19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය එළඹෙන 24 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදි ආරම්භවීමට නියමිතයි.
මේ සඳහා සහභාගී වීමට නියමිත සංචිතය මෙසේයි.
තරුෂි අභිශේකා, මහීමා ප්‍රවින්දි, ජිත්මා විජේතුංග, චාරුණී ප්‍රමුදිකා, හසිඳු නෙත්සර, තකහිමා නුහන්සා, දිනෙත් වීරරත්න, මලිත් කේ.තමෙල්, ශෂින්ත සිල්වා, අයෝමාල් අකලංක, තරුෂ මෙන්ඩිස්, R.I.විදුශාන්, දිනෙත් අනුහස්, ජත්‍ය කිරුළු, අවිශ්ක රාජපක්ෂ, මෙරෝන් විජේසිංහ (කණ්ඩායම් නායක), මදුශානි හේරත් (කණ්ඩායම් නායිකා)
- තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්‍රයා ඩැහැ ගනී!
- නව වසරට යුපුන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
- ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සාර්ථකව අවසන් වෙයි
- ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!
- සුපිරි තරු ගැටෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!
පසුගිය වසරේ දකුණු කොරියාවේ දී පැවැත්වුණු ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රන් පදක්කම් දෙකක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මෙවර ද ඔවුන් දුර පැනීම, 100×4, 400×4 වැනි ඉසව් සඳහා විශේෂ පදක්කම් බලාපොරොත්තු තබා තිබෙනවා.
අප්‍රේල් 24 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා රටවල් හතළිහකට ආසන්න ප්‍රමාණයකින් තරගකරුවන් සහභාගී වීමට නියමිතයි.
ශූරතාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<