Home Sinhala කමිඳු සහ විශ්ව දෙදෙනාගේ අවසන් උත්සාහයත් අපතේ යයි

කමිඳු සහ විශ්ව දෙදෙනාගේ අවසන් උත්සාහයත් අපතේ යයි

416

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ හුබ්ලි හිදී පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගයෙන් ලකුණු 152ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය A කණ්ඩායම අද (03) සමත් වූයේ ශ්‍රී ලංකාවට මෙම නිල නොවන ටෙස්ට් තරගාවලියෙන් 2-0ක පරාජයක් අත්කර දෙමිනි.

හුදකලා වූ භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන ……..

තරගයේ මුලින්ම පන්දුවට පහර දීම තෝරාගත් ඉන්දියාව තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 269ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස තම පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා ලකුණු 212ක් ලබා ගත්තේ ය. ඉන්පසු තම දෙවන ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 372ක් ලබා ගත් අතර පසුව ලකුණු 430ක විශාල ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට තම දෙවන ඉනිමේ දී ද සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 277ක් පමණි.

ඊයේ දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබා සිටි අතර එහි දී පිටියේ පිතිකරණයේ නියැලෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් සහ ලක්ෂාන් සඳකැන් එක් ලකුණක් බැගින් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

එහෙත් අද දිනය ආරම්භයේ දී ම වැඩි වේලාවක් යාමට මත්තෙන් ලක්ෂාන් සඳකැන්ට ආපසු ක්‍රීඩාගාරය කරා හැරී යාමට සිදු වූයේ රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඉන්දීය ජයග්‍රහණය තවත් ඉක්මන් කරමින් ලකුණු 8ක් ලබා සිටි සඳකැන් ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල වශයෙන් දැවී යන විට ලකුණු පුවරුව 222/8 ලෙස දිස් විය.  නො.10 පිතිකරුවා වශයෙන් ඉන්පසු පිටියට පිවිසියේ විශ්ව ප්‍රනාන්දු ය.

ඒ වන විටත් ශ්‍රී ලංකා අනෙකුත් පිතිකරුවන්ට සාපේක්ෂව සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 234 වන තුරු කඩුල්ලේ රැඳී සිටියේ ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වශයෙන් ලකුණු 46ක් රැස් කරමිනි.

අපේ අභියෝගය අපේ උපරිමය ලබාගන්න එක – මහේල

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය ………

එහෙත් ජයන්ත් යාදව්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉනිමේ 9 වැනි කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායෙම් අවසන් බලාපොරොත්තුවටත් කණකොකා හඬවමිනි.

අවසන් පිතිකරු වශයෙන් පිටියට පිවිසියේ ලහිරු කුමාරයි. විශ්ව හා ලහිරු දෙදෙනා ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියේ නම් දැරූ පිතිකරුවන්ටත් වඩා වගකීම් සහිත පිතිකරණයක නිරත වීමට සමත් වූ අතර ඔවුන් යුගලය අතර ලකුණු 43ක් සබඳතාවයක් පිහිටුවීය.

ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ අනෙකුත් නිත්‍ය පිතිකරුවන්ට ආදර්ශයක් වූ විශ්ව නො.10 පිතිකරු ලෙස ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට අනගි සහයක් වූ ලහිරු කුමාර ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 13ක් ලබා සිටියේ ය.

“දිමුත්ගේ පිතිකරණ රටාව අධ්‍යනය කරන්න වටිනවා” – තිරිමාන්න

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (01) ……

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 277ක්ව තිබිය දී රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින භරත්ට උඩ පන්දුවක් ලබා දී තරගයේ අවසන් කඩුල්ල වශයෙන් විශ්ව දැවී ගියේ මෙම තරගයෙන් ඉන්දියාවට ලකුණු 152ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙමිනි.

ඒ සමඟින්ම මෙම නිල නොවන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය A කණ්ඩායම සමත් වූයේ තරගාවලියේ සියලු ගෞරවය ඉන්දියාවට අත්කර දෙමිනි. දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් එළඹෙන 6 වැනිදා බෙල්ගෝම් හීදී පළමු නිල නොවන එක්දින තරගය ඇරඹීමට නියමිත ය.

Result


Sri Lanka A Team
212/10 (60) & 277/10 (66.4)

India A Team
269/10 (69.1) & 372/10 (112.2)

Batsmen R B 4s 6s SR
PK Panchal c Niroshan Dickwella b Lahiru Kumara 0 3 0 0 0.00
AR Easwaran c Niroshan Dickwella b Lahiru Kumara 0 2 0 0 0.00
Anmolpreet Singh c Bhanuka Rajapaksa b Priyamal Perera 65 116 6 2 56.03
Siddhesh Lad c Niroshan Dickwella b Vishwa Fernando 32 47 5 0 68.09
KS Bharat c Niroshan Dickwella b Lahiru Kumara 117 156 14 1 75.00
Shivam Dube b Lakshan Sandakan 15 24 2 0 62.50
Jayant Yadav b Lakshan Sandakan 1 11 0 0 9.09
A Sarwate c Kamindu Mendis b Lakshan Sandakan 10 31 2 0 32.26
Rahul Chahar c Niroshan Dickwella b Lahiru Kumara 21 24 3 0 87.50
Sandeep Warrier lbw b Lakshan Sandakan 0 4 0 0 0.00
Ishan Porel not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 3 , nb 4, w 1, pen 0)
Total 269/10 (69.1 Overs, RR: 3.89)
Fall of Wickets 1-0 (0.3) PK Panchal, 2-2 (0.3) AR Easwaran, 3-64 (18.5) Siddhesh Lad, 4-155 (39.1) Anmolpreet Singh, 5-184 (48.4) Shivam Dube, 6-194 (52.4) Jayant Yadav, 7-214 (60.3) A Sarwate, 8-268 (67.6) Rahul Chahar, 9-269 (68.5) Sandeep Warrier, 10-269 (69.1) KS Bharat,

Bowling O M R W Econ
Lahiru Kumara 15.1 3 53 4 3.51
Vishwa Fernando 14 2 56 1 4.00
Malinda Pushpakumara 24 2 87 1 3.62
Bhanuka Rajapaksa 2 1 6 0 3.00
Lakshan Sandakan 14 0 64 4 4.57
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Jayant Yadav b Sandeep Warrier 0 1 0 0 0.00
Sadeera Samarawickrama lbw b Shivam Dube 8 15 2 0 53.33
Bhanuka Rajapaksa c AR Easwaran b Sandeep Warrier 18 28 4 0 64.29
Ashan Priyanjan c Anmolpreet Singh b Shivam Dube 19 20 3 0 95.00
Niroshan Dickwella c Anmolpreet Singh b Ishan Porel 39 42 6 0 92.86
Priyamal Perera c KS Bharat b Jayant Yadav 36 56 4 1 64.29
Kamindu Mendis b A Sarwate 68 105 11 0 64.76
Malinda Pushpakumara b Jayant Yadav 6 12 1 0 50.00
Lakshan Sandakan c KS Bharat b Jayant Yadav 11 40 0 0 27.50
Vishwa Fernando b Rahul Chahar 5 36 0 0 13.89
Lahiru Kumara not out 0 3 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 2, w 0, pen 0)
Total 212/10 (60 Overs, RR: 3.53)
Fall of Wickets 1-0 (0.5) Pathum Nissanka, 2-26 (7.1) Sadeera Samarawickrama, 3-30 (8.4) Bhanuka Rajapaksa, 4-52 (13.4) Ashan Priyanjan, 5-105 (23.3) Niroshan Dickwella, 6-133 (32.2) Priyamal Perera, 7-145 (34.6) Malinda Pushpakumara, 8-185 (46.5) Lakshan Sandakan, 9-208 (58.3) Kamindu Mendis, 10-212 (59.6) Vishwa Fernando,

Bowling O M R W Econ
Sandeep Warrier 13 3 32 2 2.46
Ishan Porel 15 4 51 1 3.40
Shivam Dube 9 0 44 2 4.89
Rahul Chahar 7 1 39 1 5.57
A Sarwate 4 0 22 1 5.50
Jayant Yadav 12 4 24 3 2.00
Batsmen R B 4s 6s SR
AR Easwaran lbw b Vishwa Fernando 3 7 0 0 42.86
PK Panchal c Niroshan Dickwella b Vishwa Fernando 15 44 0 0 34.09
Anmolpreet Singh b Kamindu Mendis 60 69 9 0 86.96
Siddhesh Lad lbw b Lakshan Sandakan 58 76 6 0 76.32
KS Bharat b Malinda Pushpakumara 60 56 4 2 107.14
Shivam Dube b Lakshan Sandakan 19 28 1 1 67.86
A Sarwate c Niroshan Dickwella b Lakshan Sandakan 0 6 0 0 0.00
Rahul Chahar c Niroshan Dickwella b Lahiru Kumara 84 109 7 2 77.06
Jayant Yadav b Vishwa Fernando 53 96 3 0 55.21
Sandeep Warrier run out (Lakshan Sandakan) 0 7 0 0 0.00
Ishan Porel not out 4 3 1 0 133.33


Extras 16 (b 2 , lb 5 , nb 7, w 2, pen 0)
Total 372/10 (112.2 Overs, RR: 3.31)
Fall of Wickets 1-4 (1.2) AR Easwaran, 2-44 (14.1) PK Panchal, 3-107 (23.4) Anmolpreet Singh, 4-206 (40.6) Siddhesh Lad, 5-206 (41.2) KS Bharat, 6-207 (42.3) A Sarwate, 7-243 (50.5) Shivam Dube, 8-366 (80.1) Rahul Chahar, 9-368 (81.3) Jayant Yadav, 10-372 (82.2) Sandeep Warrier,

Bowling O M R W Econ
Lahiru Kumara 16.2 2 65 1 4.01
Vishwa Fernando 14 0 68 3 4.86
Malinda Pushpakumara 17 1 60 1 3.53
Lakshan Sandakan 19 0 87 3 4.58
Kamindu Mendis 7 0 36 1 5.14
Ashan Priyanjan 39 0 49 0 1.26


Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama c KS Bharat b Sandeep Warrier 4 6 1 0 66.67
Pathum Nissanka lbw b Shivam Dube 5 23 0 0 21.74
Bhanuka Rajapaksa b Rahul Chahar 110 112 17 3 98.21
Ashan Priyanjan lbw b Shivam Dube 6 17 0 1 35.29
Niroshan Dickwella lbw b Rahul Chahar 18 39 2 0 46.15
Priyamal Perera lbw b Rahul Chahar 11 20 2 0 55.00
Kamindu Mendis b Jayant Yadav 46 63 6 0 73.02
Malinda Pushpakumara c Siddhesh Lad b A Sarwate 11 24 0 1 45.83
Lakshan Sandakan lbw b Rahul Chahar 8 38 1 0 21.05
Vishwa Fernando st KS Bharat b Rahul Chahar 32 42 5 1 76.19
Lahiru Kumara not out 13 20 1 1 65.00


Extras 13 (b 0 , lb 4 , nb 4, w 5, pen 0)
Total 277/10 (66.4 Overs, RR: 4.15)
Fall of Wickets 1-4 (0.6) Sadeera Samarawickrama, 2-34 (9.2) Pathum Nissanka, 3-56 (13.5) Ashan Priyanjan, 4-119 (26.6) Niroshan Dickwella, 5-143 (32.6) Priyamal Perera, 6-175 (38.5) Bhanuka Rajapaksa, 7-200 (45.2) Malinda Pushpakumara, 8-222 (54.4) Lakshan Sandakan, 9-234 (57.6) Kamindu Mendis, 10-277 (66.4) Vishwa Fernando,

Bowling O M R W Econ
Sandeep Warrier 8 0 33 1 4.12
Ishan Porel 5 2 11 0 2.20
A Sarwate 10 1 24 1 2.40
Shivam Dube 9 3 26 2 2.89
Rahul Chahar 20.4 0 112 5 5.49
Jayant Yadav 14 1 67 1 4.79



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<