ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (4) නිල වශයෙන් මාධ්‍යට නිකුත් කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට මේ තරග සංචාරය අහිමිව තිබෙන්නේ ඔහුගේ පිට කොන්දේ ආබාධය තවමත් සම්පූර්ණ ලෙස සුව වී නොතිබෙන නිසයි.
පසුගිය දා නිමා වුනු ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගයට පසුව නිස්සංකට ඇති වුන මේ පිට කොන්දේ ආබාධය නිසා මොහාලි හිදී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගය ද ඔහුට මඟ හැරී ගියා.
මීට අමතරව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නොමැති නිසා ඕෂද ප්‍රනාන්දු සහ කමිල් මිශාර පිතිකරුවන් ලෙස ක්‍රීඩා කිරීම සඳහා මේ සංචිතයට කැඳවා තිබෙනවා.
සංචිතයට ඇතුලත්ව සිටි රොෂේන් සිල්වා පුද්ගලික හේතුවක් නිසාවෙන් මේ සංචාරයට එකතු නොවන අතර ඒ වෙනුවට නිමා වුනු NSL සිව්දින තරගාවලියේ වැඩිම ලකුණු ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් කමිඳු මෙන්ඩිස් කැඳවා තිබෙනවා.
- දුශාන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා Mode ඉංජිනියරින්ට පෙරළිකාර ජයක්
- CSK නායකත්වය Jadejaගෙන් නැවතත් Dhoniට
- සම්පත් බැංකු, ජෝන් කීල්ස් සහ CDB ජයග්‍රහණ අතරට
- නිපන්දු ගැටලු අවම කරගන්න මහේලගෙන් යෝජනාවක්
නිමා වුනු ඉන්දීය සංචාරයේ සිටි ලහිරු කුමාර, සුරංග ලක්මාල් (විශ්‍රාම ගැනීම), දුෂ්මන්ත චමීර (එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා පමණයි) වෙනුවට අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, කසුන් රාජිත වේගපන්දු යවන්නන් ලෙස මේ සංචිතයට කැඳවා තිබෙනවා. එසේම ජෙෆ්රි වැන්ඩර්සේ හට මේ සංචිතයේ සිය ස්ථානය අහිමිව තිබෙන අතර ඒ වෙනුවට 25 හැවිරිදි පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.
ඉන්දීය ටෙස්ට් තරග සංචාරයට පසුව මේ සංචිතයේ ස්ථානය අහිමිව තිබෙන ක්‍රීඩකයින් – පැතුම් නිස්සංක (ආබාධයක්), ලහිරු තිරිමාන්න, චරිත් අසලංක, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු කුමාර, සුරංග ලක්මාල් (විශ්‍රාම ගැනීම), දුෂ්මන්ත චමීර (එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා පමණයි)
සංචිතයට පැමිණි ක්‍රීඩකයින් – කමිඳු මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, කසුන් රාජිත
තරගාවලියේ කාලසටහන:
- දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – A.Aziz Stadium, Chattogram
- පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
- දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<