ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව 1937 වසරේ දී පිහිටවනු ලැබූ අතර එම වසරේ දී ම එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගන්නා ලදි. නමුත් ශ්‍රී ලංකාවට පළමු වරට ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට ලැබෙන්නේ 1948 වසරේ දී.
එතැන් සිට 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් උළෙල 18ක් නියෝජන කරනවා. 1976 දී පමණක් ඔලිම්පික් නියෝජනය සඳහා මෙරටින් කිසිදු ක්‍රීඩකයෙක් සමත් වෙන්නේ නැහැ.
ලෝකයක් දෑස් දල්වා බලා සිටින මේ ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවයි මේ.
1948 ගිම්හාන ඔලිම්පික් උළෙල – ලන්ඩන්
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | ජෝන් ද සේරම් | 19 | මීටර් 200 සහ මීටර් 400 |
ජී. ඩී. පීරිස් | 28 | දුර පැනිම සහ තුන් පිම්ම | |
ඩන්කන් වයිට් | 30 | මීටර් 400 කඩුලු පැනිම | |
බොක්සිං | Eddie Gray | 29 | 62 Kg අඩු Lightweight |
ලෙස්ලි හඳුන්ගේ | 27 | 51 Kg අඩු Flyweight | |
ඇලෙක්ස් ඔබේසේකර | 30 | 67 Kg අඩු Welterweight | |
ඇල්බර්ට් පෙරේරා | 54 Kg අඩු Bantamweight |
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු ඔලිම්පික් උළෙල මෙයයි. එකල අපේ රට සිලෝන් ලෙසින් හැඳින්වූ බැවින් ඔලිම්පික් කේතය ලෙසින් භාවිතා වූයේ CEY ලෙසයි.
සිලෝන් නාමය පළමු වරට ඔලිම්පික් ඉතිහාසයේ ලියැවෙද්දී පළමු පදක්කම ද එහි දී වාර්තා කිරීමට අපට හැකි වෙනවා. ඒ මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වට සහභාගී වූ ඩන්කන් වයිට් දිනා ගත් රිදී පදක්කමත් සමඟයි. 1952 ගිම්හාන ඔලිම්පික් උළෙල – Helsinki
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | නාගලිංගම් එදිරිවීරසිංහම් | 17 | උස පැනීම |
බොක්සිං | ලෙස්ලි හඳුන්ගේ | 31 | 51 Kg අඩු Flyweight |
බැසිල් හෙන්රිකස් | 29 | 62 g අඩු Lightweight | |
Diving | Allan Smith | 23 | Men’s 3 meter springboard |
පිහිනුම් | Geoffrey Marks | 20 |
එවකට අවුරුදු 17කුත් දින 331ක් වූ නාගලිංගම් එදිරිවීරසිංහම් ඔලිම්පික් තරගාවලියක් නියෝජය කළ මෙරට ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙනවා.
1956 ගිම්හාන ඔලිම්පික් – මෙල්බර්න්
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | නාගලිංගම් එදිරිවීරසිංහම් | 22 | උස පැනීම |
බොක්සිං | චන්ද්‍රසේන ජයසූරිය | 22 | 60 Kg අඩු Lightweight |
හෙන්රි ජයසූරිය | 26 | 54 Kg අඩු Bantamweight |
නාගලිංගම් එදිරිවීරසිංහම් මෙවර ද ක්‍රීඩා උළෙලට එක් වෙමින් උස පැනීමේ ඉසව්වෙන් පළමු වටයේ දී මීටර් 1.92ක් උස පනිමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබනවා. අවසන් වටයේ දී ඔහුගේ දක්ෂතාව වන්නේ 1.86ක්. හිමි වූ ස්ථානය 21.
මේ උළෙලේ දී බොක්සිං තරගාවලිය නියෝජනය කළ චන්ද්‍රසේන ජයසූරිය සහ හෙන්රි ජයසූරිය ඥාති සහෝදරයන් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එතෙක් මෙතෙක් ඔලිම්පික් නියෝජනය කළ ඥාති සහෝදරයන් ලෙසින් ජයසූරිය යුගලය පත් වෙනවා.
1960 ගිම්හාන ඔලිම්පික් උළෙල – Rome
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | Linus Diaz | 26 | මැරතන් |
බොක්සිං | ධර්මසිරි වීරකෝන් | 21 | 67 Kg අඩු Welterweight |
සුමිත් මොහාන්දාස් ලියනගේ | 24 | 57 Kg අඩු Featherweight | |
Cycling | Maurice Coomarawel | 20 | Individual Road Race |
පිහිනුම් | Tony Williams | 21 | Men’s 200m Breastroke |
1964 ගිම්හාන ඔලිම්පික් උළෙල – ටෝකියෝ
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගිත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | කරුණාදාස රණතුංග | 28 | මීටර් 10 000 |
බොක්සිං | Malcolm Bulner | 20 | 67 Kg අඩු Welterweight |
Winston Van Cuylenburg | 21 | 60 Kg අඩු Lightweight | |
වෙඩි තැබීම | රවී ජයවර්ධන | 28 | 50m Rifle & Prone |
හබරකඩගේ පෙරේරා | 32 | 50m Rifle & Prone | |
මල්ලව පොර | අර්නස්ට් ප්‍රනාන්දු | 25 | Freestyle Flyweight |
මෙම ක්‍රීඩා උළෙලේ දී කාගේත් කතා බහට ලක් වූ ශ්‍රී ලාංකීය චරිතයක් බවට පත් වීමට කරුණාදාස රණතුංග සමත් වුනා. ඉසව්වේ පළමු වැනියා වෙමින් රන් පදක්කම දිනා ගත් ඇමෙරිකාවේ Billy Mills විනාඩි 28:24.4කින් තරගයට අවසන් කරන විට කරුණාදාස රණතුංග විනාඩි 32:21.2කින් තරගය අවසන් කළේ ඉසව්වේ අන්තිමයා වෙමින්.
ඔහුට පිටුපසින් තවත් ක්‍රීඩකයන් 9 දෙනෙක් සිටියත් ඔවුන් නියත පරාජය දැන තරගයෙන් ඉවත් වූවා. නමුත් ඉසව්වේ අවසන් මීටර් 1600 කරුණාදාස තනිව දිව්වා. පළමුව ප්‍රේක්ෂකයන් හු හඬ මධ්‍යයේ දිව්වත්, කරුණාදාස තරගය අවසන් කරන විට මුළු ප්‍රේක්ෂකාගාරයේ සිටි සියල්ලෝ ම හිඳ සිටි අසුන්වලින් නැගිට අත්පොලසන් නාද දෙමින් කරුණාදාසට සුබ පැතුවා.
තරගයක දී “ජයග්‍රහණයට වඩා සහභාගීත්වය” උතුම් බැව් ලෝකයට පෙන්වූ කරුණාදාසගේ ඒ කතාව අදටත් ජපානයේ පාසල් පෙළ පොතකට ද ඇතුලත් ව තිබෙනවා.
එමෙන් ම මෙම ඔලිම්පික් උළෙලේ දී පසුකාලයේ ජනාධිපතිවරයෙක් වූ ජේ. ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධන ද සහභාගී වුණා. ඔහු කණ්ඩායමට එකතු වෙන්නේ කණ්ඩායම් නායකයා ලෙසින්.
1968 ගිම්හාන ඔලිම්පික් උළෙල – මෙක්සිකෝ
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | විමලසේන පෙරේරා | 23 | මැරතන් |
බොක්සිං | හතා කරුණාරත්න | 26 | 48 Kg ට අඩු Lightweight |
Sailing | රේ විජේවර්ධන | 44 | Finn |
බොක්සිං තරග සඳහා සහභාගී වූ හතා කරුණාරත්න තම ඉසව්වේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීම කැපී පෙණුනා.
එතෙක් මෙතෙක් ඔලිම්පික් නියෝජනය කළ මෙරට වැඩිමල්ම තරගකරුවා ලෙසින් ලැයිස්තු ගත වු රේ විජේවර්ධන මෙවර කණ්ඩායමට ඇතුළත්.
1972 ගිම්හාන ඔලිම්පික් උළෙල – Munich
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | සුනිල් ගුණවර්ධන | 23 | මීටර් 100 සහ මීටර් 200 |
එස්. එල්. බී. රෝසා | 28 | මීටර් 10 000 | |
විමලදාස වික්‍රමසිංහ | 29 | මීටර් 400 | |
වෙඩි තැබීම | දයා රාජසිංහ නඩරාජසිංහම් | 24 | මීටර් 50 Rifle Prone |
එතෙක් ඔලිම්පික් පිටියේ ශ්‍රී ලංකාව හැඳින්වීමට CEY භාවිතා කළ ද මෙම ක්‍රීඩා උළෙලේ සිට ශ්‍රී ලංකාවේ දේශීය කේතය ලෙස SRI භාවිතා කෙරුණා.
මීටර් 10,000 ඉසව්වට සහභාගී වූ එස්. එල්. බී. රෝසාට මූලික වටයේ දී හිමි වූයේ අවසන් ස්ථානය. එම ඉසව්වේ 1970 ආසියානු වාර්තාවේ හිමිකරු ද වූ ඔහු එම තරගයේ පසු බැසීම බොහෝ කතා බහට ලක් වුනා.
- ඔලිම්පික් ගිය පොලිස් බොක්සිං රැජිණ “නෙල්කා”
- ඔලිම්පික් යන සූරියවැව දුවන තරුව නිමාලි
- මිලියන ගණනක සිහින අරන් ඔලිම්පික් යන අපේ බලාපොරොත්තු
- ”පියෑඹූ සීක්වරයා”ගේ සමුගැනීම
- පළමුවැනියා වී සිටිද්දී ක්‍රීඩාවට සමු දුන් “අයි. පී. සුමිත්‍රා”
1980 ගිම්හාන ඔලිම්පික් උළෙල – මොස්කව්
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | ධර්මසේන සමරරත්න | 30 | මීටර් 4x 400 |
කෝසල සහබන්දු | 31 | මීටර් 4x 400 | |
නිව්ටන් පෙරේරා | 26 | මීටර් 4x 400 | |
ඒ. ප්‍රේමචන්ද්‍ර | 27 | මීටර් 4x 400 |
ඔලිම්පික් උළෙලක තනි ඉසව්වක් නියෝජනය කළ මෙරට පළමු කණ්ඩායම බවට මෙම කණ්ඩායම පත් වුනා. නමුත් ඔවුන් පළමු වටයේ දී ම ඉසව්වෙන් ඉවත් වීමට සිදු වෙනවා. එමෙන් ම මේ ක්‍රීඩා උළෙලේ දී වෙනත් ක්‍රිඩාවක් හෝ ඉසව්වක් සඳහා කිසිවෙක් තේරී පත් වූයේ නැහැ.
1984 ගිම්හාන ඔලිම්පික් උළෙල – ලොස් ඇනජලීස්
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
Sailing | රනිල් ඩයස් | 27 | Soling |
ලලින් ජීරසිංහ | 26 | 470 | |
පිහිනුම් | ජුලියන් බෝලිං | 18 | 400m සහ 1500m Freestyle, 400m Individual Medley |
බර ඉසිලීම | සුනිල් එම්. සිල්වා | 29 | 52 Kg ට අඩු flyweight |
1988 ගිම්හාන ඔලිම්පික් උළෙල – Seoul (දකුණු කොරියාව)
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | තිලකා ජිනදාස | 25 | මීටර් 100 කඩුලු පැනීම |
විතානකන්දේ සමරසිංහ | 26 | මැරතන් | |
වෙඩි තැබීම | දයා රාජසිංහ නඩරාජසිංහම් | 40 | මීටර් 50 Rifle Prone |
Zal Chitty | 26 | 10m air rifle | |
පිහිනුම් | ජුලියන් බෝලිං | 24 | 400m Freestyle, 400m Individual Medley |
දිපිකා චන්මුගම් | 16 | 100m සහ 200m Breaststroke,
200m Individual Medley |
ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ඔලිම්පික් ක්‍රීඩිකාව සහ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස දීපිකා චන්මුගම් ඉතිහාසයට එක් වූයේ මෙම ඔලිපිම්පික් උළෙලෙන්. ඇය මේ තරගාවලිය නියෝජනය කරන විට වයස අවුරුදු 16කුත් දින 196ක් වුනා.
1972 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වූ දයා රාජසිංහ නඩරාජසිංහ නැවත වසර 16කට පසුව මෙම ඔලිම්පික් උළෙල සඳහා ද සුදුසුකම් ලැබීම ද කැපි පෙණුනා.
1992 ගිම්හාන ඔලිම්පික් උළෙල – බාසිලෝනා
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | විජිත අමරසේකර | 30 | හෙල්ල විසිකිරීම |
දමයන්ති ධර්ශා | 17 | මීටර් 200 | |
ශ්‍රියන්ත දිසානායක | 23 | මීටර් 100 | |
ජයමිනි ඉලේපෙරුම | 25 | මීටර් 400 | |
කරුණාරත්න කුරුප්පු | 32 | මැරතන් | |
ශ්‍රියානි කුලවංශ | 22 | උස පැනීම | |
ශ්‍රියානි ධම්මිකා මැණිකේ | 22 | මීටර් 800 | |
බැඩ්මින්ටන් | නිරෝෂන් විජේකෝන් | 28 | ඒකළ |
වෙඩි තැබිම | පුෂ්පමාලි රාමනායක | 24 | air rifle |
පිහිනුම් | ජුලියන් බෝලිං | 26 | 200 m Freestyle,
100 m සහ 200 m Butterfly |
බර එසවීම | මාලන් විජේවික්‍රම | 20 | 52 Kg ට අඩු flyweight |
1996 ගිම්හාන ඔලිම්පික් උළෙල – ඇට්ලන්ටා
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | චින්තක ද සොයිසා | 24 | මීටර් 100 |
බෙනිල්ඩස් ප්‍රනාන්දු | 27 | දුර පැනීම | |
සුසන්තිකා ජයසිංහ | 20 | මීටර් 100, මීටර් 200 | |
ශ්‍රියානි කුලවංශ | 26 | මීටර් 100 කඩුලු පැනීම | |
මහේෂ් පෙරේරා | 22 | මීටර් 110 කඩුලු පැනීම | |
සුගත් තිලකරත්න | 22 | මීටර් 400 | |
Diving | ජනක බියන්විල | 31 | 3m Springboard |
වෙඩි තැබීම | පුෂ්පමාලි රාමනායක | 28 | 50m Rifle Three Position |
මාලි වික්‍රමසිංහ | 31 | 50m Rifle Three Position, 10m Air Rifle |
මීටර් 400 ඉසව්වේ පළමු වටයේ 5 වැනි තරගයක දී සුගත් තිලකරත්න එම ඉසව්වේ ලෝක ශූර Michael Johnson පරාජය කරමින් පළමුවැනියා වීම කාගෙත් කතා බහට ලක් වුනා. නමුත් ඔහුට අර්ධ අවසන් පූර්ව වටයේ දී හිමි වූයේ 7 වැනි ස්ථානයයි.
පෙර ඔලිම්පික් උළෙලේ උස පැනීමේ ඉසව්වට සුදුසුකම් ලැබූ ශ්‍රියානි කුලවංශ, මෙවර මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කිරීම කැපි පෙණුනා. 2000 ගිම්හාන ඔලිම්පික් උළෙල – සිඩ්නි
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | සුගත් තිලකරත්න | 27 | මීටර් 400, මීටර් 4 x 400 |
රොහාන් ප්‍රදිප් කුමාර | 25 | මිටර් 400, මීටර් 4 x 400 | |
රත්න කුමාර් | 25 | මීටර් 4 x 400 | |
මනුර ලංකා පෙරේරා | 21 | මීටර් 4 x 400 | |
රංග විමලවංශ | 20 | මීටර් 4 x 400 | |
අර්ජන් රාජා රත්නායක | 25 | මීටර් 400 කඩුලු | |
සරත් ප්‍රසන්න ගමගේ | 28 | මැරතන් | |
සුසන්තිකා ජයසිංහ | 24 | මීටර් 100, මීටර් 200 | |
දමයන්ති දර්ශා | 25 | මීටර් 400 | |
ශ්‍රියානි කුලවංශ | 30 | මීටර් 100 කඩුලු | |
නිම්මි ද සොයිසා | 24 | මීටර් 4 x 100 | |
තමරා සමන්දීපිකා | 26 | මීටර් 4 x 100 | |
ප්‍රදීපා කුමාරි හේරත් | 24 | මීටර් 4 x 100 | |
Sailing | ලලින් ජිරසිංහ | 42 | Finn |
වෙඩි තැබිම | රුවනි අබේමාන්න | 30 | 25 m Pistol, 10 m Air Pistol |
මාලි වික්‍රමසිංහ | 36 | 50 m Rifle Three Positions,
10 m Air Rifle |
|
පිහිනුම් | කොන්රඩ් ෆ්‍රැන්සිස් | 19 | 100 m Butterfly |
තීක්ෂණා රත්නසේකර | 18 | 50 m Freestyle |
ඩන්කන් වයිට් 1948 දී ලබා ගත් ඔලිම්පික් පදක්කමට පසුව නැවත වතාවක් පදක්කමක් වාර්තා වෙන්නේ මෙම ඔලිම්පික් උළෙලේදී. ඒ මීටර් 200 ඉසව්වට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ ලබා ගත් ලෝකඩ පදක්කම හේතුවෙන්.
>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<
එම ඉසව්වේ රන් පදක්කම්ලාභී Marion Jones තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් ඇයගේ පදක්කම අහිමි කරනු ලැබූ අතර එය දෙවැනි තැන ලබා ගත් බහමාස් ක්‍රීඩිකා Pauline Davis-Thopson හට හිමි වුනා. ඒ අනුව සුසන්තිකාට රිදි පදක්කම හිමි වුනා.
මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ කණ්ඩායම අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීමත්, සුසන්තිකා ජයසිංහ මීටර් 100 ඉසව්වේ දී ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීමත් විශේෂයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩකාවන් සංඛ්‍යාවක් සහභාගී වූයේ මෙම ක්‍රීඩා උළෙලේ දී. එම ගණන 18 දෙනෙක්. ඉන් 13 දෙනෙක් ම නියෝජනය කළේ මලල ක්‍රීඩා ඉසව්.
2004 ගිම්හාන ඔලිම්පික් උළෙල – ඇතෑන්ස්
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ | 26 | මැරතන් |
රොහාන් ප්‍රදීප් කුමාර | 29 | මීටර් 400 | |
මංජුල කුමාර | 20 | උස පැනීම | |
දමයන්ති දර්ශා | 29 | මීටර් 400 | |
සුසන්තිකා ජයසිංහ | 28 | මීටර් 100 | |
වෙඩි තැබීම | පුෂ්පමාලි රාමනායක | 36 | 10 m Air Rifle,
50 m Rifle Three Positions |
පිහිනුම් | කොන්රඩ් ෆ්‍රැන්සිස් | 23 | 100 m Butterfly |
මේනකා ද සිල්වා | 19 | 50 m Freestyle |
මීටර් 200 ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මෙවර සහභාගි වෙන්නේ මීටර් 100 ඉසව්වටයි. නමුත් එහි දී ඇති වු ආබාධිත තත්වයක් මත ඇයට එම ඉසව්වට සහභාගීවීමට ලැබෙන්නේ නැහැ.
2008 ගිම්හාන ඔලිම්පික් උළෙල – Beijing
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | සුසන්තිකා ජයසිංහ | 32 | මීටර් 200 |
නදීකා ලක්මාලි | 27 | හෙල්ල වීසි කිරිම | |
බැඩ්මින්ටන් | තිළිණි ජයසිංහ | 23 | ඒකළ |
බොක්සිං | අනුරාධ රත්නායක | 33 | flyweight |
වෙඩි තැබීම | එදිරිසිංහ සේනානායක | 38 | 10m Air Pistol, 50 m Pistol |
පිහිනුම් | ඩැලියෙල් ලී | 18 | 50m Freestyle |
මයුමි රහීම් | 17 | 100m Backstroke | |
බර එසවීම | චින්තන විදානගේ | 27 | 69Kg අඩු |
මෙවර සුසන්තිකා ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නේ මීටර් 200 ඉසව්වෙන්. නමුත් එහි දී ඇයට අර්ධ අවසන් වටයෙන් ඉදිරියට යෑමට නොහැකි වෙනවා. කෙසේ වෙතත් ඇය පිට පිට ඔලිම්පික් උළෙල හතරකට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට මෙම උළෙල නියෝජනය කිරීමත් සමඟ පත් වෙනවා.
2012 ගිම්හාන ඔලිම්පික් උළෙල – ලන්ඩන්
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ | 34 | මැරතන් |
Christine Merrill | මීටර් 400 කඩුලු | ||
බැඩ්මින්ටන් | නිලූක කරුණාරත්න | 27 | ඒකළ |
තිළිණි ජයසිංහ | 27 | ඒකළ | |
වෙඩි තැබීම | මංගල සමරකෝන් | 32 | 10m Air Rifle, 50 m Rifle Prone |
පිහිනුම් | හේෂාන් උනන්ඹුව | 20 | 100m Backstroke |
රෙෂිකා උඩුගම්පොළ | 19 | 100m Freestyle |
2016 ගිම්හාන ඔලිම්පික් උළෙල – Rio de Janeiro
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ | 38 | මැරතන් |
නිලුකා ගීතානි රාජසේකර | 34 | මැරතන් | |
සුමේධ රණසිංහ | 25 | හෙල්ල වීසිකිරීම | |
බැඩ්මින්ටන් | නිලූක කරුණාරත්න | 31 | ඒකළ |
ජූඩෝ | චාමර ධර්මවර්ධන | 24 | 73 Kgට අඩු |
වෙඩි තැබීම | මංගල සමරකෝන් | 36 | 10m Air Rifle, 50m Rifle Prone |
පිහිනුම් | මැතිව් අබේසිංහ | 20 | 100m Freestyle |
කිමිකෝ රහීම් | 17 | 100m Backstroke | |
බර ඉසිලීම | සුදේශ් පීරිස් | 31 | 62Kg අඩු |
2020 ගිම්හාන ඔලිම්පික් උළෙල – ටෝකියෝ
සහභාගීත්වය
ක්‍රීඩාව | සහභාගීත්වය | වයස | ඉසව් |
මලල ක්‍රීඩා | යුපුන් අබේකෝන් | 26 | මීටර් 100 |
නිමාලි ලියනාරච්චි | 31 | මීටර් 800 | |
බැඩ්මින්ටන් | නිලූක කරුණාරත්න | 36 | පිරිමි ඒකල |
වෙඩි තැබීම | ටෙහානි එගොඩවෙල | 35 | 10m Air Rifle |
පිහිනුම් | මැතිව් අබේසිංහ | 24 | 100m Free style |
Aniqah Gaffoor | 17 | 100m Butterfly | |
ජිම්නාස්ටික් | මිල්කා ගෙහානි | 18 | Artistic Gymnastics |
Equestrian | Mathilda Karlsson | 36 | ඒකළ |
ජූඩෝ | චාමර ධර්මවර්ධන | 28 | 73 kg බර පංතිය |
32 වැනි වරටත් පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භය අද (23) සවස 4:30 පමණ පැවැත්වීමට නියමිතයි. ඒත් සමඟින් නිල වශයෙන් මෙවර ඔලිම්පික් සැණකෙළිය ආරම්භ වන අතර සමාරම්භක අවස්ථාවේ දී ශ්‍රී ලංකා ධජය පෙරටු කරගෙන රැගෙන යන්නට මිල්කා සහ චාමර සුදුසුකම් ලබා තිබෙනවා.කෙසේ නමුත් වසර ගණනාවක පදක්කම් ඉඩෝරය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පදක්කමකින් මෙම ඔලිම්පික් උළෙල නිමා කරන්නට හැකිවේවායි යන්න අප සැමගේ බලාපොරොත්තුවයි.
මෙවර ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ විඳගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි)
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<