ලකුණු 35කට කඩුලු 5ක් දැවී ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙමින් සිටි ශ්‍රී ලංකා ඉනිමට ජීවය ලබා දීමට පසුපෙළ පිතිකරුවෝ සමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (18) දිනය අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 293ක් ලබා ගැනීමට සමත් වූනා.
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු මෙම තරගය දෙරට අතර තරග 2කින් යුතුව පැවැත්වෙන සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් තරගයයි.
මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ඔෂද ප්‍රනාන්දු, විශාද් රන්දික, නිසල තාරක සහ විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට පුලිඳු පෙරේරා, කමිල් මිෂාර, දිනුර කළුපහන සහ චාමික ගුණසේකර කණ්ඩායමට එක් කර තිබුණා.
පාකිස්තාන කණ්ඩායම ද අද තරගයට එක් වූයේ වෙනස්කම් 3ක් සහිතවයි. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Sameen Gul, Rohail Nazir සහ Mohammad Rameez jnr වෙනුවට Ahmed Bashir, Ahmed Safi Abdullah සහ Ghazi Ghori එක් කර තිබුණා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, පුලිඳු පෙරේරා, අහන් වික්‍රමසිංහ, කමිල් මිෂාර (කඩුලු රකින්නා), පවන් රත්නායක, සොනාල් දිනූෂ, දිනුර කළුපහන, වනුජ සහන්, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර.
පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම
Mohammad Huraira (නායක), Abdul Faseeh, Ali Zaryab, Mohammad Suleman, Khurram Shahzad, Ghazi Ghori (කඩුලු රකින්නා), Haider Ali, Hussain Talat, Ahmed Bashir, Ahmed Safi Abdullah, Kashif Ali.
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමු වෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුනා. ඒ අනුව ඉනිම ආරම්භ කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනා ම දවා ගැනීමට 24 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Khurram Shahzad සමත් වුනා. ඔහුගේ මෙම පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම වරෙක කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 35ක් ලෙසයි.
දැවී ගිය පිතිකරුවන් අතුරින් ආරම්භක පිතිකරුවන් වූ නිපුන් ධනංජය සහ පුලිඳු පෙරේරා මෙන් ම අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසි කමිල් මිෂාර ද කිසිදු ලකුණක් ලබා නොදෙමින් දවා ගැනීමට ඔහු සමත් වුනා.
අනතුරු ව ඔහුගේ ගොදුර බවට පත් වූයේ අහන් වික්‍රමසිංහයි. එහෙත් ඒ වෙද්දී ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා. එම පන්දු වාරයේ දී ම නායක පසිඳු සූරියබණ්ඩාර ද ලකුණු 2කට ඔහුට ගොදුරු වූවා.
කෙසේ වෙතත් ඉන් අනතුරු ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් එක් කිරීමට පවන් රත්නායක සහ සොනාල් දිනූෂ සමත් වුනා. එම කඩුල්ලේ සබඳතාව ද බිඳ දැමෙන්නේ Khurram Shahzad ගේ පන්දු යැවීම හමුවේයි. එහි දී ඊට ගොදුරු වෙන්නේ පවන් රත්නායකයි. ඔහු ඒ වෙද්දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
- ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක්!
- ශ්‍රී ලංකාවට තවත් එක්දින තරගාවලි ජයක්
- පාකිස්තාන A කණ්ඩායමට කඩුලු 7ක ජයක්
- ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෝක ක්රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම
- ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සහයට දකුණු අප්රිකානුවෙක්
එතැන් සිට ශ්‍රී ලංකා ඉනිම ටිකෙන් ටික ගොඩ ගැනීමට සොනාල් දිනූෂ ගේ ඉනිම ඉවහල් වුනා. එහි දී ඔහු 7 වැනි කඩුල්ල වෙනුවෙන් දිනුර කළුපහන හා එක් ව ලකුණු 56ක සබඳතාවක් ද, 8 වැනි කඩුල්ල වෙනුවෙන් වනුජ සහන් හා එක් ව ලකුණු 98ක සබඳතාවක් ද සහ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ඉසිත විජේසුන්දර සමඟ මේ දක්වා නොදැවුණ ලකුණු 45ක සබඳතාවක් ද එක් කළා.
පසු පෙළින් පැමිණි ඔවුන් අතුරින් දිනුර කළුපහන පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ වනුජ සහන් පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ද ලබා ගත්තා.
සොනාල් දිනූෂ මේ වෙද්දී පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 81ක් ද සහ ඉසිත විජේසුන්දර පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටිනවා.
කඩුලු දවා ගැනීමේ දී Khurram Shahzad ලකුණු 30කට කඩුලු 6ක් දවා ගත් අතර එතැන් සිට දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය 26 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Ahmed Safi Abdullah සතු වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 293 (75.0) අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 81, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර නොදැවී 38, Khurram Shahzad 6/30, Ahmed Safi Abdullah 2/100
හෙට (19) තරගයේ 2 වැනි දිනයයි.
ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<