බෝවෙන රෝගවලින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කට්ටල මිල දී ගැනීමට රු. මිලියන 13.43ක මුදලක් මෙරට සෞඛ්‍ය අංශය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
පිරිනමන ලද මුදලින් මිලියන 9.73ක්, කොළඹ ජාතික බෝවෙන රෝග පිළිබඳ ආයතනයට (IDH) අවශ්‍ය ලීටර 3000ක ධාරිතාවයකින් යුත් ක්‍රියෝජනික් දියර ඔක්සිජන් බහාලනයක් (Cryogenic Liquid Oxygen Tank) ස්ථාපනය කිරීම වෙනුවෙන් ද, රුපියල් මිලියන 3.7ක මුදලක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශ්වසන පහසු කිරීමේ ස්ථාවර යන්ත්‍රයක් හෙවත් ‘Fixed Ventilator’ මිල දී ගැනීම සඳහා ද භාවිතා කෙරෙනු ඇත.
- එංගලන්තය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවලට තිත තබයි
- කොළඹ LPL කණ්ඩායමට නව හිමිකරුවෙක්!
- එංගලන්ත අපරාජිත ගමන නිමා කරන්නට ශ්‍රී ලංකාව සූදානමින්
- නවසීලන්තයෙන් ඉන්දියාවට වාර්තාගත පරාජයක්
මෙම මූල්‍ය ප්‍රධානය ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චින්තා සුභාෂිණී සූරියආරච්චි සහ කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පරිත්‍යාග කමිටුවේ සභාපති වෛද්‍ය රුවන්ති පෙරේරා යන මහත්මීන් වෙත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රදානය කරන ලදී.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මේජර් ටනේෂ් බී. ඩයස් යන මහත්වරුන් සහභාගි විය. මීට අමතරව කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලසිත මලලසේකර සහ එම රෝහලේ වෛද්‍ය චූලා සේනාරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් වූ සමාජ වගකීම් අඛණ්ඩව ඉටු කිරීමේ උදාරතර පරමාර්ථය පෙර දැරි කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම ප්‍රදානය සඳහා අනුමැතිය ලබාඉදීමට පියවර ගනු ලැබිය. මෙම පරිත්‍යාගය අදාළ ආයතන වෙත පිරිනැමීම ඉකුත් චා අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණ.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<