2011 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානි ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ඊයේ (30) තරග පාවාදීමට අදාළ චෝදනාවක් විමර්ශනය කිරීම සඳහා පැය හයක් ප්‍රශ්න කර තිබෙනවා.
“අවබෝධයක් නැතත් ඒ තනතුර මට ලොකු ගෞරවයක්” – ස්ටෝක්ස්
අලුතින්ම ස්ථාපනය කරන ලද ක්‍රීඩා දූෂණ මර්දන ඒකකය විසින් හිටපු ශ්‍රී ලංකා නායකයෙකු ද වන අරවින්ද ද සිල්වාගෙන් පැය හයක ප්‍රකාශයක් සටහන් කර ගත් බව එම ඒකකයේ ප්‍රධානි ජගත් ෆොන්සේකා AFP වෙත පවසා තිබුණා.
“අද අපි 2011 ලෝක කුසලානය තරගාවලියේ තරග පාවා දීමේ චෝදනාව ගැන විමර්ශනය ආරම්භ කළා” ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන්ට පවසා තිබුණු බව AFP වාර්තා කරනවා. “අරවින්ද ද සිල්වාගේ ප්‍රකාශයෙන් අනතුරුව අපි 2011 කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙක් කැඳවන්නට තීරණය කළා, ඒ අනුව උපුල් තරංග හෙට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණීමට නියමිතයි.”
ෆොන්සේකා මහතා පවසා තිබුණේ බුද්ධි අංශ වාර්තා මෙන්ම නම් සඳහන් කළ නොහැකි විදෙස් ප්‍රභවයන් කිහිපයකගේ තොරතුරු මත මේ පරීක්ෂණය ඉදිරියට පවත්වා ගෙන යන බවයි.
මෙම විශේෂ විමර්ශන ඒකකයෙන් පිටව යන අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අරවින්ද ද සිල්වා මහතා ප්‍රතික්ෂේප කළ අතර 2011 ලෝක කුසලාන අවසාන මහා තරගය සිතා මතාම පරාජය වීම යන සැකය පිළිබඳව අවම වශයෙන් රහස් පරීක්ෂකයින් තිදෙනෙක් වත් ඔහුගෙන් පැය හයක් පුරා ප්‍රශ්න කළ බව AFP වාර්තා කරනවා.
අද (1) ප්‍රශ්න කිරීමට නියමිත උපුල් තරංග අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ අතර මිනිත්තු තිහක් කඩුල්ලේ සිටි ඔහු පන්දු 20ක දී රැස් කළේ ලකුණු දෙකක් පමණයි.
කොදෙව් නායකයාගෙන් ඉහළ පුටුවලට සැර ප්‍රකාශයක්!
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට කළ චෝදනාවක් මත මෙම පරීක්ෂණය ආරම්භ වුනා.
“මට හිතෙනවා මට ඒ ගැන දැන් කතා කරන්න පුළුවන් කියලා, මම ක්‍රීඩකයින් සම්බන්ධ කරන්නේ නැහැ, නමුත් සමහර අංශ මේකට සම්බන්ධයි.”
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ද පවසා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
සුපිරි ආරම්භයක් ලබා ගැනීමෙන් අනතුරුව වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගය කඩුලු හයකින් පරාජය වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 6කට ලකුණු 274ක් රැස් කළා. ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 18කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව තරගය සම්පුර්ණයෙන්ම තමන්ගේ දෙසට හරවා ගත්තා.
දික්වැල්ල, චන්දිමාල් හා තිසරගේ ශතකවලින් පල්ලෙකැලේ උණුසුම්
කෙසේ වෙතත් ඉන්දියාව සම්පූර්ණයෙන්ම තරගය වෙනස් කළේ ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම හා පන්දු යැවීම නිසයි. එම තරගයේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර පවසා සිටියේ අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා සිය චෝදනා ICCය වෙත රැගෙන යා යුතු බවයි.
නම් හෙළිදරව් කළ නොහැකි හිටපු ක්‍රීඩකයින් තිදෙනෙක්ට එල්ල වී ඇති දූෂණ චෝදනා පිළිබඳව ICCය විසින් විමර්ශනය කරන බව මේ මාසය මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවසා සිටියා.
AFP පුවත් සේවය ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<