවැත්වෙන අතර තරග සියල්ල පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේ දී යි.
තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතය,
- චරිත් අසලංක (නායක)
- අවිශ්ක ප්රනාන්දු
- පැතුම් නිස්සංක
- කමිඳු මෙන්ඩිස්
- කුසල් මෙන්ඩිස්
- ජනිත් ලියනගේ
- සදීර සමරවික්රම
- නිශාන් මදුශ්ක
- වනිඳු හසරංග
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- ජෙෆ්රි වැන්ඩසේ
- චමිඳු වික්රමසිංහ
- අසිත ප්රනාන්දු
- දිල්ශාන් මදුසංක
- මොහොමඩ් ශිරාස්
එම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<