ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ Kent County Cricket Club අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (08) දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 573ක් රැස් කරගෙන සිටියා.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (07) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස් කරගෙන සිටියා.
දිනය ආරම්භයේ සිටම Kent පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මධුෂ්ක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 294ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගූ අතර අගනා ශතකයක් රැස් කළ ලසිත් ලකුණු 136ක් වාර්තා කරගෙන සිටිය දී දැවී ගියේ Jaskaran Singhගේ පන්දුවක් හමුවේයි.
ඉන්පසු පිටියේ එක්වූ නුවනිඳු ප්‍රනාන්දු සහ නිශාන් මධුශ්ක තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 171ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු ශතකය පෙනෙන මානයේ ලකුණු 99කට දැවී ගියේ George Lindeගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ලක්ෂාන් ලකුණු 24ක් ලබා සිටිය දී Max Luckettගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 519ක් ලෙසයි.
ඉන්පසුව පිටියට පිවිසි අශේන් බණ්ඩාර ලකුණු 9ක් රැස් කරගෙන සිටිය දී දවා ගනිමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට තරමක පීඩනයක් එල්ල කිරීමට Marcus O’Riordanට හැකි වුනා.
- ලසිත් සහ නිශාන් Kent පන්දු යවන්නන් මෙල්ල කරයි
- Kent පිතිකරුවන් හමුවේ ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් පසුබසී
- කොදෙව්වන්ට නව නායකයෙක්
- මුම්බායි වේගපන්දු යවන්නෙකු තරගාවලියෙන් ඉවත් වෙයි
තරගය පුරාවටම Kent පන්දු යවන්නන්ට හිසරදයක් වූ නිශාන් මධුශ්ක, අරවින්ද ද සිල්වා විසින් මීට වසර 27කට පෙර Kent කණ්ඩායමට ක්‍රීඩා කර ලකුණු 255ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවෙකු එංගලන්තය තුළ වාර්තා කර ගත් වැඩිම පළමු පෙළ ඉනිමට හිමි වාර්තාව තමන් සතු කරගැනීමට සමත් වුනා.
දිනය අවසන් වීමට තවත් පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ George Lindeගේ පන්දුවක් හමුවේ නිශාන් දැවී යන විට ලකුණු 269ක් රැස් කරගැනීමට සමත්ව තිබුණා.
තරගයේ තෙවැනි දිනය වූ අද (07) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 573ක් වාර්තා කරගනිමින් Kent පළමු ඉනිමට වඩා ලකුණු 22ක් පිටුපසින් සිටියා.
Kent County Cricket Club – 595/8 (137): Darren Stevens 168, George Linde 107, Billy Mead 106*, යසිරු රොද්‍රිගෝ 2/90, උදිත් මධුෂාන් 2/109, ධනංජය ලක්ෂාන් 2/106.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 573/6 (131): නිශාන් මධුශ්ක 269, ලසිත් කෲස්පුල්ලේ 136, නුවනිඳු ප්‍රනාන්දු 99, George Linde 2/106.
මෙම තරගයේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<