යේමනය සමඟ පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Yemen vs Sri Lanka 2024

234
Yemen vs Sri Lanka 2024

යේමනය සමඟ පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (13) ප්‍රකාශයට පත් කළා.

එළඹෙන 16 සහ 19 යන දින වල දී කටාර් හිදි පැවැත්වීමට නියමිත මෙම තරඟ ද්විත්වය FIFA ජාත්‍යන්තර සුහද පාපන්දු තරගාවලියේ තරග ද්විත්වයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි සුජාන් පෙරේරා හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය;

SUJAN PERERA (නායක)

BARATH SURESH

KAVEESH FERNANDO

ADHAVAN RAJAMOHAN

HARSHA FERNANDO

OLIVER KELAART

JUDE SUPAN

JASON THAYAPARAN

MOHAMED AAKIB

LEON PERERA

MOHAMED RIFKHAN

CLAUDIO KAMMERKNECHT

MOHAMED MURSITH

SAM DURRANT

MOHAMED HASMEER

ANUJAN RAJENDRAM

MOHAMED AMAN

JACK HINGERT

MANARAM PERERA

DILLON DE SILVA

CHALANA CHAMEERA

MOHAMMED THILHAM

SENAL SANDESH

RAHUL SURESH

ප්‍රධාන පුහුණුකරු : ABDULLAH ALMUTAIRI

යේමනය මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 154 වැනි ස්ථානයේ රැඳෙන අතර, ශ්‍රී ලංකාව 203 වැනි ස්ථානයේ රැඳෙනවා.

මෙම තරගාවලියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<