බැඩ්මින්ටන් වලින් 16ක් SAG වලට

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - බැඩ්මින්ටන්

195

ලබන මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත, 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග සඳහා සහභාගී වන 16 දෙදෙනෙකුගෙන් යුතු සංචිතය නම් කර ඇත.   

මේසපන්දුවට අලුත් පුහුණුකරුවෙක්

එළඹෙන දෙසැම්බර් මාසයේ දී නේපාලයේ කත්මන්ඩු හිදී ……..

වත්මන් ජාතික ශූරයින් වන දිනූක කරුණාරත්න සහ තිළිණි හේන්දහේවා පිළිවෙළින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් හි නායකත්වය සඳහා තෝරාපත් කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිටින දෙස් විදෙස් අත්දැකීම් බහුල ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ආබාධයක් නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී නොවීම කනගාටුවට කරුණකි. කෙසේ නමුත් ඔහුගේ සහෝදරයා වන දිනූක සිය සොයුරාගේ අඩුව පුරවනු ඇති. 

පසුගිය වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී යුගල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පදක්කමක් දිනා දීමට සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන බුවනෙක ගුණතිලක සහ සචින් පීරිස් දෙදෙනා ද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන සංචිතයට ඇතුළත්. 

ශ්‍රී ලංකාවේ දැනට සිටින හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩකයින් අතරින් දෙවැනි තැන පසුවන රන්තුෂ්ක සසිඳු ද ශ්‍රී ලංකා නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වන අතර ඔහුට අමතරව ලෝචන ද සිල්වා, මදුක දුලංජන, ක්‍රිෂාන් දනුෂ්ක සහ හසිත චානක ද සංචිතයේ 8 දෙනා අතරට ඇතුළත්.

කාන්තා කණ්ඩායමේ නායකත්වය දරණ තිළිණි හෙන්දහේවාට අමතරව අචිනි රත්නසිරි, දිල්මි ඩයස්, කාවින්දි ඉෂාදිකා, උපුල් සමන්තිලක, කාවින්දි බිනාරි, හසාරා විජේරත්න සහ හසිනි අම්බලංගොඩ කාන්තා සංචිතය නියෝජනය කරයි. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<