ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ම වෙන් වුනු විශේෂ Mobile App එකක් එළිදක්වා තිබෙනවා.
මෙම යෙදවුම (App) මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ ඉතා ඉක්මනින් යාවත්කාලීන වීමට ප්‍රේක්ෂකයින් හට හැකියාව ලැබෙන අතර, මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සහ සංචිත තොරතුරු, තරග කාලසටහන්, විශේෂ තරග අවස්ථා (Match Highlights), තරග විස්තර විචාර වැනි අංශ රැසක් ආවරණය වනු ඇති.
Sri Lanka Cricket Live ලෙස සඳහන් වන මෙම යෙදවුම දැන් Google Play store සහ Apple App Store හරහා බාගත කළ හැකි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
යෙදවුමේ ඇති විශේෂ යෙදවීම්:
Live Score – පන්දුවෙන් පන්දුව යාවත්කාලීන වන ලකුණු සටහන සහ තරග විස්තර
Live Streaming – තෝරා ගත් තරග සජීවී විකාශය කිරීම
Match Highlights – තරගවල විශේෂ අවස්ථා
Schedule & Results – තරග කාලසටහන් සහ තරග තොරතුරු
Notifications – විශේෂ පුවත්, තරග විස්තර වැනි දෑ පිළිබඳ ක්ෂණික යාවත්කාලීන කිරීම්
මෙම යෙදවුම බාගත කිරීමට – https://srilankacricket.lk/mobile-app/
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<