ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථා වෙනසක්

75
Sri Lanka Cricket Implements Historic Amendments

ඊයේ (20) පැවැත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලකිය යුතු අන්දමේ ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙහි සිදු වී ඇති කැපී පෙනෙන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස මුලු ඡන්ද සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීම හඳුන්වාදිය හැකි.

නව ඡන්ද ක්‍රමය අනුව ඡන්ද අයිතිය තීරණය කරනු ලබන්නේ එක් එක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරන මට්ටම් (Level) අනුව වන අතර, එක් ක්‍රීඩා සමාජයකට එක් ඡන්දයක් පමණක් හිමි වීමට නියමිතයි.

එමෙන්ම මූල්‍යමය විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා විගණන, අයවැය සහ ආයෝජන කමිටු පිහිටුවීමට ද මෙහි දී තීරණය කර තිබෙනවා.

මෙම තීරණ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තවදුරටත් වර්ධන ය වීම මෙන්ම, විනිවිදභාවයෙන් යුතුව අනාගතය කරා ශක්තිමත් ලෙස යොමු වනු ඇතැයි ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කරනවා.

එමෙන්ම මෙහි දී විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත නිලවරණ කමිටුවක් ද නම් කර ඇති අතර, 2025 වසරේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කටයුතු මෙම කමිටුව විසින් අධීක්ෂණය කිරීමට නියමිතයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<