ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 12 වැනිදා සිට 24 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ නිල කාලසටහන සහ තරග වදිනු ලබන කණ්ඩායම් 4 නිල සංචිත අද (4) ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.
එළඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය (සැප්තැම්බර් 2-14) සහ ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට (ඔක්තෝම්බර් 17– නොවැම්බර් 14) පෙර සූදානම් වීමේ පියවරක් ලෙස මේ ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
නිල් (Blues), කොළ (Greens), රතු (Reds) සහ අළු (Greys) වශයෙන් කණ්ඩායම් 4ක් මේ තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායම්වල නායකයින් ලෙස පිළිවෙළින් ධනංජය ද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක කටයුතු කිරීමට නියමිතයි.
තවත් ක්‍රිකට් පුවත්:
- ශ්‍රී ලංකාවේ අතේ තිබුණු ජයග්‍රහණය Chahar උදුරා ගනී
- ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි
- අර්ජුනගේ ‘දෙවන පෙළ’ ප්‍රකාශයට Chopraගෙන් සැර පිළිතුරක්!
- ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රීඩකයෙක් බිහි කළ වටිනා කාසි 13
තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත. මේ තරගාවලිය සඳහා සම්පූර්ණ තරග 13ක් ඇතුළත් වෙනවා.
SLC Blues කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා වෙත ලබා දී තිබෙන අතර එහි උප නායකත්වය ඇන්ජලෝ පෙරේරා වෙත ලබා දී තිබෙනවා. එසේම ශ්‍රී ලංකා නව විස්සයි විස්ස සහ එක්දින නායක දසුන් ශානක SLC Greys කණ්ඩායම මෙහෙය වීමට නියමිත අතර ඔහුගේ සහාය සඳහා චරිත් අසලංක එහි උප නායකයා ලෙස පත් කර තිබෙනවා.
එසේම අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරනු ලබන SLC Greens කණ්ඩායමේ උප නායකත්වය කමිඳු මෙන්ඩිස් වෙත ලබා දී තිබෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් SLC Reds කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. එම කණ්ඩායමේ උප නායකත්වයේ වගකීම ලබා දී තිබෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු වෙතයි.
මෑත කාලයේ ඉතාමත් හොඳින් දස්කම් අතර සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සඳහා යම් විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබීම ඉතාමත් සුවිශේෂී වනවා.
එසේම කුසල් ජනිත් පෙරේරා, කසුන් රාජිත යන ක්‍රීඩකයින්ගේ ආබාධ තවමත් සුවවී නොමැති නිසාවෙන් ඔවුන් මේ සංචිත සඳහා ඇතුළත් කර නොමැති අතර ශ්‍රී ලංකා හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් මේ තේරීම් කටයුතු සඳහා සලකා බලා නැහැ.
තරගාවලියේ සියලුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව.2.30ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00ට ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකාවේ ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනට අනුව වැදගත් තරගාවලි කීපයක්ම පැවැත්වීමට නියමිතයි. එබැවින් ඊට අවශ්‍ය තරග පුහුණුව ලබා දීම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී තරග වැදීමට අවස්ථාවක් නොලැබුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීම අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙවැනි ආකාරයේ තරගාවලියක් පැවැත්වීමට තීරණය කළ බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියා.
තරග වදිනු ලබන සංචිතයන්,
SLC Blues – Dhananjaya De Silva (Captain), Angelo Perera (Vice-Captain), Sadeera Samarawickrama, Nishan Madushka, Ashan Randika, Himasha Liyanage, Pawan Rathnayake, Ashen Bandara, Sahan Arachchige, Lahiru Samarakoon, Dhananjaya Lakshan, Suranga Lakmal, Kalana Perera, Dilshan Madushanka, Shiran Fernando, Praveen Jayawickrama, Maheesh Theekshana, Sachindu Colombage
SLC Greens – Ashan Priyanjan (Captain), Kamindu Mendis (Vice-Captain), Lahiru Udara, Mahela Udawatte, Krishan Sanjula, Pathum Nissanka, Saminda Fernando, Kamil Mishara, Sammu Ashan, Ramesh Mendis, Suminda Lakshan, Ishan Jayaratne, Lahiru Kumara, Vishwa Fernando, Nuwan Thushara, Lahiru Gamage, Lasith Embuldeniya, Lakshan Sandakan
SLC Reds – Dinesh Chandimal (Captain), Avishka Fernando (Vice-Captain), Nipun Dananjaya, Sandun Weerakkody, Oshada Fernando, Muditha Lakshan, Asela Gunaratne, Lasith Abeyratne, Seekkuge Prasanna, Chamika Karunaratne, Jehan Daniel, Santhush Gunathilaka, Binura Fernando, Mohammad Shiraz, Asitha Fernando, Himesh Ramanayake, Nimesh Vimukthi, Akila Dananjaya
SLC Greys – Dasun Shanaka (Captain), Charith Asalanka (Vice-Captain), Minod Bhanuka, Lasith Crosspulle, Sangeeth Cooray, Bhanuka Rajapaksa, Nuwanidu Fernando, Chathuranga De Silva, Lahiru Madushanka, Milinda Siriwardena, Koshan Jayawickrama, Udith Madushan, Nuwan Pradeep, Chamika Gunasekara, Matheesha Pathirana, Pulina Tharanga, Ashain Daniel, Prabath Jayasuriya
තරගාවලියේ තරග කාලසටහන
අගෝස්තු 12
- Greys vs Greens – 2.30pm
- Blues vs Reds – 7.00pm
අගෝස්තු 14
- Reds vs Greys – 2.30pm
- Blues vs Greens – 7.00pm
අගෝස්තු 16
- Reds vs Greens – 2.30pm
- Blues vs Greys – 7.00pm
අගෝස්තු 18
- Reds vs Blues – 2.30pm
- Greens vs Greys – 7.00pm
අගෝස්තු 20
- Greens vs Blues – 2.30pm
- Greys vs Reds – 7.00pm
අගෝස්තු 22
- Greys vs Blues – 2.30pm
- Greens vs Reds – 7.00pm
අගෝස්තු 24
- අවසන් මහා තරගය – 7.00pm
මේ තරගාවලියේ තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<