ඉරානය පරදවමින් ශ්‍රී ලංකාවට ප්‍රබල ජයක්

Central Asian Volleyball Championship 2024

185

පාකිස්තානයේ පැවැත්වෙන Central Asian Volleyball Championship 2024 තරගාවලියේ මූලික වටයේ ප්‍රබල ඉරානය සමඟ පැවති තරගය වට 3-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. 

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදී ඉරාන කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ පළමු වටය 25 – 22ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර දෙවැනි වටය 25 – 17ක් සහ 25 – 21ක් ලෙස ජයග්‍රහණය කළා. 

වර්තමාන වොලිබෝල් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 60 වැනි ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වූ ඉරාන කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ 15 වැනි ස්ථානයේ පසු වීම විශේෂත්වයක්.  

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර ඔවුන් මීට පෙර තරගයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබුවා.  

ඉරානය හමුවේ ප්‍රබල ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මීළඟ තරගය සඳහා හෙට (16) තුර්කිමේනිස්ථානයට එරෙහිව තරග වැදීමට නියමිතයි.  

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සූදානම්, රැඳී සිටින්න අප සමඟ. 

>>තවත්වොලිබෝල්පුවත්සඳහාපිවිසෙන්න<<