ක්රිකට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (22) ප්‍රකාශයට පත් කළා.
සුපුරුදු පරිදි චමරි අතපත්තු විසින් නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මෙසේයි;
චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, නිලක්ශි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හන්සිමා කරුණාරත්න, ඉමේශා දුලනි, කාව්‍යා කාවින්දි, ඉනෝශි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි සහ ප්‍රසාදිනී වීරක්කොඩි
- NSL පිටිය අඩු ලකුණුවලට සීමා වූ දවසක්
- ඩිල්ශාන් වෙනුවට Maphaka මුම්බායි සමඟ එක් වෙයි
- නායක කුසල් මෙන්ඩිස්ටත් දඩ සහ දඬුවම් ලකුණු
- ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
- ජනිත්ගේ ශතකය අපතේ යයි; බංග්ලාදේශයට තරගාවලි ජයක්
මෙම සංචිතය දකුණු අප්‍රිකාවේ දී විස්සයි විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගී වීමට නියමිත අතර, ඒ සඳහා ඔවුන් හෙට (23) දිනයේ දී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.
දෙරට අතර තරගාවලිය එළඹෙන 27 වැනි දා ආරම්භ කිරීමට නියමිත අතර අප්‍රේල් මස 17 තෙක් ඔවුන් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<