සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව සලසා දීම අරමුණු කර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග” වැඩසටහනේ ක්‍රිකට් ගමට සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා යමින් ගමට යන කුසලතා ගවේෂණ වැඩසටහන සැප්තැම්බර් 18 වැනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුනා.
ගරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් මෙම දක්ෂතා ගවේෂණය ආරම්භ වනු ඇත.
මෙහි මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේශණයයි.
- ThePapare Most Popular Schoolboy Cricketer කිරුළ තරිඳු හර්ෂණට
- ශ්‍රී ලංකා යෞවනියන් A කාණ්ඩයෙන් ලෝක කුසලානයට
- 19න් පහළ සුපිරි පළාත් බාලිකා කිරුළ කොළඹ දකුණට
- සදීෂ් සහ පුලිඳු ශතක අතරට; විහාරගෙන් කඩුලු 5ක්
- නේපාල නායකයාට අකරතැබ්බයක්
සමාරම්භක වැඩසටහන යටතේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කර ගනිමින් ඔවුන් අතරින් දක්ෂතමයින් තෝරාගැනීම ලබන 18 වැනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතයි.
අනතුරුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇත.
පළමු අදියර යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන 07ක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කෙරෙන අතර දක්ෂතා ගවේශණයෙන් තෝරා ගන්නා සිසුන් 13න්, 15න්, 17න්, 19න්, 23න් පහළ පිරිමි සහ කාන්තා වශයෙන් කණ්ඩායම් ගතකෙරේ. අනාගත ක්‍රිකට් තරු සොයා දියත් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩසටහනේ පළමු අදියර පහත සඳහන් දින හා ස්ථානවල දී පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<