ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (25) පැවැති තරගයේ දී සත්කාරක පාකිස්තාන A ක්‍රීඩකයෝ ලකුණු 108ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරග 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ද සමත් වුනා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක නුවනිඳු ප්‍රනාන්දුගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන A ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 306ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 198ක් පමණයි.
ශ්‍රී ලංකා A කණ්ඩායම
නුවනිඳු ප්‍රනාන්දු (නායක), ලහිරු උදාර, කමිල් මිෂාර (කඩුලු රකින්නා), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, චමිඳු වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, ඒශාන් මාලිංග.
පාකිස්තාන A කණ්ඩායම
Muhammad Hurraira (නායක), Maaz Sadaqat, Sharoon Siraj, Haider Ali, Abdul Samad, Mohammad Haris (කඩුලු රකින්නා), Mohammad Imran, Sirajuddin, Mehran Mumtaz, Mohammad Imran, Ubaid Shah.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 5කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 35කට සහභාගී වී ඇති Haider Ali තම පළමු පෙළ එක්දින මංගල ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා.
එම ඉනිම කරා යෑමේ දී ඔහු Abdul Samad සමඟින් සිව් වැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Abdul Samad පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ඉනිම අවසන් වෙද්දී Mohammad Haris පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී ඒශාන් මාලිංග ලකුණු 61කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමිඳු වික්‍රමසිංහ සහ ඩිල්ශාන් මධුශංක කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වූ සොනාල් දිනූෂ, දුශාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ පන්දු 20ක් යැවූව ද ඔවුන්ට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වෙන්නේ නැහැ.
- පවන් සහ සොනාල් ශතක ලබා ගනී
- පවන් සහ සොනාල්ගෙන් සැනසුම් සහගත ඉනිමක්
- ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි
- කුසල්, පැතුම්, චරිත්, වනිඳු පිනුම් ගැසූ 2024 එක්දින පිටිය
- දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමේ ස්ථාවරයක් නොදකමින් කැරකුණ ලකුණු පුවරුවට ගෞරවනීය පෙනුමක් එක් කිරීමට සහන් ආරච්චිගේ සහ සොනාල් දිනූෂ සමත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 59ක් එක් කරනවා.
එහි දී සහන් ආරච්චිගේ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. සොනාල් දිනූෂ 7 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වන විට පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක ම ලකුණුලාභියා වූයේ පසු පෙළින් පිටියට පිවිසි චමිඳු වික්‍රමසිංහ. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.
තරගය අවසන් වීමට තවත් පන්දු 62ක් ඉතිරි ව ශ්‍රී ලංකා ඉනිමේ සියලුම දෙනා දැවී යද්දී Sharoon Siraj ලකුණු 21කට කඩුලු 3ක් සහ Mohammad Imran කඩුලු ද්විත්වයක් දවා ගන්නවා. ඊට අමතර ව Sirajuddin, Mohammad Imran, Ubaid Shah සහ Mehran Mumtaz කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තාන A කණ්ඩායම – කඩුල 7ක් දැවී 306 (50.0) Muhammad Hurraira 26, Sharoon Siraj 42, Haider Ali 108, Abdul Samad 56, Mohammad Haris 36, ඩිල්ශාන් මධුශංක 2/62, චමිඳු වික්‍රමසිංහ 2/52, ඒශාන් මාලිංග 3/61
ශ්‍රී ලංකා A කණ්ඩායම – සියලුම දෙනා දැවී 198 (39.4) සහන් ආරච්චිගේ 35, සොනාල් දිනූෂ 38, චමිඳු වික්‍රමසිංහ 47, Mohammad Imran 2/30, Sharoon Siraj 3/21
පාකිස්තාන A කණ්ඩායමට ලකුණු 108ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින ක්‍රිකට් තරගය මේ මස 27 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<