එක්දින ජාත්‍යන්තර තරග අතර වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත් රට ලෙසින් ශ්‍රී ලංකාව පසුගිය දා වාර්තා පොත් අතරට එක් වුණා. ඒ නිමා වූ එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලයත් සමඟින්.
Team | Match | Lost | Won | Tied | NR | % | Span |
ශ්‍රී ලංකාව | 860 | 428 | 390 | 5 | 37 | 52.32 | 1975-2021 |
ඉන්දියාව | 993 | 427 | 516 | 9 | 41 | 45.28 | 1974-2021 |
පාකිස්තානය | 993 | 414 | 490 | 9 | 20 | 42.94 | 1973-2021 |
බටහිර ඉන්දීය කොදෙව් | 828 | 384 | 404 | 10 | 30 | 48.73 | 1973-2021 |
සිම්බාබ්වේ | 532 | 375 | 138 | 8 | 11 | 73.09 | 1983-2020 |
මේ ලැයිස්තුව රටවල් 25ක් සහ Africa XI, Asia XI සහ ICC World XI යන කණ්ඩායම් ද ඇතුළත් වූවත් ඉහතින් දැක්වෙන්නේ පරාජිත ලැයිස්තුවේ ඉහළින් ම ලැයිස්තු ගත රටවල් 5යි.
කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ පසුගිය වසර 5 ද ඇතුලත් ව ක්‍රිකට් ගැසූ රටවල් අතරින් ප්‍රතිශතයක් ලෙස ගත් කල හොඳට ම පරාජය වී ඇති රට ලෙසින් සැලකිය හැක්කේ බංග්ලාදේශයයි. ඔවුන් මේ දක්වා තරග 385කට මුහුණ දෙමින් ඉන් තරග 245ක් පරාජය වී තිබෙනවා. එහි ප්‍රතිශතය වන්නේ 89.68%ක්. ඊට අමතර ව පැපුවා නිව් ගිනියාව තරග 27කින් තරග 20ක් පරාජය වෙමින් 74.07%ක් ලබා දෙවැනි තැනට පත් වෙනවා. ඊට පසුව තරග 375ක් පරාජය වෙමින් ඉහත ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ හිමිකර ගෙන සිටින සිම්බාබ්වේ ලැයිස්තු ගත වෙනවා.
එම ලැයිස්තුව ප්‍රතිශතයක් ලෙසින් සකස් කරන විට ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට වඩා හොඳ මට්ටමේ සිටිනවා. ඔවුන් තරග 129කට මුහුණ දී තරග 63ක් පරාජය වෙමින් ලබා ඇති පරාජිත ප්‍රතිශතය 50.04%ක්.
ශ්‍රී ලංකාව එක් එක් රටවලට පරාජය වූ ආකාරය
Team | Match | Lost | Won | Tied | NR | Span |
පාකිස්තානය | 155 | 92 | 58 | 1 | 4 | 1975-2019 |
ඉන්දියාව | 159 | 91 | 56 | 1 | 11 | 1979-2019 |
ඔස්ට්‍රේලියාව | 97 | 61 | 32 | 0 | 4 | 1975-2019 |
නවසීලන්තය | 99 | 49 | 41 | 1 | 8 | 1979-2019 |
දකුණු අප්‍රිකාව | 77 | 44 | 31 | 1 | 1 | 1992-2019 |
එංගලන්තය | 77 | 38 | 36 | 1 | 2 | 1982-2021 |
බටහිර ඉන්දීය කොදෙව් | 63 | 31 | 29 | 0 | 3 | 1975-2021 |
සිම්බාබ්වේ | 57 | 11 | 44 | 0 | 2 | 1992-2018 |
බංග්ලාදේශය | 51 | 9 | 40 | 0 | 2 | 1986-2021 |
ඇෆ්ගනිස්තානය | 4 | 1 | 3 | 0 | 0 | 2014-2019 |
කෙන්යාව | 6 | 1 | 5 | 0 | 0 | 1996-2011 |
මෙම ලැයිස්තුවේ බර්මුඩා (1), කැනඩා (2), අයර්ලන්තය (4), නෙදර්ලන්තය (3), ස්කොට්ලන්තය (3) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (2) යන කණ්ඩායම් සමඟ තරග 15කට මුහුණ දී ඇති අතර ඉන් එක රටකට හෝ පරාජය නොවි සිටිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ පරාජිත තරග ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ අප කණ්ඩායම හොඳට ම පරාජය වී ඇති රට ලෙසින් සැලකිය හැක්කේ ඕස්ට්‍රේලියාවටයි. එහි පරාජිත ප්‍රතිශතය 65.59%ක්. දෙවැනි තැන ඉන්දියාව 61.9% ඉදිරියේ ද තෙවැනි තැන පාකිස්තානය 61.33% ඉදිරියේ ද ලියැවෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජිත ගමන් මඟ
Span | Match | Lost | Won | Tied | NR |
1975 | 3 | 3 | 0 | 0 | 0 |
1979 | 2 | 1 | 1 | 0 | 0 |
1982-1986 | 59 | 42 | 13 | 0 | 4 |
1987-1991 | 55 | 44 | 11 | 0 | 0 |
1992-1996 | 113 | 54 | 51 | 1 | 7 |
1997-2001 | 140 | 56 | 80 | 1 | 3 |
2002-2006 | 138 | 58 | 75 | 1 | 4 |
2007-2011 | 133 | 54 | 71 | 0 | 8 |
2012-2016 | 139 | 62 | 66 | 2 | 9 |
2017-2021 | 78 | 54 | 22 | 0 | 2 |
1975 ලෝක කුසලාන තරගාවලියෙන් ආරම්භ වෙන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය අදියර 10කට ගත් කළ එහි දැඩිව විවේචනයට ලක් වන්නේ මේ කාලයයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවාසනාවන්ත ම පරිච්ඡේදය ලෙසින් ද සැලකෙනවා.
2017න් ඇරඹි 2021න් අවසන් වන එම පරිච්ඡේදයට අයත් වසර 5ට ම අපි ජයග්‍රහණය කර ඇත්තේ තරග 22ක් පමණයි. තරග 78කට මුහුණ දෙන අප ඉන් තරග 54ක් පරාජය වෙන අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් කරනවා. මේ සංඛ්‍යා පරාජිත ප්‍රතිශතකයක් ලෙස ගත් කළ 71.05%ක්.
නමුත් මෙම ලැයිස්තුව අනුව ගණනය කරන්නේ නම්, අපි හොඳට ම පරාජය වී ඇත්තේ 1987-1991 කාලයේදීයි. එම වසර 5ට තරග 55කට මුහුණ දෙන අප ඉන් තරග 44ක් පරාජය වෙනවා. මේ පරාජය ප්‍රතිශතයක් ලෙස ගණන කරද්දී ලැබෙන අගය 80%ක්.
එහි දෙවැනි තැන ඊට පෙර වකවානුව වන 1982-1986 වසරයි. එවර තරග 59කට මුහුණ දෙන අප තරග 42ක් පරාජයට පත් වෙනවා. ප්‍රතිශතයක් ලෙසින් එය ගත් කළ 76.36%ක්. ඉතිරි තරග බෙදී යන්නේ ජයග්‍රහණ 13ක් සහ නොවිසඳුණ 4ක් ලෙසයි.
මේ ගණනය කිරීමේ දී 1975 සහ 1979 වසර ද්විත්වය අප ඉවත් කරනුයේ එම වසරවල පැවති ලෝක කුසලාන තරග හැරෙන්නට අපිට වෙනත් කිසිදු තරගයක් නොලැබුණ නිසාවෙන්.
තරග පරාජයන් අපේ නායකත්වයන් සමඟ
අනුර තෙන්කෝන්ගෙන් ඇරඹෙන ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග නායක ලැයිස්තුව මේ වන විට 24 දෙනෙක්ගෙන් සමන්විතයි.
මේ අතරින් අර්ජුන රණතුංගට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ මේ කාණ්ඩයේ ලෝක ශූරතාවයක් දිනූ පළමු සහ එක ම නායකයා, වැඩිම එක්දින තරග ප්‍රමාණයක නායකත්වයේ කටයුතු කිරීම, වැඩිම තරග ප්‍රමාණයක ජයග්‍රාහක නායකයා ලෙසින් ද සහ වැඩිම තරග ප්‍රමාණයක පරාජිත නායකයාද ලෙසින් යන සියලුම අංගවලින් පළමු වැනියා වීම නිසයි.
මේ ලැයිස්තුවේ කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ නායකයන් හය දෙනෙක් ද වෙනවා. ඒ අතරින් විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංගගේ නම ද ඇතුළත්. තරග 9කට නායකත්වය දෙන මාලිංගට කිසිදු තරගයක් ජයග්‍රහණයක් කරන්නට නොලැබෙන්නේ 2017-2019 තරග වසරවල දී.
ඊට අමතර ව අනුර තෙන්නකෝන් (4), රොෂාන් මහානාම (2), ඩී. එස්. ද සිල්වා (1), චාමර කපුගෙදර (1) සහ චමින්ද වාස් (1) තරග 9කට නායකත්වය ලබා දී අවාසනාවන්තයන් බවට පත්ව සිටිනවා.
ඔවුන්ට අමතර ව පරාජිත ප්‍රතිශත ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වෙන්නේ රංජන් මඩුගල්ලේ. ඔහු තරග 13කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 11ක් ම පරාජයට පත්වෙනවා. එහි ප්‍රතිශතය 84.61%ක්. ඊට අමතර ව දුලිප් මෙන්ඩිස්, උපුල් තරංග, කුසල් පෙරේරා, ලහිරු තිරිමාන්න, තිසර පෙරේරා සහ බන්දුල වර්ණපුර ද ඉහළින් ප්‍රතිශතගත නායකයන් ලෙසින් ලැයිස්තු ගත වෙනවා.
Captain | Match | Lost | Won | Tied | NR | % | Span |
අර්ජුන රණතුංග | 193 | 95 | 89 | 1 | 8 | 52.19 | 1988-1999 |
ඇන්ජලෝ මැතිව්ස් | 106 | 51 | 49 | 1 | 5 | 51 | 2012-2018 |
මහේල ජයවර්ධන | 126 | 49 | 68 | 1 | 8 | 42.6 | 2004-2013 |
සනත් ජයසූරිය | 118 | 47 | 66 | 2 | 3 | 41.59 | 1998-2003 |
දුලිප් මෙන්ඩිස් | 61 | 46 | 11 | 0 | 4 | 80.7 | 1982-1987 |
මාවන් අතපත්තු | 63 | 27 | 35 | 0 | 1 | 43.54 | 2001-2006 |
උපුල් තරංග | 22 | 16 | 4 | 0 | 2 | 80 | 2016-2017 |
ටී. එම්. ඩිල්ෂාන් | 26 | 15 | 11 | 0 | 0 | 57.69 | 2010-2012 |
කුමාර් සංගක්කාර | 45 | 14 | 27 | 0 | 4 | 34.14 | 2009-2011 |
අරවින්ද ද සිල්වා | 18 | 12 | 5 | 0 | 1 | 70.58 | 1992-1996 |
රංජන් මඩුගල්ල | 13 | 11 | 2 | 0 | 0 | 84.61 | 1988 |
ලසිත් මාලිංග | 9 | 9 | 0 | 0 | 0 | 100 | 2017-2019 |
දිමුත් කරුණාරත්න | 17 | 7 | 10 | 0 | 0 | 41.17 | 2019-2021 |
දිනේෂ් චන්දිමාල් | 12 | 5 | 6 | 0 | 1 | 45.45 | 2013-2018 |
බන්දුල වර්ණපුර | 8 | 5 | 3 | 0 | 0 | 62.5 | 1979-1982 |
කුසල් පෙරේරා | 5 | 4 | 1 | 0 | 0 | 80 | 2021 |
ලහිරු තිරිමාන්න | 5 | 4 | 1 | 0 | 0 | 80 | 2015-2019 |
අනුර තෙන්නකෝන් | 4 | 4 | 0 | 0 | 0 | 100 | 1975-1979 |
තිසර පෙරේරා | 3 | 2 | 1 | 0 | 0 | 66.66 | 2017 |
රොෂාන් මහානාම | 2 | 2 | 0 | 0 | 0 | 100 | 1994 |
ඩී. එස්. ද සිල්වා | 1 | 1 | 0 | 0 | 0 | 100 | 1983 |
චාමර කපුගෙදර | 1 | 1 | 0 | 0 | 0 | 100 | 2017 |
රවී රත්නායක | 1 | 0 | 1 | 0 | 0 | 1988 | |
චමින්ද වාස් | 1 | 1 | 0 | 0 | 0 | 100 | 2006 |
හොඳම පරාජිත කණ්ඩායම් වූවත් පෑ දක්ෂතා
පරාජිත ලැයිස්තුවේ පළමු වැනියා වෙමින් හොඳම පරාජිත රට ලෙසින් ශ්‍රී ලංකාව පත් වූව ද අපේ ක්‍රීඩකයෝ විවිධ ආකාරයෙන් එක්දින වාර්තා අතර රැදී සිටිනවා.
ඒ අතරින් වැඩිම පන්දු ගණනක් ඉතිරිව ප්‍රතිවාදීන් පරාජය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට අපේ කණ්ඩායම සමත් ව සිටිනවා. ඒ 2001 දී පන්දු 274ක් ඉතිරිව තිබිය දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලත් ජයග්‍රහණය සහ 2003 වසරේ දී කැනඩාවට එරෙහිව පන්දු 272ක් ඉතිරිව ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන්.
කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු ලැයිස්තුවේ තෙවැනි තැන අපේ කණ්ඩායමට හිමි වෙනවා. ඒ 2006 වසරේ දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 9කට ලබා ගත් ලකුණු 443යි. මේ ලකුණු ප්‍රමාණය සංචාරක කණ්ඩායමක් සත්කාරක කණ්ඩායමකට එරෙහිව රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය ද වෙනවා.
ලෝක එක්දිනක්‍රිකට් තරග ඉතිහාසයේ එක් කඩුල්ලක් දැවී ලබා ගත් වැඩිම ලකුණු අතර තෙවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ද සිටින්නේ අපේ ක්‍රීඩකයෝ. ඒ 2013 ඉන්දියාවට එරෙහිව ලකුණු 348ක්, 2015 වසරේ බංග්ලාදේශයට එරෙහිව332ක් සහ එම වසරේ ම එංගලන්තයට එරෙහිව ලකුණු 312ක් ලබා ගනිමින්.
- Video – ධනංජය සහ ශානකගේ Hard Work එක හරියට ඉවර වුනේ නෑ – 3rd ODI: Pre-Match Analysis
- ධනංජයගේ පිතිකරණය අභිබවා එංගලන්තය නැගී සිටියි
- තරගාවලි දෙකක් ඉලක්ක කරගෙන ක්‍රීඩකයන් 39ක් පුහුණුවීම් අරඹයි
- තරගාවලි දෙකක් ඉලක්ක කරගෙන ක්‍රීඩකයන් 39ක් පුහුණුවීම් අරඹයි
- අසාර්ථකත්වයට මූලික හේතුව ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්ති – සංගක්කාර
අඩුම ලකුණු ප්‍රමාණයකට කණ්ඩායමක් දවා ගැනීමේ වාර්තාවේ හිමිකාරීන් වෙන්නේ ද ශ්‍රී ලංකාව. ඒ 2004 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට දවා ගැනීම හේතුවෙන්. එම ලැයිස්තුවේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන ද හිමි වෙන්නේ ද ශ්‍රී ලංකාවට.
ශ්‍රී ලංකා කණ්ඩායම නමින් එසේ වාර්තා වෙන් වෙද්දී පෞද්ගලික වාර්තාවන් රැසක ද අපේ ක්‍රීඩකයෝ රැඳී සිටිනවා. ඒ අතර ලෝකයේ එක්දින තරගවල වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි තැන කුමාර සංගක්කාර (14234), සිව්වැනි තැන සනත් ජයසූරිය (13430) සහ පස්වැනි තැන මහේල ජයවර්ධන (12650) රැඳී සිටිනවා.
ජාත්‍යන්තර එක්දින තරගවල වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ගෙන සිටින්නේ මුත්තයියා මුරලිදරන් (534). එහි සිව්වැනි තැන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කරන චමින්ද වාස් (400) ලැයිස්තු ගතව සිටිනවා. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට එරෙහිව ලබා ගත් කඩුලු 8ක් ලෝක එක්දින තරගවල හොඳම පන්දු යැවීම බවට මෙතෙක් වසර 20ක් වාර්තා පොත් අතර රැඳී තිබෙනවා.
ලසිත් මාලිංග එක්දින තරගය දී පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගත් ලොව පළමු සහ එක ම ක්‍රීඩකයා ලෙසත් සහ එක්දින ලෝක ශූරතා තරගමාලාවේ තරගාවලි 2ක දී ත්‍රිත්ව කඩුලු ලබා ගත් ලොව එක ම පන්දු යවන්නා ලෙසත් සහ එක්දින ජාත්‍යන්තර තරග කඩුලු ත්‍රිත්ව ත්‍රිත්වයක් වාර්තා කිරීමටත් සමත් ව සිටිනවා.
එමෙන් ම තරග 19ක දී කඩුලු 50ක් වාර්තා කළ අජන්ත මෙන්ඩිස් ලොව වේගවත් ම කඩුලු 50 ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කියනවා.
මේ වැනි වාර්තා තවත් බොහෝමයක් ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී තිබෙනවා. එහෙව් ඉතිහාසයක වැඩිම තරග පරාජිත කණ්ඩායම ලෙසින් ද අප පත් වෙනවා. ඒ හේතුවෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දවස්වල එල්ල වන පීඩනයේ අඩුවක් නැහැ.
නමුත් අප අමතක කළ යුතු නැහැ. මේ පරාජිත ලැයිස්තුවේ අපට ප්‍රථම මෙතෙක් රැඳී සිටියේ අප ඉතා දක්ෂ යැයි නිරන්තරයෙන් පවසන සහ පැවසූ ඉන්දීය කණ්ඩායමයි. වෙනසක් වේ නම් ඔවුන්ගේ දක්ෂතා තවමත් නොනැසී පැවැතීමත් සහ අපේ දක්ෂතා ගොනුකර ගත නොහැකිව අයාලේ යෑමත් ය.
ඊට පිළියම් යෙදීම අද දවසේ වඩාත් ම සුදුසු කාර්යයි. ඒ වෙනුවෙන් කණ්ඩායම් සාමාජිකයන්, කණ්ඩායම් කළමණාකාරීත්වය සේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සාමූහික විය යුතුයි. එසේ නොමැතිව කවුද හරියට ම කළේ යැයි එක් එක් අයගේ ඕප දූප හෙවීමෙන් හෝ අපි තමයි හරියට ම කළේ යැයි පුරසාරම් දෙඩීමෙන් ඵලක් නැත.
තොරතුරු මූලාශ්‍ර – Cricinfo
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<