දෝහා කටාර් හිදි පැවැත්වීමට නියමිත AFC වයස අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවසන් පාපන්දු සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මීට පෙර එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් 33 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කළ අතර මෙම මස 12 වැනිදා සිට කටාර් හී පැවති පුහුණු කඳවුරකින් පසුව අවසන් සංචිතය නම් කිරීමට කටයුතු කර තිබුණා.
ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් යුත් මෙම අවසන් සංචිතය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පවා නියෝජනය කළ Mohamed Aaakib සහ Dillon De Silva ඇතුළත් නොවීම කැපී පෙනුණා.
තරගාවලිය සඳහා තරග වදින මෙම කණ්ඩායමේ නායකත්වය සසංග ඩිල්හාර හට හිමිව තිබෙන අතර අසේල මදුෂාන් උපනායකයා ලෙස පත්කර තිබෙනවා.
- 23න් පහළ මූලික පාපන්දු සංචිතයට 33ක්
- 2021 SAFF ශූරතාවයට යන ජාතික පාපන්දු සංචිතය නම් කරයි
- බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවෙන් හොඳ සටනක්
- ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තියුණු සටනක්!
- බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවෙන් හොඳ සටනක්
ඔහුට අමතරව Mohamed Aaakib, Mohamed Shakir, Brian Weerappuli, Kavin Sucharith, Mariyanesan Pirasanth, Varatharaja Jaksan, Mohamed Sajid, Avishka Deshan, Dhananjaya Supumitha සහ Hashika Nawoda යන ක්‍රීඩකයන් හට මෙම අවසන් සංචිතය මගහැරී තිබෙනවා.
සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස Mohamed Amanulla සහ සහය පුහුණුකරුවන් ලෙස Ratnam Jusmin සහ Saman Dayawansa කටයුතු කරනවා. ශ්‍රී ලංකාව AFC 23න් පහළ පාපන්දු ශූරතාවලිය සඳහා A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ කටාර්, යේමනය සහ සිරියාවයි.
තරගාවලිය සඳහා නම් කළ අවසන් සංචිතය,
NAME | CLUB | POSITION |
Sasanga Dilhara | Defenders | Midfielder |
Asela Madushan | Sea Hawks | Midfielder |
Lakshan Dananjaya | New Youngs | Midfielder |
Shenal Sandesh | Blue Star | Forward |
Daniel Magrath | Blue Star | Midfielder |
Abdul Basith | Colombo | Defender |
Shabeer Razooniya | Colombo | Forward |
Rifkhan Mohamed | Defenders | Forward |
Nuwan Gimhana | Defenders | Goalkeeper |
Bathurtheen Thasleem | New Star | Defender |
Gihan Chathuranga | New Youngs | Defender |
Rumesh Mendis | New Youngs | Midfielder |
Mohamed Murshid | Ratnam | Goalkeeper |
Aman Faizer | Renown | Midfielder |
Raza Rumy | Renown | Midfielder |
Mohamed Mushfir | Renown | Defender |
Udayanga Perera | Sea Hawks | Goalkeeper |
Mohamed Kurshid | Sea Hawks | Midfielder |
Shishan Prabudda | Police | Midfielder |
Pathum Vimukthi | Up Country Lions | Defender |
Kannan Thenushan | Uruthirapuran | Midfielder |
Yuvarasa Thanusan | Uruthirapuran | Midfielder |
Vikum Avishka | Sea Hawks | Defender |
තරගාවලියේ කාලසටහන:
- ශ්‍රී ලංකාව – සිරියාව (ඔක්තෝබර් 25)
- ශ්‍රී ලංකාව – කටාර් (ඔක්තෝබර් 28)
- ශ්‍රී ලංකාව – යේමනය (ඔක්තෝබර් 31)
තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<