ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග දෙකකින් යුත් නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ අද (28) සමත් වූහ.
ප්‍රමෝද්ගේ ශතක වෑයමෙන් ශ්‍රී ලංකා අපේක්ෂාවන්ට නව ජීවයක්
ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල………
දෙරට අතර ප්‍රිටෝරියා හිදී අද අවසන් වූ තරගය ජය පරාජයෙන් තොරව නිමා වූව ද දෙරට අතර පැවති පළමු නිල නොලත් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවෝ සතු වීම නිසා තරගාවලි ජයග්‍රහණය ඔවුන් සතු විය.
කෙසේ වෙතත් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පැත්තෙන් විශේෂයෙන්ම කතා කිරීමට යමක් තිබුණි නම් ඒ 22 හැවිරිදි වමතින් දඟපන්දු යැවූ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත්, 22 හැවිරිදි වමත් පිතිකරු ප්‍රමෝද් මධුවන්තගේ පිතිකරණයත්ය. අනෙකුත් ක්‍රීඩකයෝ ද පළමු තරගයේ පරාජය අකාමකා දැමීමට ක්‍රීඩා කිරීමට සමත් වීම කැපී පෙණුනි.
ලසිත් ඇඹුල්දෙණිය දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී ලකුණු 156කට දවා ගත් කඩුලු 8ත් සමඟින් මෙම තරගයේ දී ලකුණු 255කට කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ප්‍රමෝද් මධුවන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ එකම ශතකයේ හිමිකරු විය. ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේ දී ශතකයක් රැස් කළ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ නායක රෙනාඩ් වැන් ටොන්ඩර් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 441ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 388ක් පමණි. ලකුණු 53ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගය නිමා කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 260ක් ලබා සිටියහ.
මාලිංග නොමැති වුවත් ශ්‍රී ලංකා පන්දු බල ඇණිය දස්කම් අතරට
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වෙයි. එහි දී පන්දුවෙන්……….
තරගයේ අවසන් දිනය ආරම්භ වූයේ ජනේමාන් මාලන් (නොදැවී 36) සහ නායක රෙනාඩ් වැන් ටොන්ඩර් (නොදැවී 20)ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලෙසින් කියැවෙද්දී ය.
ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් එක් කළේය. දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගත් රෙනාඩ් වැන් ටොන්ඩර් ය. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට ලහිරු උදාර කඩුල්ල පිටුපස සිටිමින් රැක ගත් උඩ පන්දුවක් සමඟින් ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 129 දී දැවී ගියේය.
අනතුරුව තෙවැනි කඩුල්ලට ද ලකුණු 56ක සබඳතාවක් එක් විය. ඒ ආරම්භක පිතිකරු ජනේමාන් මාලන් සහ ජේසන් ස්මිත් අතර ය. එම කඩුල්ලේ සබඳතාව අවසන් කරමින් ජනේමාන් පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටිය දී දැවී ගියේය.
අනතුරුව ජේසන් ස්මිත් ද පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ශක්තිමක් කරන ලදි. ජේසන් ස්මිත් සහ මැතිව් බ්රිට්ස්කේ දකුණු අප්‍රිකා ඉනිමේ සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කළහ.
කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔහු නාසය කඩා ගනී
“එතකොට මට වයස අටක් හෝ නමයක් විතර ඇති. එදින රාත්‍රියේ රෝහලේ ඇදක් මතට වී වේදනාවෙන් කෑගසමින් සිටි මා……….
කණ්ඩායම් දෙකම අවසන් අදියරේ දී ක්‍රීඩා කළේ විසඳුමක් අපේක්ෂාවෙන් නොවේ. දිනයේ යැවුණ 63 වැනි පන්දුවාරය අවසන් වෙද්දී තරගය නතර කිරීමට දෙපිලේම ක්‍රීඩකයෝ එකඟ වූහ. ඒ අනුව දෙරට අතර පැවති දෙවැනි නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වූයේ විසඳුමකින් තොරව ය.
ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි මැතිව් බ්රිට්ස්කේ ලකුණු 38ක් ද, ඩයාන් ගලීම් ලකුණු 3ක් ද ලබා සිටියහ. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රමෝද් මධුවන්ත කඩුලු 2 බැගින් දවගෙන සිටි අතර ජෙහාන් ඩැනියෙල්ට කඩුල්ලක් හිමිව තිබුණි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | b Jehan Daniel | 35 | 38 | 5 | 0 | 92.11 |
Wandile Makwetu | c Minod Bhanuka b Lasith Embuldeniya | 25 | 53 | 2 | 1 | 47.17 |
Raynard van Tonder | c Charith Asalanka b Lasith Embuldeniya | 137 | 267 | 14 | 1 | 51.31 |
Jason Smith | b Lasith Embuldeniya | 34 | 62 | 1 | 1 | 54.84 |
Matthew Breetzke | c Minod Bhanuka b Lasith Embuldeniya | 13 | 27 | 0 | 0 | 48.15 |
Sinethemba Qeshile | c Charith Asalanka b Lasith Embuldeniya | 87 | 89 | 9 | 2 | 97.75 |
Dayyaan Galiem | c Minod Bhanuka b Lasith Embuldeniya | 8 | 16 | 2 | 0 | 50.00 |
Kyle Simmonds | c Hasitha Boyagoda b Lasith Embuldeniya | 73 | 57 | 8 | 3 | 128.07 |
M Jansen | c Minod Bhanuka b Lasith Embuldeniya | 3 | 19 | 0 | 0 | 15.79 |
Thando Ntini | not out | 14 | 29 | 1 | 0 | 48.28 |
Tladi Bokako | run out (Pathum Nissanka) | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 3 , lb 0 , nb 8, w 1, pen 0) |
Total | 441/10 (108.1 Overs, RR: 4.08) |
Fall of Wickets | 1-50 (13.1) Janneman Malan, 2-71 (17.2) Wandile Makwetu, 3-151 (41.5) Jason Smith, 4-173 (49.2) Matthew Breetzke, 5-326 (85.2) Sinethemba Qeshile, 6-342 (89.3) Dayyaan Galiem, 7-363 (93.4) Raynard van Tonder, 8-383 (99.2) M Jansen, 9-441 (107.6) Kyle Simmonds, 10-441 (108.1) Tladi Bokako, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohamed Shiraz | 24 | 3 | 96 | 0 | 4.00 | |
Kalana Perera | 8 | 2 | 23 | 0 | 2.88 | |
Chamika Karunarathne | 16 | 3 | 61 | 0 | 3.81 | |
Jehan Daniel | 6 | 1 | 31 | 1 | 5.17 | |
Lasith Embuldeniya | 42 | 5 | 156 | 8 | 3.71 | |
Nishan Peiris | 10.1 | 0 | 57 | 0 | 5.64 | |
Charith Asalanka | 2 | 0 | 14 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Udara | c Sinethemba Qeshile b M Jansen | 8 | 14 | 2 | 0 | 57.14 |
Minod Bhanuka | c Sinethemba Qeshile b Thando Ntini | 56 | 65 | 8 | 1 | 86.15 |
Pathum Nissanka | lbw b Thando Ntini | 32 | 47 | 5 | 0 | 68.09 |
Charith Asalanka | c Raynard van Tonder b Thando Ntini | 18 | 26 | 2 | 0 | 69.23 |
Promod Maduwantha | c Sinethemba Qeshile b Thando Ntini | 111 | 236 | 9 | 0 | 47.03 |
Jehan Daniel | c Sinethemba Qeshile b M Jansen | 36 | 100 | 5 | 0 | 36.00 |
Kalana Perera | c Jason Smith b Dayyaan Galiem | 17 | 42 | 1 | 1 | 40.48 |
Chamika Karunarathne | c Wandile Makwetu b M Jansen | 53 | 97 | 4 | 0 | 54.64 |
Mohamed Shiraz | c Jason Smith b M Jansen | 23 | 50 | 3 | 0 | 46.00 |
Nishan Peiris | not out | 4 | 8 | 1 | 0 | 50.00 |
Lasith Embuldeniya | c Raynard van Tonder b M Jansen | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 30 (b 12 , lb 4 , nb 11, w 3, pen 0) |
Total | 388/10 (112.5 Overs, RR: 3.44) |
Fall of Wickets | 1-13 (3.3) Lahiru Udara, 2-88 (19.2) Pathum Nissanka, 3-118 (23.4) Minod Bhanuka, 4-128 (25.6) Charith Asalanka, 5-217 (59.4) Jehan Daniel, 6-250 (74.3) Kalana Perera, 7-333 (99.2) Promod Maduwantha, 8-379 (110.1) Chamika Karunarathne, 9-388 (112.2) Mohamed Shiraz, 10-388 (112.5) Lasith Embuldeniya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tladi Bokako | 16 | 1 | 53 | 0 | 3.31 | |
M Jansen | 19.5 | 5 | 69 | 5 | 3.54 | |
Dayyaan Galiem | 21 | 2 | 72 | 1 | 3.43 | |
Thando Ntini | 21 | 5 | 76 | 4 | 3.62 | |
Kyle Simmonds | 29 | 5 | 82 | 0 | 2.83 | |
Jason Smith | 6 | 1 | 21 | 0 | 3.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | c Jehan Daniel b Kalana Perera | 84 | 162 | 6 | 0 | 51.85 |
Wandile Makwetu | lbw b Lasith Embuldeniya | 26 | 63 | 2 | 0 | 41.27 |
Raynard van Tonder | c Lahiru Udara b Lasith Embuldeniya | 31 | 80 | 3 | 0 | 38.75 |
Jason Smith | c Lahiru Udara b Promod Maduwantha | 62 | 130 | 3 | 3 | 47.69 |
Matthew Breetzke | not out | 38 | 89 | 3 | 0 | 42.70 |
Sinethemba Qeshile | c Jehan Daniel b Promod Maduwantha | 1 | 13 | 0 | 0 | 7.69 |
Dayyaan Galiem | not out | 3 | 17 | 0 | 0 | 17.65 |
Extras | 15 (b 1 , lb 0 , nb 14, w 0, pen 0) |
Total | 260/5 (90 Overs, RR: 2.89) |
Fall of Wickets | 1-46 (15.5) Wandile Makwetu, 2-129 (41.4) Raynard van Tonder, 3-185 (59.5) Janneman Malan, 4-245 (80.5) Jason Smith, 5-251 (84.5) Sinethemba Qeshile, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kalana Perera | 15 | 3 | 43 | 1 | 2.87 | |
Lasith Embuldeniya | 34 | 5 | 99 | 2 | 2.91 | |
Mohamed Shiraz | 5 | 1 | 17 | 0 | 3.40 | |
Chamika Karunarathne | 11 | 3 | 42 | 0 | 3.82 | |
Jehan Daniel | 4 | 2 | 7 | 0 | 1.75 | |
Nishan Peiris | 14 | 4 | 31 | 0 | 2.21 | |
Promod Maduwantha | 7 | 0 | 20 | 2 | 2.86 |