වනිඳු හසරංග, දුශ්මන්ත චමීර සහ ලහිරු කුමාරගෙන් තොර ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතයක් නුදුරේ දී ම ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව දැන ගැනීමට ලැබෙනවා.
නිමා වුනු LPL තරගාවලිය අතරතුර ආබාධවලට ලක් වූ වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර යුගලය එළඹෙන ආසියානු කුසලාන සංචිතයට නම් නොකෙරෙනු ඇති බව මීට පෙර වාර්තා වූ අතර, පසුව එම නම් අතරට ලහිරු කුමාරගේ නම ද එක් වුනා.
කලින් කලට ඇති වන ආබාධ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නිශ්චිත සංචිතයක් තරගාවලිවලට ඉදිරිපත් කිරීමට නොහැකි වීමේ ගැටලුව මෑත කාලයේ නිතරම මතු වුනා.
- මාලිංගගේ කතාව රිදී තිරයට!
- අසිත ප්රනාන්දුට County ක්‍රිකට් වරම්
- දඹුල්ලේ දී හමුවන කොදෙව් යෞවනයෝ
- Naseem Shah ඇෆ්ගනිස්තානයේ භයානක ම සිහිනයක් බවට පත්වෙයි!
- වනිඳුට සහ චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි!
කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මදුශාන් සහ කසුන් රාජිතට නුදුරේ දී නම් කිරීමට නියමිත සංචිතයේ දොරගුළු විවර වනු ඇති බව Newswire වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.
ඒ අනුව තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළත්, ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබෙන පරිදි එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුශාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, මහීශ් තීක්ශණ, ප්‍රමෝද් මදුශාන්, කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ
2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Newswire ඇසුරෙනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<