කොරෝනා වයිරසය සමඟින් අවලංගු කෙරුණු ජාතික සංචිතවල පුහුණුවීම් නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය අවසර ලබා දීමෙන් අනතුරුව ක්‍රීඩා රැසක ජාතික සංචිත පසුගිය දා තම පුහුණුවීම් ආරම්භ කළේය.
එම අමාත්‍යාංශ විසින් ලබා දී ඇති අවසරය අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් රග්බි ජාතික සංචිතය, කාන්තා රග්බි සංචිතය හා සත් සාමාජික රග්බි කණ්ඩායම්වල පුහුණුවීම් ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ අනුව එක් එක සංචිත සඳහා වන ක්‍රීඩකයන් ලැයිස්තුවක් නිවේදනය කර තිබේ.
හිටපු ඕල් බ්ලැක්ස් නායකයාට ගෞරව නාමයක්
දෙවන එලිසබත් මහරැජිණගේ උපන්දිනයට සමඟාමීව ප්‍රකාශයට පත්කරන ලද ගෞරව නාම ලැයිස්තුවට හිටපු නවසීලන්ත…
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායම පසුගිය මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාවලියට සහභාගී වීමට සූදානමින් සිටියහ. පසුව කොරෝනා වයිරසය පැතිර යාමත් සමඟින් එය කල් දැමීමට තීරණය කළේය.
මේ වන විට ආසියා රග්බි කලාපයේ වසංගතය පැතිර යාම සක්‍රීයව පවතින නිසා එම තරගාවලිය නැවත ආරම්භ කිරීමේ දිනයන් පිළිබඳව තවමත් තීරණය කර නොමැත.
ඒ අනුව රග්බි සම්මේලනය විසින් කළ නිවේදනය අනුව සංචිත 3ක් නම් කර ඇත. ඒ රග්බි ජාතික සංචිතය, පිරිමි සත් සාමාජික කණ්ඩායම හා කාන්තා සත් සාමාජික කණ්ඩායමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද ආරක්ෂක නිර්නායක සහ වෛද්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් එම කණ්ඩායම් වල පුහුණුව ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් පාසල් රග්බි ක්‍රීඩාව තුල දක්ෂතා දක්වන වෙස්ලි විද්‍යාලයේ නායක සැමුවෙල් ඔග්බේබර් ද ජාතික සත් සාමාජික රග්බි පුහුණු සංචිතයට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සඳහා ඔවුන්ගේ පුහුණු ඒකක නම් කිරීම තවමත් අවසන් කර නොමැත.
රග්බි සම්මේලනය විසින් නම් කල තාවකාලික ජාතික කණ්ඩායමේ සංචිතය පහත පරිදි වේ:
- මහනුවර ක්‍රීඩා සමාජය: චාල්ස් ප්‍රවීන්, ලසිත අත්තනගොඩ, යාකූබ් අලී, දමිත් දිසානායක, මොහොමඩ් ශබීර්, ජේසන් දිසානායක, තරිඳු චතුරංග, බුවනෙක උඩංගමුව, රොශාන් වීරරත්න, නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ, බුද්ධිම පියරත්න, කවිඳු පෙරේරා, දන්ශ දයාන්, ශෙහාන් පතිරණ
- හැව්ලොක් ක්‍රීඩා සමාජය: චරණ චාමිකර, අස්මීර් ෆජුඩීන්, උමේශ් මධුශාන්, ශව්කට් ලාහීර්, දයාන් සබාර්, විමුක්ති රාහුල, තීක්ෂණ දිසානායක, ෆයීස් අබ්දුල්ලා
- පොලිස් ක්‍රීඩා සමාජය: ධනුශ්ක එදිරිසූරිය, ලහිරු පවිත්‍ර, රසිත් සිල්වා, මොහාන් විමලරත්න, උදාර සූරියප්පෙරුම, වගීශ වීරසිංහ, ඉරෝශන් සිල්වා, සචිත් සිල්වා
- CR&FC: ඔමල්ක ගුණරත්න, රාහුල් ද සිල්වා, කලිඳු නන්දිල, දිනුක් අමරසිංහ, රීසා රෆායිඩීන්, ජනිදු ඩිල්ශාන්, මුර්ශිඩ් සුබේයීර්, කෙවින් ඩික්සන්
- යුධ හමුදා ක්‍රීඩා සමාජය: ධනුක විජේතිලක, සුධාරක දික්කුඹුර, චමීර සිල්වා, චමත් ප්‍රනාන්දු, අශාන් බණ්ඩාර
- නාවික හමුදා ක්‍රීඩා සමාජය: අදීශ වීරතුංග, චතුර සෙනවිරත්න
- CH&FC: ජේසන් මෙල්ඩර්, සැමුවෙල් මධුවන්ත
- ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: ඉමේශ් අපොන්සු
නම් කළ සත් සාමාජික රග්බි සංචිතය මෙසේයි.
- ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: රවිඳු හෙට්ටිආරච්චි
- පොලිස් ක්‍රීඩා සමාජය: ඉරෝශන් සිල්වා, සචිත් සිල්වා
- යුධ හමුදා ක්‍රීඩා සමාජය: සුධාරක දික්කුඹුර
- CH&FC: සුදම් සූරියආරච්චි, වාරෙන් වීරකෝන්, තුවාන් සුහේයිල්, හිරූශ සම්පත්
- හැව්ලොක් ක්‍රීඩා සමාජය: රවීන් ප්‍රනාන්දු, කාවින්ද කේශාන්
- නාවික හමුදා ක්‍රීඩා සමාජය: අදීශ වීරතුංග, චතුර සෙනවිරත්න
- මහනුවර ක්‍රීඩා සමාජය: බුද්ධිම පියරත්න, දනුශ් දයාන්, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ
- CR&FC: දිනුක් අමරසිංහ, ගැමුණු චේතිය, ජනිදු ඩිල්ශාන්, කෙවින් ඩික්සන්, රීසා රෆායිඩීන්, ඔමල්ක ගුණරත්න, තුලායිබ් හසන්, සුබායීර් දොරේ, කලිඳු නන්දිල
- වෙස්ලි විද්‍යාලය: සැමුවෙල් ඔග්බේබොර්
කහ රතු කාඩ්වලට අමතරව තවත් කාඩ්පතක්?
කොරෝනා වයිරසය නිසා තාවකාලිකව අවලංගු කෙරුණු ක්‍රීඩා තරග ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් තවමත්…
නම් කළ කාන්තා සත් සාමාජික රග්බි සංචිතය
- යුධ හමුදා ක්‍රීඩා සමාජය: නිමේශා සුදර්ශනී, අයේෂා පෙරේරා, චරණි තීක්ෂණා, දිලිණි කාංචනා, දුලානි පල්ලේකොණ්ඩගේ, ශානිකා දිලානි, උමයංගනා තත්සරණි
- නාවික හමුදා ක්‍රීඩා සමාජය: දසුනි ද සිල්වා, ගයානි ගීතිකා, සංජීවනී විජේතිලක, නිපුණි වර්ශවිතාන, රන්දිකා කුමුදුමාලි, සමන්තා ජයමාලි, කුමාරි දිල්රුක්ශි
- ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: සංජීවනී පෙරේරා, ජීවන්ති ගුණරත්න, අනුශිකා තුශාරි
- CR&FC: කාංචනා කුමාරි, අනූශා අත්තනායක
පාසල් සංචිත: හෙකාශිණී ක්‍රිශ්ණකුමාර්, චමෝද්‍යා මධුමාලි, කවීශා පෙරේරා, මධුශා
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<