ලහිරු උදාර සහ පසිඳූ සූරියබණ්ඩාර එක් ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ දක්වා එක් කළ ලකුණු 77ක සබඳතාවත් සමඟින් ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (16) දවස නිමා වෙද්දී ප්‍රතිවාදීන්ට එරෙහි ව හඹා යන ඉනිමේ දී කඩුලු 2ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
Benoni හී Willowmoore Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද තම ඉනිමට ලකුණු 334ක් එක් වෙද්දී සියලුම දෙනා දැවී යනවා. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් පසු වෙන්නේ තවත් ලකුණු 200ක් පිටුපසින්.
සත්කාරක දකුණු අප්‍රිකානුවෝ අද දවස ආරම්භ කරන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 316ක් ලබා සිටියදීයි. ඔවුන්ගේ ඉනිමේ ඉතිරි කඩුලු 3 ලකුණු 18ක් පමණක් එක් වෙද්දී නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා.
එහි දී සොනාල් දිනූෂ සහ එශාන් මාලිංග කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඉසිත විජේසුන්දර කඩුලු 2ක් දවා ගන්නවා. ඊට අමතර ව ජනිත් ලියනගේ සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගන්නවා.
අද නිමා වූ දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් පන්දු 34ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගැනීමට Migael Pretorius සමත් වෙනවා.
- ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
- පරාජිත තරගාවලියක උණුසුම
- බංග්ලාදේශ කාන්තාවෝ A තරගාවලිය දිනයි
- හේරත් නවසීලන්තය සමඟ එක් වෙයි
- දකුණු අප්‍රිකානු A තරග සංචාරය අද සිට
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වෙන්නේ ලහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු යි. නමුත් ඔවුන් දෙදෙනාට තම කණ්ඩායමට එතරම් ම සහයෝගයක් දැක්වීමට හැකි වෙන්නේ නැහැ.
නුවනිඳු ප්‍රනාන්දු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටිය දී දැවී යන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 22ක් වෙද්දීයි. අනතුරු ව පිටියට පිවිසි පවන් රත්නායකට ද ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 15ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 46කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් ද ඒ අතර වෙනවා.
ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලෙසින් දැක් වුණ අතර එතැන් සිට ශ්‍රී ලංකා ගොඩ නැගීමට ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ නායක පසිඳු සූරියබණ්ඩාර සමත් වෙනවා.
දිනය අවසන් වන විට තම පළමු පෙළ 36 වැනි අර්ධ ශතකය ලබා ගත් ලහිරු උදාර දිනය අවසන් වන විට පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියා.
අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පසිඳු සූරියබණ්ඩාර පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Mihlali Mpongwana සහ Beyers Swanepoel කඩුල්ලක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 334 (92.1) Tshepang Dithole 27, Neil Brand නොදැවී 122, Marques Ackerman 37, Dewald Brevis 49, Beyers Swanepoel 34, Beyers Swanepoel 19, ඉසිත විජේසුන්දර 2/60, එශාන් මාලිංග 3/68, සොනාල් දිනූෂ 3/48
ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 2ක් දැවී 134 (41.0) ලහිරු උදාර නොදැවී 61, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 43
තරගය හෙට (17) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<