ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා පිළ බලවත් අසීරුතාවයකට පත්ව සිටියි. ඒ දකුණු අප්‍රිකානු පිළෙන් ලැබුණු දැවැන්ත ඉලක්කය හඹා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ අසාර්ථකත්වය නිසාවෙනි. මේ වනවිට ඔවුන් දකුණු අප්‍රිකානු මුල් ඉනිමට වඩා ලකුණු 152ක් පිටුපසින් සිටින්නේ එක් කඩුල්ලක් පමණක් අතැතිවයි.
බ්‍රීස්කිගේ ශතකයෙන් ශ්‍රී ලංකා නැගී එන පිළට අභියෝගයක්!
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව අද (18) ඇරඹුනු සිව් දින ටෙස්ට් තරගයේ මුල් දිනය නිමාවට පත් වෙද්දී ශ්‍රී ලංකා…
ඊයේ දිනයේ කාසියේ වාසිය දිනා ගනිමින් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ඉව ඇල්ලූ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 3කට ලකුණු 281ක් රැස් කරගෙන සිටියහ. කෙසේවෙතත් ඔවුන්ට අද දිනය සිතූ තරම් වාසනාවන්ත නොවූයේ ලකුණු 101ක් තුලදී ඔවුන්ගේ ඉතිරි කඩුලු 7ම බිඳ වැටුණු නිසාවෙනි. එහි ගෞරවය හිමිවිය යුත්තේ අද දිනයේ එකදු අර්ධ ශතකයක් හෝ ප්‍රතිවාදීන්ට ලබා නොදෙමින් තර්ජනාත්මක පන්දු යැවීමක යෙදුනු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ටයි.
අද උදෑසනම දකුණු අප්‍රිකානු නායක රේනාඩ් වෑන් ටොන්ඩර් දවා ගනිමින් අසිත ප්‍රනාන්දු ඒ සඳහා මූලිකත්වය ගත් අතර, ඊයේ තරමක ප්‍රහාරයකට ලක්වූ ලසිත් ඇඹුල්දෙණිය ද තණතිල්ලේ ස්වභාවය වටහා ගනිමින් ලකුණු 116කට කඩුලු 3ක් දවා ගත්තේය. මීට අමතරව ඊයේ දිනයේ කඩුලු අතරට පිවිසීමට නොහැකි වූ දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ද කඩුලු ද්විත්වයක් දවා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම තවදුරටත් ප්‍රසාරණය වීමේ ඉඩකඩ අහුරාලූහ.
සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19) එංගලන්තයේ….
කෙසේවෙතත් ඊයේ දිනයේ දකුණු අප්‍රිකානුවන් කල්තබා රැස් කරගෙන තිබූ ලකුණු ද සමඟින් ලකුණු 382ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ තබන්නට ඔවුන්ට හැකිවිය. එහි පීඩනය දෙගුණ තෙගුණ වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු මිනෝද් භානුක අද ඉනිමේ ක්‍රියාත්මක කළ මුල්ම පන්දුවෙන්ම ලකුණු නොලබාම දැවී යාමත් සමඟයි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංකටද අද දිනය වාසනාවන්ත නොවූ අතර මීලඟ පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී පැතුම්ගේ ඉනිම අහවර විය.
ඒ අනුව ලකුණු 7කට කඩුලු 2ක් දැවී ගොස් ශ්‍රී ලංකා පිළ බලවත් පසුබෑමකට ලක්වූ අතර නැවතත් ඔවුන්ට ජීවය ගෙන ආවේ තුන්වැනි කඩුල්ලට හසිත බෝයගොඩ සහ චරිත් අසලංක අතරේ ගොඩ නැගුණු ලකුණු 82ක සබඳතාවයයි. කෙසේවෙතත් මෙම පිතිකරුවන් දෙදෙනාටම ලබාගත් ආරම්භය ශතකයක් වැනි විශාල ඉනිමක් දක්වා පරිවර්ථනය කර ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිළට දැවැන්ත පාඩුවක් විය.
හොඳින් පන්දුවට පහර දෙමින් සිටි හසිත බෝයගොඩ පන්දු 52කින් ලකුණු 40ක් ලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංකට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදුවිය. මෙම කඩුලු දෙකම බිඳ හෙලුවේ දකුණු අප්‍රිකානු පිළේ වමතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක කයිල් සිමන්ඩ්ස් විසිනි. ඔහු අද දිනයේ සාර්ථකම පන්දු යවන්නා ලෙස ලකුණු 88ට කඩුලු 4ක් දවා ගනිමින් දිනය අවසන් කළේය.
බංග්ලාදේශ තරගාවලියට යන ශ්‍රී ලංකා මූලික සංචිතය
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට්….
එක්දින තරගාවලිය අතරතුරේ දී පිත්තෙන් දස්කම් පෙන්වූ අශේන් බණ්ඩාර අද ලකුණු 10කට දැවී යද්දී කමිඳු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න සයවැනි කඩුල්ල සඳහා අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම අලුත්වැඩියා කිරීමේ උත්සාහයක නිරත වූහ. එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් රැස්කර ගත්තද ඔහු වැනි කුසලතා පූර්ණ පිතිකරුවෙකුගෙන් ශ්‍රී ලංකා පිළ ඊට වඩා යමක් අපේක්ෂා කර තිබුණි. මේ වනවිට අවසන් කඩුල්ල වෙනුවෙන් හුදකලා සටනක නිරත වී සිටින නිශාන් පීරිස් පන්දු 47කින් ලකුණු 46ක් ලබා සිටින්නේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟයි.
දෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා පිළ පන්දුවාර 57කට මුහුණ දී කඩුලු 9කට ලකුණු 230ක් රැස් කරගෙන සිටියද තරග පරාජයක අඳුරු සෙවනැලි තවමත් ඔවුන් කෙරෙන් දුරුවී ගොස් නොමැත. ඒ තවමත් දකුණු අප්‍රිකානු ඉනිමට වඩා ලකුණු 152ක් පිටුපසින් ශ්‍රී ලංකා ඉනිම රැඳී තිබීම හේතුවෙනි. එබැවින් හෙට දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලබන දෙවැනි අවස්ථාව අතිශයින්ම තීරණාත්මක වන අතර ඔවුන් ඊට මුහුණ දෙන ආකාරය මත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ඉරණම විසඳෙනු ඇත.
>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | b Mohamed Shiraz | 75 | 93 | 12 | 1 | 80.65 |
Matthew Breetzke | c Minod Bhanuka b Chamika Karunarathne | 114 | 187 | 10 | 0 | 60.96 |
Raynard van Tonder | c Kamindu Mendis b Asitha Fernando | 69 | 117 | 6 | 0 | 58.97 |
Jason Smith | c Mohamed Shiraz b Lasith Embuldeniya | 1 | 12 | 0 | 0 | 8.33 |
Sibonelo Makhanya | c Minod Bhanuka b Nishan Peiris | 22 | 42 | 2 | 0 | 52.38 |
Sinethemba Qeshile | b Lasith Embuldeniya | 20 | 34 | 3 | 0 | 58.82 |
Dayyaan Galiem | lbw b Mohamed Shiraz | 28 | 43 | 4 | 0 | 65.12 |
Kyle Simmonds | lbw b Nishan Peiris | 4 | 17 | 0 | 0 | 23.53 |
M Jansen | c Charith Asalanka b Lasith Embuldeniya | 3 | 8 | 0 | 0 | 37.50 |
Nandre Burger | c Pathum Nissanka b Asitha Fernando | 9 | 42 | 1 | 0 | 21.43 |
Tladi Bokako | not out | 14 | 6 | 2 | 1 | 233.33 |
Extras | 23 (b 10 , lb 8 , nb 5, w 0, pen 0) |
Total | 382/10 (99.2 Overs, RR: 3.85) |
Fall of Wickets | 1-145 (33.1) Janneman Malan, 2-259 (61.6) Matthew Breetzke, 3-266 (64.5) Jason Smith, 4-288 (69.6) Raynard van Tonder, 5-318 (78.2) Sibonelo Makhanya, 6-328 (81.1) Sinethemba Qeshile, 7-339 (86.2) Kyle Simmonds, 8-348 (89.3) M Jansen, 9-368 (96.6) Dayyaan Galiem, 10-382 (99.2) Nandre Burger, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 18.2 | 3 | 63 | 2 | 3.46 | |
Mohamed Shiraz | 15 | 4 | 63 | 2 | 4.20 | |
Lasith Embuldeniya | 31 | 2 | 120 | 3 | 3.87 | |
Chamika Karunarathne | 11 | 1 | 40 | 1 | 3.64 | |
Nishan Peiris | 24 | 1 | 82 | 2 | 3.42 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Minod Bhanuka | c Raynard van Tonder b Kyle Simmonds | 0 | 1 | 0 | 0 | 0.00 |
Hasitha Boyagoda | lbw b Kyle Simmonds | 40 | 52 | 7 | 0 | 76.92 |
Pathum Nissanka | lbw b Tladi Bokako | 7 | 5 | 1 | 0 | 140.00 |
Charith Asalanka | b Kyle Simmonds | 56 | 84 | 6 | 2 | 66.67 |
Ashen Bandara | c Nandre Burger b Kyle Simmonds | 10 | 14 | 1 | 0 | 71.43 |
Kamindu Mendis | lbw b M Jansen | 33 | 54 | 5 | 0 | 61.11 |
Chamika Karunarathne | b Nandre Burger | 27 | 49 | 5 | 0 | 55.10 |
Nishan Peiris | not out | 52 | 56 | 8 | 2 | 92.86 |
Lasith Embuldeniya | lbw b M Jansen | 0 | 2 | 0 | 0 | 0.00 |
Asitha Fernando | b Nandre Burger | 0 | 11 | 0 | 0 | 0.00 |
Mohamed Shiraz | c & b Nandre Burger | 12 | 37 | 2 | 0 | 32.43 |
Extras | 4 (b 1 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 241/10 (60.5 Overs, RR: 3.96) |
Fall of Wickets | 1-0 (0.1) Minod Bhanuka, 2-7 (1.2) Pathum Nissanka, 3-89 (16.5) Hasitha Boyagoda, 4-111 (24.1) Ashen Bandara, 5-116 (28.3) Charith Asalanka, 6-176 (42.6) Chamika Karunarathne, 7-176 (43.1) Kamindu Mendis, 8-176 (43.3) Lasith Embuldeniya, 9-185 (46.6) Asitha Fernando, 10-241 (60.5) Mohamed Shiraz, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kyle Simmonds | 19 | 4 | 88 | 4 | 4.63 | |
Tladi Bokako | 5 | 0 | 24 | 1 | 4.80 | |
Nandre Burger | 13.5 | 3 | 58 | 3 | 4.30 | |
M Jansen | 14 | 8 | 32 | 2 | 2.29 | |
Dayyaan Galiem | 8 | 1 | 28 | 0 | 3.50 | |
Matthew Breetzke | 1 | 0 | 7 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | c Nishan Peiris b Asitha Fernando | 1 | 2 | 0 | 0 | 50.00 |
Matthew Breetzke | lbw b Lasith Embuldeniya | 14 | 35 | 1 | 0 | 40.00 |
Jason Smith | b Lasith Embuldeniya | 2 | 11 | 0 | 0 | 18.18 |
Sibonelo Makhanya | c Minod Bhanuka b Lasith Embuldeniya | 5 | 4 | 1 | 0 | 125.00 |
Sinethemba Qeshile | lbw b Chamika Karunarathne | 31 | 38 | 7 | 0 | 81.58 |
Raynard van Tonder | lbw b Nishan Peiris | 17 | 48 | 1 | 0 | 35.42 |
Dayyaan Galiem | lbw b Lasith Embuldeniya | 0 | 3 | 0 | 0 | 0.00 |
Kyle Simmonds | c Minod Bhanuka b Asitha Fernando | 50 | 44 | 5 | 2 | 113.64 |
M Jansen | b Lasith Embuldeniya | 49 | 44 | 7 | 2 | 111.36 |
Nandre Burger | c Hasitha Boyagoda b Asitha Fernando | 16 | 12 | 2 | 0 | 133.33 |
Tladi Bokako | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0) |
Total | 189/10 (39.4 Overs, RR: 4.76) |
Fall of Wickets | 1-2 (0.5) Janneman Malan, 2-14 (5.1) Jason Smith, 3-20 (5.6) Sibonelo Makhanya, 4-29 (9.6) Matthew Breetzke, 5-62 (18.4) Sinethemba Qeshile, 6-63 (19.4) Dayyaan Galiem, 7-86 (25.2) Raynard van Tonder, 8-151 (34.6) Kyle Simmonds, 9-183 (38.6) Nandre Burger, 10-189 (39.4) M Jansen, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 9 | 0 | 47 | 3 | 5.22 | |
Lasith Embuldeniya | 15.4 | 2 | 74 | 5 | 4.81 | |
Chamika Karunarathne | 6 | 2 | 16 | 1 | 2.67 | |
Mohamed Shiraz | 3 | 0 | 12 | 0 | 4.00 | |
Nishan Peiris | 6 | 0 | 39 | 1 | 6.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasitha Boyagoda | c Sibonelo Makhanya b Kyle Simmonds | 33 | 49 | 7 | 0 | 67.35 |
Minod Bhanuka | c Sinethemba Qeshile b Tladi Bokako | 89 | 134 | 12 | 0 | 66.42 |
Pathum Nissanka | c Sinethemba Qeshile b Dayyaan Galiem | 47 | 117 | 3 | 1 | 40.17 |
Charith Asalanka | b M Jansen | 9 | 17 | 0 | 0 | 52.94 |
Ashen Bandara | c Sinethemba Qeshile b Tladi Bokako | 1 | 6 | 0 | 0 | 16.67 |
Kamindu Mendis | lbw b Nandre Burger | 17 | 31 | 2 | 0 | 54.84 |
Chamika Karunarathne | lbw b Nandre Burger | 10 | 22 | 1 | 0 | 45.45 |
Nishan Peiris | b Nandre Burger | 25 | 57 | 2 | 0 | 43.86 |
Mohamed Shiraz | c Sinethemba Qeshile b M Jansen | 49 | 96 | 7 | 0 | 51.04 |
Lasith Embuldeniya | c Sinethemba Qeshile b Tladi Bokako | 7 | 35 | 1 | 0 | 20.00 |
Asitha Fernando | not out | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 15 (b 8 , lb 4 , nb 3, w 0, pen 0) |
Total | 302/10 (94.1 Overs, RR: 3.21) |
Fall of Wickets | 1-74 (15.6) Hasitha Boyagoda, 2-159 (42.3) Minod Bhanuka, 3-170 (47.1) Charith Asalanka, 4-173 (48.6) Ashen Bandara, 5-201 (57.2) Pathum Nissanka, 6-207 (60.6) Kamindu Mendis, 7-214 (62.5) Chamika Karunarathne, 8-272 (80.6) Nishan Peiris, 9-302 (93.2) Mohamed Shiraz, 10-302 (94.1) Lasith Embuldeniya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nandre Burger | 16 | 7 | 38 | 3 | 2.38 | |
Tladi Bokako | 21.1 | 4 | 70 | 3 | 3.32 | |
Dayyaan Galiem | 15 | 2 | 37 | 1 | 2.47 | |
M Jansen | 17 | 2 | 58 | 2 | 3.41 | |
Kyle Simmonds | 22 | 0 | 74 | 1 | 3.36 | |
Sibonelo Makhanya | 3 | 0 | 13 | 0 | 4.33 |