ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනේ එක් අදියරක් වන පාසල් ක්‍රිකට් නැංවීම වෙනුවෙන් සඳහා වන ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදා දීමේ සමාරම්භක අවස්ථාව 2022 ජනවාරි 28 වැනි දින ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන කනිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ බාලක වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන පාසල් 650ක් සඳහා මෙම උපකරණ බෙදා දීම අද දින සිදු කෙරිණ.
එහි පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් 66ක් සඳහා මෙම උපකරණ බෙදා දීම සිදු විය. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 50කට ද මෙම ක්‍රීඩා උපකරණ කට්ටලය පිරිනැමෙනු ඇත.
ක්‍රිකට් පිති 3ක්, හිස් ආවරණ 2ක්, පා ආවරණ කට්ටල 3ක්, අත් ආවරණ කට්ටල 3ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් බෙදා දෙන ලද පාසල් උපකරණ බෑගයට ඇතුළත් විය.
- සුපිරි සටනක් දුන් ශ්‍රී ලංකා යෞවනයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙයි
- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාලසටහන
- චරිත් සහ කමිඳුගෙන් නායකත්වයේ ජයග්‍රාහී ඉනිම්
- 15න් පහළ පාසල් ක්‍රිකට් පිටියෙන් විශ්මිත ලකුණු සටහනක්
- ඕස්ට්‍රේලියානු සංචාරයටත් ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් නෑ
අදින් ආරම්භ වූ මෙම ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කිරීමට ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදා දීමට අමතරව ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පියවර ගනු ඇත.
“ශම්මි සිල්වා මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පාසල් අංශය, පුහුණු අංශය, පරිපාලනය අංශය ඉතාමත් හොඳට කරගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීමේ වැඩපිළිවෙළට විශාල සහයෝගයක් ලබා දෙනවා. මං හිතන්නේ ඒ ප්‍රතිඵල තමයි අද ජයග්‍රහණවලට යන්න පුළුවන් මාවත අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ”, යැයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.
ඒ මහතා එසේ පවසන අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ගරු ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ තිලක් වත්තුහේවා මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා ද ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියහ.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා සහ විධායක කමිටු සාමාජිකයකු වන සමන්ත දොඩන්වල මහතා සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු වන ඔෂාර පණ්ඩිතරත්න යන මහත්වරු ද මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාවට යන මහත්වරු ද මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාවට සහභාගි වූහ.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<