56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය (27) නිමා වූයේ නව වාර්තා හතරක් බිහි කරමිනි. දින තුනක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් දිනය අදයි (28).
හිමාෂ, අරුණ, සෆාන් එක පොකුරට දුවද්දී තුන් පිම්ම ශූරයා දුර පැනීමේ ශූරයා පරද්දයි.
ශ්‍රී ලංකා වාර්තාවක්, යුද හමුදා වාර්තාවක් ඇතුළුව නව තරග වාර්තා….
ගැමුණු බලකායේ ලාන්ස් කෝප්‍රල් රුසිරු චතුරංග පිරිමි මීටර් 800 තරග ඉසව්වේ දී මිනිත්තු 1.49.72ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගයක දීයි. ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඔහු සතුව පවතින අතර පසුගිය දා නිමා වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී චතුරංගගේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්වූ ඉඳුනිල් හේරත් අද පැවති අවසන් තරගයේ දී චතුරංග පරදා රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විම සුවිශේෂී විය. අවසන් තරගයේ දී චතුරංගට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.
>> තරගාවලියේ දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමයට මෙතැනින් පිවිසෙන්න <<
පිරිමි දසප්‍රයාම තරග ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික බලකායේ කෝප්‍රල් අජිත් කරුණාතිලක සමත් විය. එහි දී ඔහු වාර්තා කල ලකුණු සංඛ්‍යාව 7012කි. මෙම ඉසව්වේ මීට පෙර පැවති වාර්තාව ලෙස 2016 වසරේ දී වාර්තා වූ ලකුණු 6837 පැවති අතර එය ද අජිත් කරුණාතිලක සතු වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා යුද හමුදා තරගාවලියේ දසප්‍රයාම තරග ඉසව්වේ දී ලකුණු 7000 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෙසේ නමුත් අවස්ථා 3ක දී අජිත් ලකුණු 7000 සීමාව පසුකර යන්නට සමත්ව තිබුණි.
වාර්තා තියාගෙන ගෙදර ඉන්න වුන ජයග්‍රාහකයන්
97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පසුගිය දා අවසන් වූ අතර ජාතික වාර්තා….
කිලෝමීටර් 10 කාන්තා ඇවිදීම තරගයේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා දෙවැනි බලකායේ පී. ගයානි සමත් විය. ඇය එම ඉසව්ව නිමා කළේ මිනිත්තු 51.27.62ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ දෙවන ස්ථානය හිමි වූයේ මිනිත්තු 54.02.11ක කාලයක් වාර්තා කළ 4 වැනි බලකායේ යූ. වී. කේ. මාද්‍රිකාටය.
කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ආර්. ඒ. අයි. එස්. රාජසිංහ සමත් වූ අතර එහි කාලය ලෙස තත්පර 14.03ක් ලෙස සටහන් විය. එම තරග ඉසව්වේ රන් පදක්කම ද ඇය සතුවිය.
තරගාවලියේ දෙවන දිනය අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණ ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇත. ඒ ලකුණු 193ක් ලබා ගනිමිනි.
දෙවන දින අවසානයේ සමස්ත පිරිමි ලකුණු සටහන
රෙජිමේන්තුව | ලකුණු | |
1 | SLA | 193 |
2 | SLEME | 150 |
3 | SLLI | 81 |
4 | GW | 72 |
5 | SLASC | 47 |
6 | SLSR | 19 |
7 | SLE | 10 |
8 | VIR | 9 |
9 | SLCMP | 7 |
10 | SLAC | 5 |
11 | GR | 4 |
12 | SLNG | 4 |
13 | CES | 1 |
දෙවන දින අවසානයේ සමස්ත කාන්තා ලකුණු සටහන
Unit | Points | |
1 | 5(V)SLAWC | 134 |
2 | SLSC(W) | 111 |
3 | 2(V)SLAWC | 92 |
4 | 4(V)SLAWC | 90 |
5 | 3(V)SLAWC | 50 |
6 | 7SLAWC | 28 |
7 | 1SLAWC | 27 |
8 | SLAGSC(W) | 17 |
>>දෙවන දිනය අවසානයේ තරග වාර්තා සහ සම්පූර්ණ ලකුණු සටහන<<
තරගාවලියේ අවසන් දිනය අද (28) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<