ජපන් ක්‍රිකට් දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය

MOU between SLC & JCA 2024

217
Sri lanka cricket sign

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව ජපන් ක්‍රිකට් ක්‍රීඩාවට සහය වීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය (JCA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, මෙමඟින් ජපාන ක්‍රිකට් සංවර්ධන සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහ සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සිය එකඟතාව පළ කර තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින්, කණ්ඩායම් සහ පුහුණුකරුවන් ජපානය වෙත යැවීමට ද, ජපානයේ දී මෙන්ම ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව ජපන් කණ්ඩායම් සමඟ විස්සයි විස්ස තරගාවලි පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ජපන් ක්‍රීඩකයින්ට LPL කණ්ඩායම් සංචිත සමඟ එක් වී පුහුණු වීම්වල නිරත වීමේ අවස්ථාව ද හිමි කර දීමට මෙයින් එකඟතාව පල කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ JCA විධායක නිලධාරි Naoki Alex Miyaji අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති අතර, ICC පූර්ණ සාමාජික නොවන රටවලට සහය ලබා දීමේ එක් පියවරක් ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මෙම ගිවිසුමට එළඹී ඇත්තේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<