උදාවන දේශීය ක්‍රිකට් වසන්තයට වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකා පළමු පෙළ අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලිය 2019/20

372

ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේ 2019/20 තරගාවලි ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදු කිරීම සඳහා අද (28) දින රැස්වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සාමාජිකයින්ගේ අතිවිශේෂ සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය වී ඇත.

පරණ කෝන්තරයක් නිසා පාකිස්තානයට ක්‍රිකට් බඩු නැති වෙන්න යයි

මීට පෙර මෙම ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14 වැනිදා සිට ආරම්භ වීමට තිබූ නමුත් සිදු කරන ලද වෙනස්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් අතිවිශේෂ සභා රැස්වීමේ දී සම්මත කරගෙන, ව්‍යවස්ථාවට අනුව සිදු කිරීමට තිබෙන අවශ්‍යතාවය නිසාවෙන් නැවත වතාවක් තරගාවලිය සති කිහිපයකින් කල් දැමුණි. ඒ අනුව කල් දැමුණු තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට නැවත ආරම්භ වන්නේ නව කොරෝනා වසංගතයට පසුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු ප්‍රධාන ක්‍රීඩා තරග ඉසව්ව බවට පත්වෙමිනි. 

අදාළ නව සංශෝධනවලට අනුව සිව්දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල තෙදින තරග වශයෙන් පැවැත්වීම මෙන්ම, මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම්වලට එම කාණ්ඩයේ උසස්වීම් ලබා දීම හෝ පහත දැමීම් අවලංගු කිරීමට ද අද රැස්වුනු අතිවිශේෂ සභා රැස්වීමේ දී තීරණය කර ඇත. තවද අදාළ තීරණය 2019/20 තරග වාරයට පමණක් වලංගු වේ. 

Major Tier A ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් වන විට A සහ B යන කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකේ කණ්ඩායම් 8ක් ශූරතාව සඳහා සටන් වදිමින් ඉදිරියට යන්නේ සුපිරි 8 තරග වටය හරහායි. අනෙක් කණ්ඩායම් 6 පළඟ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇත.  

පසුගිය වසරේ ශූරතාව දිනා ගත් CCC කණ්ඩායම A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් මූලික වටය අවසන් කළ අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය එහි දෙවන ස්ථානය දිනා ගන්නා විට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් ඉදිරියේ සිටියි. 

තිතටම No-ball අල්ලන්න ICCයෙන් අලුත් වැඩක්!

මෙතෙක් කාලයක් පැවති තරග සම්ප්‍රදාය අනුව තරගාවලියේ මූලික වටය තෙදින තරග ලෙස පවත්වා සුපිරි 8 වටයේ සිට අවසන් මහා තරගය දක්වා තරග සියල්ලම සිව්දින තරග ලෙස පැවැත්වූ නමුත්, නව කොරෝනා වසංගත තත්වය නිසාවෙන් සුපිරි 8 වටයේ තරග සියල්ලම තෙදින තරග ලෙස පැවැත්වීමට සංවිධායක කමිටුවට සිදුව ඇත.

එසේම එළඹෙන මාසයේ (අගෝස්තු 5) දී පාර්ලිමේන්තු මැතිවරණය ද පැවැත්වෙන නිසාවෙන් එම සතිය තුළ ද තරග පැවැත්වීමට අවස්ථාව නොලැබෙනු ඇත. පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරග සියල්ලම සාමාන්‍ය පරිදි තෙදින තරග ලෙස පැවැත්වේ. 

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුළ තිබෙන තරගකාරීත්වය සහ ගුණාත්මක බව වැඩි කිරීම වෙනුවෙන් Tier A කොටසේ තරග වදිනු ලබන කණ්ඩායම් 14 එළඹෙන තරග වාරයේ සිට කණ්ඩායම් 12ක් දක්වා අඩු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටින බව ද වාර්තා වේ. 

Tier B ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් බොහෝමයක විදෙස් ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන් බොහෝමයක් දෙනා මේ වන විට ශ්‍රී ලංකාව තුළ නොසිටීම නිසාවෙන් Tier B ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට තරග සංවිධායක කමිටුවට අවස්ථාවක් ලැබී නොමැත. ඒ නිසාවෙන් එම තරගාවලිය අවසන් වීම සඳහා තවත් මාස 2-3ක කාලයක් ගත වීමට වැඩි ඉඩක් තිබේ. 

තරග කාලසටහන 

  • Super Eight Fixtures
Dates Match Venue
10-11-12 August CCC vs Ragama CC MCG Katunayake
Colts CC vs Saracens SC P. Sara Oval
Army SC vs NCC SSC
BRC vs Chilaw Marians CC CCC
15-16-17 August CCC vs Saracens SC SSC
Colts CC vs Ragama CC CCC
Army SC vs Chilaw Marians CC P. Sara Oval
BRC vs NCC MCG Katunayake
20-21-22 August CCC vs NCC P. Sara Oval
Colts CC vs Chilaw Marians CC SSC
Army SC vs Ragama CC CCC
BRC vs Saracens SC MCG Katunayake
25-26-27 August CCC vs Chilaw Marians CC SSC
Colts CC vs NCC CCC
Army SC vs Saracens SC MCG Katunayake
BRC vs Ragama CC P. Sara Oval
  • Plate Fixtures
Dates Match Venue
10-11-12 August Negombo CC vs Lankan CC Moratuwa Stadium
SSC vs Tamil Union C & AC NCC
Moors SC vs Badureliya CC Colts Grounds
16-17-18 August Negombo CC vs Badureliya CC NCC
SSC vs Lankan CC Colts Grounds
Moors SC vs Tamil Union C & AC Moratuwa Stadium
22-23-24 August Negombo CC vs Tamil Union C & AC Colts Grounds
SSC vs Badureliya CC Moratuwa Stadium
Moors SC vs Lankan CC NCC

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<