අයර්ලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

Sri Lanka Women's Tour of Ireland 2024

28
Sri Lanka Women's Tour of Ireland 2024

අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම මාසයේ දී අයර්ලන්තය සමඟ එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 2ක් ඇතුළත් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිත අතර, ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීශා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුශ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞශල්‍යා, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝශි ප්‍රනාන්දු, ශහිනි ගිම්හානි, අමා කාන්චනා සහ කෞශිනී නුත්‍යාංගනා

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය 2022- 2025 ICC කාන්තා ක්‍රිකට් ශූරතාවට අදාළ ව පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට සහභාගී වන සංචිතය එළඹෙන 06 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<