මෙම වසරේ ජාතික මලල ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත ප්‍රධානතම තරගාවලියක් වන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පෙර සැලසුම් කළ පරිදීම පැවැත්වීමට සූදානම් බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරනවා.
කෙසේ නමුත් මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ විශේෂ උත්සවය දින නියමයකින් තොරව කල්දැමීමට තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික මලල ක්‍රීඩා සංගමය සඳහන් කර තිබුණේ අප්‍රේල් 07 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර උළෙල දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ නමුත් ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සැලසුම් කළ පරිදි පවත්වන බවයි.
- 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට විදෙස් ක්‍රීඩකයින්ට ඇරයුම්
- Mondo Duplantis නැවතත් ලෝක වාර්තාව අලුත් කරයි
- උෂාන් සහ ධනුෂ්කගෙන් නැවතත් ඉහළ දස්කම්
- ධනුෂ්ක වසර 27ක වාර්තාවක් බිඳ හෙළයි
ඒ අනුව 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අප්‍රේල් 08, 09 සහ 10 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය වන අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් හට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ආරාධනා කර තිබුණා.
ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<