බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (09) දිනයේ ප්‍රකාශයට පත් කළා.
සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චරිත් අසලංක හට හිමි වී ඇති අතර, භානුක රාජපක්ෂ මාස 21කට පසුව නැවතත් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වීමට වරම් ලබා තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයෙන් ඉවතට විසි වී තිබෙනවා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ශ්‍රී ලංකා සංචිතය;
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ශණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුශාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු
තරඟ තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය මෙම මස 13, 15 සහ 17 යන දිනවල දී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<