පවන් සහ සොනාල්ගෙන් සැනසුම් සහගත ඉනිමක්

Sri Lanka A Tour of Pakistan

47
Sri Lanka A Tour of Pakistan

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය 3 වැනි දිනයට (20) නතර කරන විට සංචාරක ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා සිටියා.

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 310ක් ලබා ගත් අතර සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 287ක් පමණයි.

තරගයේ 3 වැනි දිනය වූ අද දවස ආරම්භ කරන විට පාකිස්තානය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටි අතර අද දවසේ දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 75ක් පමණයි. ඒ වෙනුවෙන් ඔවුන්ට කඩුලු 5ක් බිලි දීමට සිදු වුනා.

එහි දී වනුජ සහන් ලකුණු 74කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූනා. ඊට අමතර ව සොනාල් දිනූෂ, නිපුන් ධනංජය, චාමික ගුණසේකර සහ ඉසිත විජේසුන්දර කඩුල්ල බැගින් දවා ගත්තා.

අද පෙරවරුවේ දැවී ගිය ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ahmed Safi Abdullah. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

පෙර දිනයේ නොදැවී ලකුණු 18ක් ලබා සිටි Hussain Talatට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණයි.

ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ මෙවර ආරම්භය ද පෙර සේ ම අසාර්ථක වූවා. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 28ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා.

එහි දී පුලිඳු පෙරේරා ලකුණු 5කට ද, අහන් වික්‍රමසිංහ ලකුණු 15කට ද සහ නිපුන් දනංජය ලකුණු 6කට ද තම ඉනිම් නිමා කර ගත්තා. නායක පසිඳු සූරියබණ්ඩාර ද ලබා ගත්තේ ලකුණු 11ක් පමණයි.

කෙසේ වෙතත් ඉනිමේ 5 වැනි කඩුල්ලේ දී නොදැවුණ ලකුණු 111ක සබඳතාවක් ගොඩ නැගීමට පවන් රත්නායක සහ සොනාල් දිනූෂ සමත් වුනා. එහි දී පවන් රත්නායක පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලබා සිටියා.

පන්දු යැවීමේ දී  Ahmed Bashir ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Hussain Talat සහ  Kashif Ali කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (79.0) අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, Khurram Shahzad 6/30, Ahmed Safi Abdullah 2/100

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (98.0) Abdul Faseeh 59, Ali Zaryab 32, Mohammad Suleman 40, Haider Ali 35, Hussain Talat 25, Ahmed Safi Abdullah 39, වනුජ සහන් 5/74

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 157 (45.2) පවන් රත්නායක නොදැවී 64, සොනාල් දිනූෂ නොදැවී 51, Ahmed Bashir 2/44

හෙට (21) තරගයේ 4 වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<