සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය ඊයේ (31) හුබ්ලි හීදී ඇරඹුණි. එහි දෙවන දිනය අදයි (01).
ඊයේ දිනය නිමා වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා සිටි අතර ඒ වන විට පිටියේ පිතිකරණයේ නියැලෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල සහ ප්‍රියමාල් පෙරේරා පිළිවෙළින් ලකුණු 27ක් සහ 15ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ය.
සඳකැන් හා ලහිරු කුමාර එක්ව ඉන්දියානු ඉනිම වනසති
සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය අද (31) හුබ්ලි හිදී ඇරඹුණි. තරගයේ…
තරගයේ මුලින්ම පන්දුවට පහර දීම තෝරාගත් ඉන්දියානුවන් තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 269ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස තම පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 212ක් පමණි.
අද දිනය නිමා කරන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 216ක් ලබා සිටි අතර එහි දී පිටියේ පිතිකරණයේ නියැලෙමින් සිටි ශිවාම් ඩුබෙ සහ රාහුල් චහාර් ලකුණු 5 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
අද ආරම්භයේ කඩුල්ලේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල සහ ප්‍රියමාල් පෙරේරා දෙදෙනා එක්ව වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද වැඩි වේලාවක් යෑමට මත්තෙන් ලකුණු 39ක් ලබා සිටි දික්වැල්ල දැවී ගියේ ශාන් පොරෙල්ගේ පන්දුවක් හමුවේ අන්මොල්පරිට් සිං අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 105/5 ලෙස දිස්විය.
අනතුරුව පිටියට පිවිසියේ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් ය. සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් කෙටි ලකුණු ලබාගත් ඔහු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම කණ්ඩායමේ නැංගුරම බවට පත්වූයේ ලකුණු 68ක් ලබා ගනිමිනි.
එහෙත් අනෙක් අන්තයෙන් ඔහුට නිසි ආකාර සහයක් ලබාගත නොහැකි වූ අතර එම අන්තයේ සිටි ප්‍රියමාල් පෙරේරා ද ලකුණු 36කට දැවී ගියේ කමිඳුව පිටියේ හුදකලා කරමිනි. මුළු ලකුණු 133 දී ඉනිමේ 6වන කඩුල්ල ලෙස ප්‍රියමාල් දැවී ගියේ ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින භරත් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
ඉන්පසු පිටියට පිවිසි කිසිදු පහළ මැදපෙළ හා අගපෙළ පිතිකරුවෙකුට සාර්ථක වීමට නොහැකි වූ අතර ඔවුන්ගෙන් පිළිවෙළින් මලින්ද පුෂ්පකුමාර ලකුණු 6කටත්, ලක්ෂාන් සඳකැන් ලකුණු 11කටත් විශ්ව ප්‍රනාන්දු ලකුණු 5කට දැවී ගියේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212කට සීමා කරමිනි
ඒ සමඟම අනෙක් අන්තයේ හුදකලා වෙමින් ලකුණු 68ක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් ද දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවටත් කනකොකා හඬවමිනි. ආධිත්‍ය සර්වටේගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දවටා ගනිමිනි.
පන්දු යැවීමේ දී ජයන්ත් යාදව් ලකුණු 24/3 ලෙස ද, සන්දීප් වෝරියර් 32/2 ලෙස ද, ශිවම් ඩූබෙ 44/2 ලෙස ද තම පන්දු යැවීම් වාර්තාව සටහන් කළේය.
අනතුරුව තම දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වූ නායක පන්චාල් සමඟ අභිමන්යු ඊස්වරන් ය. ඔවුන් පිටියට පිවිසියේ පළමු ඉනිමේ ලකුණු 57ක වාසියක් ද සමඟිනි.
නමුත් දෙවන ඉනිමේ දී ද තම පිතිකරණයෙන් අසාර්ථක වීමට අභිමන්යු ඊස්වරන්ට සිදු වූයේ ලකුණු 3ක් ලබා සිටිය දී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යාම හේතුවෙනි. එවිට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ 4/1 ලෙසිනි.
වැඩිවේලාවක් යාමට මත්තෙන් නායක පන්චාල් ද ඉනිමේ දෙවන කඩුල්ල වශයෙන් ලකුණු 15කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 44ක් වන විට ය. යළිත් ක්‍රියාත්මක වූ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකටම නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේ දෙවන ඉනිමේ ද අසාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි.
මුල් කඩුලු දෙකම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූයේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වන අන්මොල්පරිට් සිං සහ සිදේශ් ලාඩ් ය. ඔවුන් දෙදෙනා එක්ව කෙමෙන් කෙමෙන් පිටියේ තැන්පත් වෙමින් ලකුණු 63ක කෙටි සබඳතාවක් ගොඩනගනු ලැබීය. පසුව ලකුණු 60ක් ලබා සිටි අන්මොල්පරිට් සිං මුළු ලකුණු 107 දී දැවී ගියේ කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.
පසුව පිටියට පිවිසියේ පළමු ඉනිමේ ශතකලාභියා වන ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක ශ්‍රීකර් භරත් ය. ඉන්දීය ඉනිමේ මේ දක්වා හොඳම පිතිකරණ සබඳතාවය ගොඩනගමින් සිදේශ් ලාඩ් සහ භරත් දෙදෙනා ලකුණු 91ක සබඳතාවයක් පිහිටවීමට සමත් විය.
Thirimanne believes power hitting not central to success
With scores below 300 becoming increasingly rare in modern one-day international cricket…
මුළු ලකුණු සංබ්‍යාව 206ක් වන විට ලකුණු 58ක් ලබා සිටි සිදේශ් ලාඩ් දැවී ගියේ සඳකැන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.
ඒ සමඟින්ම අනෙක් අන්තයේ ලකුණු 60ක් ලබා සිටි භරත් ද දැවී ගියේ ශ්‍රි ලංකාවට නව බලාපොරොත්තුවක් එක් කරමිනි. ඔහු ද මුළු ලකුණු 206දී දැවී ගියේ මලින්ද පුෂ්පකුමාර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.
එයින් නොනැවතී යළි ක්‍රියාත්මක වූ සඳකැන් නො.7 පිතිකරු ආධිත්‍ය සර්වටේගේ කඩුල්ල ද දවා ගත්තේ ශ්‍රී ලංකා පිල නැවතත් තරගයට අවතීර්ණ කරවමිනි. කඩුලු රකින දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 207 දී ය.
දෙවන දිනය අවසානයට පන්දුවාර ස්වල්පයක් ඉතිරිව තිබිය දී එක් ලකුණක් තුල ඉන්දීය කඩුලු 3ක්ම දවා ගත හැකි වීම ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් විය.
අද දිනය නිමා වන විට ඉන්දීය ලකුණු පුවරුව 216/6ක් ලෙස සටහන් වූයේ ඉන්දියාව තවත් කඩුලු 4ක් අතැනිව සමස්ත තරගයේ ලකුණු 273ක් ඉදිරියෙන් සිටිමිනි. දිනය අවසානයේ පිතිකරණයේ නිරත වෙමින් සිටි ශිවාම් ඩුබෙ සහ රාහුල් චහාර් ලකුණු 5 බැගින් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේ ය.
පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු 53/2 සහ සඳකැන් 48/2 ලෙස තම පන්දු යැවීම් වාර්තා සටහන් කළහ. ඔවුන් දෙදෙනාට අනගි සහයක් ලබා දුන් මලින්ද පුෂ්පකුමාර සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාද එක් කඩුල්ල බැගින් දවා ගත්තේ ය.
තරගයේ තීරණාත්මක තෙවන දිනය හෙටයි (02).
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
PK Panchal | c Niroshan Dickwella b Lahiru Kumara | 0 | 3 | 0 | 0 | 0.00 |
AR Easwaran | c Niroshan Dickwella b Lahiru Kumara | 0 | 2 | 0 | 0 | 0.00 |
Anmolpreet Singh | c Bhanuka Rajapaksa b Priyamal Perera | 65 | 116 | 6 | 2 | 56.03 |
Siddhesh Lad | c Niroshan Dickwella b Vishwa Fernando | 32 | 47 | 5 | 0 | 68.09 |
KS Bharat | c Niroshan Dickwella b Lahiru Kumara | 117 | 156 | 14 | 1 | 75.00 |
Shivam Dube | b Lakshan Sandakan | 15 | 24 | 2 | 0 | 62.50 |
Jayant Yadav | b Lakshan Sandakan | 1 | 11 | 0 | 0 | 9.09 |
A Sarwate | c Kamindu Mendis b Lakshan Sandakan | 10 | 31 | 2 | 0 | 32.26 |
Rahul Chahar | c Niroshan Dickwella b Lahiru Kumara | 21 | 24 | 3 | 0 | 87.50 |
Sandeep Warrier | lbw b Lakshan Sandakan | 0 | 4 | 0 | 0 | 0.00 |
Ishan Porel | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 0 , lb 3 , nb 4, w 1, pen 0) |
Total | 269/10 (69.1 Overs, RR: 3.89) |
Fall of Wickets | 1-0 (0.3) PK Panchal, 2-2 (0.3) AR Easwaran, 3-64 (18.5) Siddhesh Lad, 4-155 (39.1) Anmolpreet Singh, 5-184 (48.4) Shivam Dube, 6-194 (52.4) Jayant Yadav, 7-214 (60.3) A Sarwate, 8-268 (67.6) Rahul Chahar, 9-269 (68.5) Sandeep Warrier, 10-269 (69.1) KS Bharat, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Kumara | 15.1 | 3 | 53 | 4 | 3.51 | |
Vishwa Fernando | 14 | 2 | 56 | 1 | 4.00 | |
Malinda Pushpakumara | 24 | 2 | 87 | 1 | 3.62 | |
Bhanuka Rajapaksa | 2 | 1 | 6 | 0 | 3.00 | |
Lakshan Sandakan | 14 | 0 | 64 | 4 | 4.57 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Jayant Yadav b Sandeep Warrier | 0 | 1 | 0 | 0 | 0.00 |
Sadeera Samarawickrama | lbw b Shivam Dube | 8 | 15 | 2 | 0 | 53.33 |
Bhanuka Rajapaksa | c AR Easwaran b Sandeep Warrier | 18 | 28 | 4 | 0 | 64.29 |
Ashan Priyanjan | c Anmolpreet Singh b Shivam Dube | 19 | 20 | 3 | 0 | 95.00 |
Niroshan Dickwella | c Anmolpreet Singh b Ishan Porel | 39 | 42 | 6 | 0 | 92.86 |
Priyamal Perera | c KS Bharat b Jayant Yadav | 36 | 56 | 4 | 1 | 64.29 |
Kamindu Mendis | b A Sarwate | 68 | 105 | 11 | 0 | 64.76 |
Malinda Pushpakumara | b Jayant Yadav | 6 | 12 | 1 | 0 | 50.00 |
Lakshan Sandakan | c KS Bharat b Jayant Yadav | 11 | 40 | 0 | 0 | 27.50 |
Vishwa Fernando | b Rahul Chahar | 5 | 36 | 0 | 0 | 13.89 |
Lahiru Kumara | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 0 , nb 2, w 0, pen 0) |
Total | 212/10 (60 Overs, RR: 3.53) |
Fall of Wickets | 1-0 (0.5) Pathum Nissanka, 2-26 (7.1) Sadeera Samarawickrama, 3-30 (8.4) Bhanuka Rajapaksa, 4-52 (13.4) Ashan Priyanjan, 5-105 (23.3) Niroshan Dickwella, 6-133 (32.2) Priyamal Perera, 7-145 (34.6) Malinda Pushpakumara, 8-185 (46.5) Lakshan Sandakan, 9-208 (58.3) Kamindu Mendis, 10-212 (59.6) Vishwa Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sandeep Warrier | 13 | 3 | 32 | 2 | 2.46 | |
Ishan Porel | 15 | 4 | 51 | 1 | 3.40 | |
Shivam Dube | 9 | 0 | 44 | 2 | 4.89 | |
Rahul Chahar | 7 | 1 | 39 | 1 | 5.57 | |
A Sarwate | 4 | 0 | 22 | 1 | 5.50 | |
Jayant Yadav | 12 | 4 | 24 | 3 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
AR Easwaran | lbw b Vishwa Fernando | 3 | 7 | 0 | 0 | 42.86 |
PK Panchal | c Niroshan Dickwella b Vishwa Fernando | 15 | 44 | 0 | 0 | 34.09 |
Anmolpreet Singh | b Kamindu Mendis | 60 | 69 | 9 | 0 | 86.96 |
Siddhesh Lad | lbw b Lakshan Sandakan | 58 | 76 | 6 | 0 | 76.32 |
KS Bharat | b Malinda Pushpakumara | 60 | 56 | 4 | 2 | 107.14 |
Shivam Dube | b Lakshan Sandakan | 19 | 28 | 1 | 1 | 67.86 |
A Sarwate | c Niroshan Dickwella b Lakshan Sandakan | 0 | 6 | 0 | 0 | 0.00 |
Rahul Chahar | c Niroshan Dickwella b Lahiru Kumara | 84 | 109 | 7 | 2 | 77.06 |
Jayant Yadav | b Vishwa Fernando | 53 | 96 | 3 | 0 | 55.21 |
Sandeep Warrier | run out (Lakshan Sandakan) | 0 | 7 | 0 | 0 | 0.00 |
Ishan Porel | not out | 4 | 3 | 1 | 0 | 133.33 |
Extras | 16 (b 2 , lb 5 , nb 7, w 2, pen 0) |
Total | 372/10 (112.2 Overs, RR: 3.31) |
Fall of Wickets | 1-4 (1.2) AR Easwaran, 2-44 (14.1) PK Panchal, 3-107 (23.4) Anmolpreet Singh, 4-206 (40.6) Siddhesh Lad, 5-206 (41.2) KS Bharat, 6-207 (42.3) A Sarwate, 7-243 (50.5) Shivam Dube, 8-366 (80.1) Rahul Chahar, 9-368 (81.3) Jayant Yadav, 10-372 (82.2) Sandeep Warrier, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Kumara | 16.2 | 2 | 65 | 1 | 4.01 | |
Vishwa Fernando | 14 | 0 | 68 | 3 | 4.86 | |
Malinda Pushpakumara | 17 | 1 | 60 | 1 | 3.53 | |
Lakshan Sandakan | 19 | 0 | 87 | 3 | 4.58 | |
Kamindu Mendis | 7 | 0 | 36 | 1 | 5.14 | |
Ashan Priyanjan | 39 | 0 | 49 | 0 | 1.26 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeera Samarawickrama | c KS Bharat b Sandeep Warrier | 4 | 6 | 1 | 0 | 66.67 |
Pathum Nissanka | lbw b Shivam Dube | 5 | 23 | 0 | 0 | 21.74 |
Bhanuka Rajapaksa | b Rahul Chahar | 110 | 112 | 17 | 3 | 98.21 |
Ashan Priyanjan | lbw b Shivam Dube | 6 | 17 | 0 | 1 | 35.29 |
Niroshan Dickwella | lbw b Rahul Chahar | 18 | 39 | 2 | 0 | 46.15 |
Priyamal Perera | lbw b Rahul Chahar | 11 | 20 | 2 | 0 | 55.00 |
Kamindu Mendis | b Jayant Yadav | 46 | 63 | 6 | 0 | 73.02 |
Malinda Pushpakumara | c Siddhesh Lad b A Sarwate | 11 | 24 | 0 | 1 | 45.83 |
Lakshan Sandakan | lbw b Rahul Chahar | 8 | 38 | 1 | 0 | 21.05 |
Vishwa Fernando | st KS Bharat b Rahul Chahar | 32 | 42 | 5 | 1 | 76.19 |
Lahiru Kumara | not out | 13 | 20 | 1 | 1 | 65.00 |
Extras | 13 (b 0 , lb 4 , nb 4, w 5, pen 0) |
Total | 277/10 (66.4 Overs, RR: 4.15) |
Fall of Wickets | 1-4 (0.6) Sadeera Samarawickrama, 2-34 (9.2) Pathum Nissanka, 3-56 (13.5) Ashan Priyanjan, 4-119 (26.6) Niroshan Dickwella, 5-143 (32.6) Priyamal Perera, 6-175 (38.5) Bhanuka Rajapaksa, 7-200 (45.2) Malinda Pushpakumara, 8-222 (54.4) Lakshan Sandakan, 9-234 (57.6) Kamindu Mendis, 10-277 (66.4) Vishwa Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sandeep Warrier | 8 | 0 | 33 | 1 | 4.12 | |
Ishan Porel | 5 | 2 | 11 | 0 | 2.20 | |
A Sarwate | 10 | 1 | 24 | 1 | 2.40 | |
Shivam Dube | 9 | 3 | 26 | 2 | 2.89 | |
Rahul Chahar | 20.4 | 0 | 112 | 5 | 5.49 | |
Jayant Yadav | 14 | 1 | 67 | 1 | 4.79 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<