නෙස්ලේ ලංකා ආයතනය, ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය (SLSNA) හා එක්ව 27 වන වරටත් සංවිධානය කරනු ලබන ‘මයිලෝ’ සමස්ත ලංකා පාසල් දැල්පන්දු ශූරතාවලියේ අවසන් අදියරේ තරග අගෝස්තු මස 2, 3 හා 4 යන තෙදින පුරාවට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
>> ශ්‍රී ලංකාවේ දැල්පන්දුව ක්‍රීඩිකාවන්ගේ උස මතම යැපෙනවා ද?
වයස අවුරුදු 13, 15, 17 හා 19න් පහළ යනුවෙන් වයස් කාණ්ඩ හතරක් ඔස්සේ පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් 780කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 9360 අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර තරගාවලියේ මූලික වටයේ තරග ජුනි හා ජූලි ක්‍රීඩාංගණ 15ක දී පවත්වා අවසන්ව ඇත.
මූලික වටයේ පැවැත්වූ තරගවලින් අනතුරුව තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා පාසල් කණ්ඩායම් 460ක් (A කාණ්ඩයෙන් පාසල් 370ක් හා B කාණ්ඩයෙන් පාසල් 90ක්) තේරී ඇති අතර ක්‍රීඩිකාවන් 5500 එහි දී තරග වැදීමට නියමිතව ඇත.
“පුරා වසර 27ක කාලයක් තිස්සේ මේ දැවැන්ත තරගාවලිය සාර්ථකව පවත්වා ගෙන ඉදිරියට ගෙන යාමට සහය වන නෙස්ලේ ලංකා ආයතනයටත්, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් ක්‍රීඩා අධ්යක්ෂතුමා ඇතුළු සියලුම නිලධාරීන් දැක්වූ සහයෝගයට මාගේ හදපිරි ස්තුතිය පුදකරනවා.” යැයි තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනිය/සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය වන මාලනී හේරත් මහත්මිය පවසන ලදි.
>> යුධ හමුදා, මලියදේව බාලිකා, මියුසියස් හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතා දිනති
තරගාවලිය සඳහා සහභාගී වන සියලුම කණ්ඩායම් ‘A’ හා ‘B’ වශයෙන් කාණ්ඩ දෙකකට කාණ්ඩගත කරනු ලැබේ. සිසුන් 1000කට වඩා සිටින පාසල් ‘A’ කාණ්ඩයට අයත් වන අතර 1000කට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් ‘B’ කාණ්ඩයට අයත් වේ. එසේම ‘A’ කාණ්ඩයට වයස් කාණ්ඩ 4ක් (13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ) අයත් අතර ‘B’ කාණ්ඩය වයස් කාණ්ඩ 3කින් (15න් පහළ, 17න් පහළ හා 19න් පහළ) සමන්විතය.
“ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාසල් ක්‍රීඩා අතරින් ඉතාමත් හොඳින් සාර්ථකව පවත්වනු ලබන තරගාවලියක් තමයි මේ තරගාවලිය. ඒක නිසා මේ පාසල් තරගාවලිය තුලින් ලබන සහිතික පත්‍රය ඒ ක්‍රීඩිකාවන්ගේ අනාගතයට ඉතාමත් වැදගත් වෙනවා. මේ වගේ තරගාවලි වලින් තමයි ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට සුදුසු සංචිත හෝ ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලි සඳහා අපේ රට නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන් බිහිවන්නේ.” යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් කර්නල් මංජුල කාරියවසම් මහතා පවසන ලදි.
පසුගිය වර්ෂයේ පැවැත්වූ සමස්ත ලංකා පාසල් දැල්පන්දු ශූරතාවලියේ රැජිණියන් බවට පත්වූයේ අඛණ්ඩව 10 වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමයි.
>> තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට පැවති උත්සවයේ ඡායාරූප
කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 13න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩවල ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ඊට අමතරව වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ 3 වන ස්ථානය ද දිනා ගැනීමට සමත් විය. වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩවල ශූරතා ජයග්‍රහණය කරනු ලැබුවේ කළුතර බාලිකා විද්‍යාලය සහ කොළඹ විසාකා විද්‍යාලය යි.
තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් කර්නල් මංජුල කාරියවසම් මහතා, නෙස්ලේ ලංකා සංගමයේ උප සභාපතිවරුන් වන නෝමන් කන්නංගර මහතා හා බන්දුල එගොඩගේ මහතා, පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනිය/කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය වන මාලනී හේරත් මහත්මිය, ඇතුළු නිලධාරීන් රැසක් පැමිණ සිටින ලදි.
මේ තරගාවලියේ පිළිබඳව සියලුම තොරතුරු දැනගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<