ගුණරත්න නැවතත් කරළියට එද්දී ධනංජයට නායකත්වය

2757

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දැකුම්කළු මැදපෙළ පිතිකරුවෙක් වන ධනංජය ද සිල්වා හට පැවරී ඇත.

දොළොස් වසරක ඉතිහාසය අලුත් කරමින් තරගාවලියේ ජය සිංහයින්ට

පසුගිය 20 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන හා අවසන්..

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන මේ පුහුණු ක්‍රිකට් තරගය මේ මස 26 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වේ.

නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරග දෙකේම වීරයා වූ එසේම තරගාවලියේ වීරයා වූ දිමුත් කරුණාරත්න ද මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ  කණ්ඩායම සඳහා නම් කර ඇති අතර අමතරව ඩෙංගු උණ රෝගය වැලඳී මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින මැදපෙළ පිතිකරුවෙක් වන අසේල ගුණරත්න ද මේ කණ්ඩායමට කැඳවා ඇත.

එසේම ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් කළ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක හා ෂෙහාන් ජයසූරිය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වදින මේ කණ්ඩායමට ඇතුලත් කර ඇත. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තවමත් වරම් දිනා නොගත් ප්‍රභාත් ජයසූරිය, පිට දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් හා කඩුලු රකින පිතිකරුවෙක් වන මිනෝද් භානුක හට ජාතික කණ්ඩායමට දොරටු විවර කරගැනීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම  – ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්.

අතිරේක ක්‍රීඩකයින් – ලහිරු මිලන්ත, ලසිත් ඇඹුල්දෙනිය, ශෙහාන් මධුසංක.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට්  තරගාවලියේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ලබන 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <