පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්

38
schools cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින ක්‍රිකට් තරග වෙනුවට තෙදින ක්‍රිකට් තරග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග 28ක් තෙදින තරග ලෙස පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර, මීට පෙර මහා ක්‍රිකට් තරග අතරින් තෙදින තරග ලෙස ක්‍රියාත්මක වුනේ තරග තුනක් පමණයි. ඒ අනුව පාසල් 56ක් මෙම නව තෙදින තරග ආකෘතිය යටතේ තම මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරනු ඇති.

පාසල් ක්‍රිකට් සංගමය සහ එක්ව තරුණ ක්‍රීඩකයින්ට තම දක්ෂතා වර්ධනය කර ගනිමින් පළමු පෙළ මට්ටමට මෙන්ම, ජාත්‍යන්තර මට්ටමට ද පිවිසීම පහසු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

එමෙන්ම මෙම තෙදින තරග ආකෘතිය 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට ද රැගෙන විත් ඇති අතර, ඒ අනුව Tier A සහ B කාණ්ඩවල පිළිමළුන් පිටු දැකීමේ තරග සියල්ල ද තෙදින තරග ආකෘතිය යටතේයි ක්‍රියාත්මක වන්නේ.

එක් වසරක දී වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ පාසල් ක්‍රිකට් තරග 6800කට වඩා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් මෙම තරග වෙනුවෙන් ආයෝජනය කරමින් දේශීය ක්‍රිකට් අනාගතය පෝෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තෙදින මහා ක්‍රිකට් තරග සඳහා අවස්ථාව හිමි වන පාසල් 56 මෙසේයි;

  1. S. Thomas’ College, Mt. Lavinia
  2. Trinity College, Kandy
  3. St. Sebastian’s College, Moratuwa
  4. D. S. Senanayake College, Colombo
  5. Royal college, Colombo
  6. St. Anthony’s College, Kandy
  7. Prince of Wales College, Moratuwa
  8. St. Servatius’ College, Matara
  9. Mahanama College, Colombo
  10. Richmond College, Galle
  11. Gurukula College, Kelaniya
  12. Nalanda College, Colombo
  13. Maliyadeva College, Kurunegala
  14. St. Peter’s College, Colombo
  15. St. Joseph’s College, Colombo
  16. St. Thomas’ College, Matara
  17. Mahinda College, Galle
  18. Ananda College, Colombo
  19. St. Anne’s College, Kurunegala
  20. Moratu Maha Vidyalaya
  21. Thurstan College, Colombo
  22. Dharmaraja College, Kandy
  23. St. Sebastian’s Central College, Katuneriya
  24. Devapathiraja College, Rathgama
  25. Sri Sumangala College, Panadura
  26. Isipathana College, Colombo
  27. Sri Dharmaloka College, Kelaniya
  28. St. Peter’s College, Negombo
  29. Dharmapala College, Pannipitiya
  30. St. John’s College, Jaffna
  31. Rahula College, Matara
  32. Kingswood College, Kandy
  33. P De S Kularathne College, Ambalangoda
  34. Kegalu Vidyalaya, Kegalle
  35. CMS Sri Jayawardhanapura MV, Kotte
  36. Anuradhapura Central College
  37. Jaffna Central College
  38. St. Mary’s College, Kegalle
  39. St. Thomas’ College, Kotte
  40. Royal Central College, Polonnaruwa
  41. Sri Rahula College, Katugasthota
  42. Sir John Kothalawala College, Kurunegala
  43. Maliyadeva Model School, Kurunegala
  44. Prince College, Ratnapura
  45. Sri Sumangala College, Kandy
  46. Wayamba Royal College, Kurunegala
  47. Ibbagamuwa Central College
  48. St. Aloysius’ College, Ratnapura
  49. St. Patrick’s College, Jaffna
  50. Mahinda Rajapaksha College, Homagama
  51. Wickramashila National School, Giriulla
  52. Jaffna College, Vaddukoddai
  53. Defense Service College, Colombo
  54. D.S. Senanayaka Central College, Mirigama
  55. Holy Trinity College, Nuwara Eliya
  56. Gamini National School, Nuwara Eliya

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<