ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම් පොදුරාජ්‍ය මණ්ඩලීය වරම් ලබයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 - ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරග

311

ඊයේ (18) සහ අද (19) මීගමුව වෙරළ තීරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

ඒ අනුව අපරාජිතව තරගාවලිය ජයග්‍රහණය කරමින් වෙරළ වොලිබෝල් ඉසව්වෙන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම්වලට හැකි වීම විශේෂත්වයක්.

පිරිමි කණ්ඩායම නියෝජනය කරමින් අශේන් රශ්මික සහ මලින්ද යාපා තරග බිමට පිවිසි අතර ඔවුන් අවසන් තරගයේ දී මාලදිවයින් ක්‍රීඩකයින් තරග වට 2-0ක් (21-13 සහ 21-13) ලෙස පරාජය කළා.

චතුරිකා මදුශානි සහ දීපිකා බණ්ඩාර කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු අතර අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ තරග වට 2-0ක් (21-18 සහ 22-20) ලෙස පරාජය වුනේ සිංගප්පූරු කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරගාවලියේ සහභාගී වූ තරගවල ප්‍රතිඵල,

පිරිමි කණ්ඩායම

  • 2-0 (21:16, 21:15) vs Malaysia
  • 2-0 (21:18, 21:15) vs Maldives
  • 2-0 (21:10, 21:16) vs Singapore
  • Final | 2-0 (21:13, 21:13) vs Maldives

කාන්තා කණ්ඩායම

  • 2-1 (15:21, 22:20, 15:10) vs Malaysia
  • 2-1 (14:21, 21:18, 15:12) vs Singapore
  • Final | 2-0 (21-18, 22-20) vs Singapore

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<