සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (15) පැවැත්වූ පස්වැනි සහ අවසන් නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. ඒ සමඟම තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-2ක් ලෙසින් නිමාවට පත් වූයේ දෙපිලටම තරගාවලියේ සම ශූරතාවය හිමිකර දෙමිනි.
ඉන්දීය අණසක හමුවේ ලහිරු කුමාර ශ්‍රී ලංකා ජාමය බේරයි
සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (13) පැවැත්වූ සිව්වැනි නිල නොවන…
දිවා තරගයක් ලෙස හුබ්ලි හිදී පැවැත්වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුව යැවීමට ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් තීරණය කළ අතර එහි දී ඉන්දීය A කණ්ඩායම තම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 259ක් ලබා ගත්තේ ය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 47.3කින් තම ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 260 කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වූයේ තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයක් හිමිකර දෙමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වූයේ මෙම තරගාවලියේ ඔවුන්ගේ සාර්ථකම පිතිකරුවා වන රුටුරාජ් ගයික්වාඩ් ය. ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙස ගයික්වාඩ් පන්දු 73කින් ලකුණු 74ක් ලබා ගත්තේ තම සුපුරුදු රිද්මයට නැවතත් අවතීර්ණ වෙමිනි. එහෙත් අන් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 40 සීමාව ඉක්මවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුනි.
ඉන්දීය ඉනිම ආරම්භ කරමින් ගයික්වාඩ් සමඟ ආරම්භක පිතිකරණයට පිවිසි ප්‍රශාන්ත් චොප්‍රා ලකුණු 12කට දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි අන්මොල්පරිට් සිං ද වැඩි වේලාවක් යාමට මත්තෙන් ලකුණු 29කට දැවී ගියේය.
ඉන්පසු පිටියට පිවිසි රිකී බුයි ඉන්දීය ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වශයෙන් පන්දු 48කින් ලකුණු 38ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණු සබඳතාවය ලෙස ලකුණු 60ක සබඳතාවයක් ගයික්වාඩ් සමඟ ගොඩනගමිනි.
අනතුරුව ගයික්වාඩ් දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව 144/3ක් බවට පත් කරමිනි. ඔහු දැවී ගියේ ශෙහාන් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
පසුව පිටියට පිවිසි දීපක් හූඩා ද පන්දු 44කින් ලකුණු 37ක් ලබා තම දායකත්වය ලබා දීමට සමත් වූවත් ඔහුට ද දිගු ඉනිමක් කරා යාමට අවකාශ නොලැබුණි.
ජෝ රූට්ගේ දස්කම් හමුවේ කොදෙව්වෝ පසු බසිති!
2019 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (14) සවුත්හැම්ප්ටන්…
ඉන්දීය ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් රිකී බුයි ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ අශාන් ප්‍රියන්ජන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අතර පස්වැනි කඩුල්ල ලෙස හූඩා දැවී ගියේ අකිලගේ පන්දුවක් හමුවේ නායක ප්‍රියන්ජන් අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව 211/5ක් ලෙස සටහන් විය.
එහෙත් ඉන්පසු පිටියට පිවිසි කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට පිටියේ රැඳී සිටීමට අවකාශ ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් වගබලා ගත්තේ තවත් ලකුණු 48ක් තුළ ඉතිරි කඩුලු 6ම දවා ගනිමින් ඉන්දීය ඉනිම ලකුණු 259කට සීමා කරමිනි.
එහි දී නායක ඉෂාන් කිශාන් ලකුණු 20කටත්, වොෂින්ටන් සුන්දර් ලකුණු 15කටත්, මයන්ක් මාකන්ඩේ ලකුණු 23කටත් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් සමත් වූ අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව හෝ ඉක්මවීමට හැකියාවක් නොලැබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී කලකට පසු නැවතත් තම සුපුරුදු රිද්මය සොයා ගැනීමට සමත් වූ අකිල ධනංජය 51/3ක් ලෙස තම පන්දු යැවීම සටහන් කළේ ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමිනි.
අනතුරුව ලකුණු 260ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නිරෝෂන් දික්වැල්ල සහ සංගීත් කුරේ පිතිකරණ යුගලයයි.
ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් විමසන බව…
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ තෙවන තරගයෙන් ලබාගත් ජයග්‍රාහී රිද්මයත් සමඟම නැවතත් අති සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා යළිත් වරක් සමත් විය. ඒ අතරින් තම ආක්‍රමණශීලී පිතිකරණ රටාවට නැවතත් අනුගත වෙමින් පන්දු 93කින් ප්‍රවේගකාරී ලකුණු 111ක් ලබා ගැනීමට දික්වැල්ල සමත් වූයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමිනි.
ඔහුට අනගි සහයක් ලබා දුන් සංගීත් කුරේ ද පන්දු 74කින් ලකුණු 61ක් ලබා ගත්තේ දික්වැල්ල සමඟ ලකුණු 165ක දැවැන්ත සබඳතාවයකට ද තම දායකත්වය ලබා දෙමිනි.
ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් අඩිතාලමක් ලබා දුන් මොවුන් දෙදෙනාම අවසානයේ ශෙයාස් ගෝපාල්ගේ පන්දු හමුවේ කඩුලු රකින ඉෂාන් කිශාන් අතට උඩ පන්දු ලබා දී එකම අයුරින් දැවී යාම තරගයේ එක් සුවිශේෂීත්වයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු දෙක ලෙස මොවුන් යුගලය දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 176/2 ලෙස සටහන් වූයේ ශ්‍රී ලංකාවට තරගයේ පෙරමුණ හිමිකර දෙමිනි.
එහෙත් ඉන් පසුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ වැඩි වේලාවක් යාමට මත්තෙන් ලකුණු 7කට දැවී ගියේ තරගය නැවතත් කණ්ඩායම් දෙකටම විවෘත කරමිනි.
අනතුරුව පිටියට එක් වූයේ තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වන ශෙහාන් ජයසූරිය සහ නායක අශාන් ප්‍රියන්ජන් යුගලයයි. ඔවුන් දෙදෙනා පිටියේ තැන්පත්ව කෙමෙන් කෙමෙන් නැවතත් සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූයේ තරගයේ අවසානයේ ජය තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමිනි. අවසානයේ ශෙහාන්-අශාන් යුගලය එක්ව නොදැවී ලකුණු 75ක සබඳතාවයක් පිහිටවූයේ ශ්‍රී ලංකාවට යළිත් වරක් ජයග්‍රාහී දොරගුළු විවර කරමිනි.
මේ අතරින් නැවතත් තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වෙමින් වගකිම් සහගත පිතිකරණයක යෙදුණු ශෙහාන් ජයසූරිය මෙම තරගයේ ද නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේ තරගාවලියේ සාර්ථකම පිතිකරුවා බවට ද පත්වෙමිනි. ඔහු ඒ සඳහා පන්දු 55ක් වැය කළේ ය. ඔහුට අනගි සහයක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන් ද පන්දු 51කදී නොදැවී ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.
අවසානයේ ශ්‍රී ලංකාව තම ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 260 පන්දුවාර 4ක දී සපුරා ගැනීමට සමත් වූයේ කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ය. මේ අනුව තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය නිරෝෂන් දික්වැල්ලට හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-2ක් ලෙස සම වෙමින් අවසන් වූයේ දෙපිල අතර සමව ශූරතාවය බෙදා ගනිමිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ruturaj Gaikwad | lbw b Shehan Jayasuriya | 74 | 73 | 8 | 0 | 101.37 |
Prashant Chopra | b Chamika Karunaratne | 12 | 16 | 3 | 0 | 75.00 |
Anmolpreet Singh | c Lakshan Sandakan b Ishan Jayaratne | 29 | 33 | 2 | 1 | 87.88 |
Ricky Bhui | c Ashan Priyanjan b Lakshan Sandakan | 38 | 48 | 3 | 1 | 79.17 |
Deepak Hooda | c Ashan Priyanjan b Akila Dananjaya | 37 | 44 | 2 | 1 | 84.09 |
Ishan Kishan | c Ashan Priyanjan b Akila Dananjaya | 20 | 35 | 1 | 0 | 57.14 |
Washington Sundar | c Sangeeth Cooray b Ashan Priyanjan | 15 | 26 | 0 | 0 | 57.69 |
Shreyas Gopal | b Akila Dananjaya | 7 | 12 | 0 | 0 | 58.33 |
Mayank Markande | run out (Lakshan Sandakan) | 23 | 12 | 0 | 2 | 191.67 |
Tushar Deshpande | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Sandeep Warrier | b Ashan Priyanjan | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0) |
Total | 259/10 (50 Overs, RR: 5.18) |
Fall of Wickets | 1-25 (4.5) Prashant Chopra, 2-84 (15.2) Anmolpreet Singh, 3-144 (26.6) Ruturaj Gaikwad, 4-171 (31.6) Ricky Bhui, 5-211 (40.6) Deepak Hooda, 6-215 (42.1) Ishan Kishan, 7-231 (46.5) Shreyas Gopal, 8-246 (49.2) Washington Sundar, 9-259 (49.5) Mayank Markande, 10-259 (49.6) Sandeep Warrier, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chamika Karunaratne | 5 | 0 | 19 | 1 | 3.80 | |
Lahiru Kumara | 6 | 0 | 33 | 0 | 5.50 | |
Dasun Shanaka | 1 | 0 | 7 | 0 | 7.00 | |
Ishan Jayaratne | 5 | 0 | 35 | 1 | 7.00 | |
Akila Dananjaya | 10 | 0 | 51 | 3 | 5.10 | |
Lakshan Sandakan | 10 | 0 | 52 | 1 | 5.20 | |
Shehan Jayasuriya | 10 | 0 | 39 | 1 | 3.90 | |
Ashan Priyanjan | 3 | 0 | 23 | 2 | 7.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | st Ishan Kishan b Shreyas Gopal | 111 | 93 | 12 | 3 | 119.35 |
Sangeeth Cooray | st Ishan Kishan b Shreyas Gopal | 61 | 74 | 7 | 0 | 82.43 |
Bhanuka Rajapaksa | lbw b Shreyas Gopal | 7 | 13 | 1 | 0 | 53.85 |
Shehan Jayasuriya | not out | 45 | 55 | 1 | 1 | 81.82 |
Ashan Priyanjan | not out | 33 | 51 | 3 | 0 | 64.71 |
Extras | 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0) |
Total | 260/3 (47.4 Overs, RR: 5.45) |
Fall of Wickets | 1-165 (26.3) Niroshan Dickwella, 2-176 (28.6) Sangeeth Cooray, 3-185 (30.5) Bhanuka Rajapaksa, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Washington Sundar | 10 | 0 | 47 | 0 | 4.70 | |
Sandeep Warrier | 4 | 0 | 32 | 0 | 8.00 | |
Deepak Hooda | 8 | 0 | 34 | 0 | 4.25 | |
Tushar Deshpande | 3.4 | 0 | 34 | 0 | 10.00 | |
Mayank Markande | 10 | 0 | 55 | 0 | 5.50 | |
Shreyas Gopal | 10 | 0 | 49 | 3 | 4.90 | |
Prashant Chopra | 2 | 0 | 9 | 0 | 4.50 |