ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව තාක්ෂණික කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
මෙම තාක්ෂණික කමිටුවේ සභාපති ධුරය සඳහා බන්දුල දිසානායක මහතා පත් කර තිබෙන අතර ටිරෝන් විජේවර්ධන මහතා සාමාජිකයෙකු මෙන්ම ලේකම් ලෙස කටයුතු කරනවා.
- මිශාර, දමිත, චමෝද්, දිනුක සහ ලසඳගෙන් වැඩි දස්කම්
- අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි
- මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දිනය තීන්දුයි
එමෙන්ම තරගාවලිය සඳහා නම් කළ මෙම තාක්ෂණික කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන සහ ශේන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුගමනය කරමින් සහ ඒවාට යටත්ව මෙම තරගාවලිය පැවැත්වීමට සහතික කිරීම මෙම තාක්ෂණික කමිටුවේ කාර්යභාරය වෙනවා.
නව තාක්ෂණික කමිටුව,
- බන්දුල දිසානායක – සභාපති
- ශේන් ප්‍රනාන්දු – සාමාජික
- තරංග පරණවිතාන – සාමාජික
- ටිරෝන් විජේවර්ධන – ලේකම්
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සහ තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<