ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම විසින් ලේ දන් දීමේ කඳවුරක් මාර්තු මස 08 වැනිදා (හෙට) කොළඹ 7 ටොරිංටන් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
2018 වසරේ දී පැවති ආසියානු දැල්පන්දු ශූරතාවයේ දී ශූරතාව ජයග්රහණය කරමින් ආසියාවේ ශූරියන් ලෙස කිරුළු පැලඳූ ශ්රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම විසින් මෙම වැඩසටහන සංවිධානය කරන්නේ ලෝක කාන්තා දිනය යෙදී තිබෙන දිනයට වීම විශේෂත්වයක්.
ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්රධාන පුහුණුකාරිනිය වන තිලකා ජිනදාසගේ පුහුණුවීම් යටතේ කටයුතු කරන ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම විසින් සංවිධානය කරන්නා වූ මෙම සත්ක්රියාවට ඔබ සියලු දෙනාටත් ආරාධනා කරන අතර මාර්තු 8 වැනිදා උදෑසන 09.00 සිට පස්වරු 03.00 දක්වා ලේ දන් දීමට ඇල්මක් තිබෙන ඔබ සියලු දෙනාට මෙම උතුම් සත්ක්රියාව සඳහා දායක විය හැකි.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<