පාකිස්තානයේ තරග සංචාරයක යෙදීමට නියමිත ශ්රී ලංකා සංචිත ද්විත්වය අද (06) දිනයේ දී ප්රකාශයට පත් කළා.
මෙම තරගාවලියට සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් ඇතුළත්.
නම් කළ සිව්දින සංචිතයේ නායකත්වය පසිඳු සූරියබණ්ඩාරට හිමි වී ඇති අතර, එක්දින සංචිතයේ නායකත්වය නුවනිඳු ප්රනාන්දු හට හිමි වී තිබෙනවා.
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
සිව්දින සංචිතය:
පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය,ඕෂධ ප්රනාන්දු, පුලිඳු පෙරේරා, පවන් රත්නායක,සොනාල් දිනූශ, අහන් වික්රමසිංහ, විශාද් රන්දික,වනුජ සහන්, විශ්ව ප්රනාන්දු, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර, නිසල තාරක, අශාන් ඩැනියෙල්සහ දිනුර කළුපහන
එක්දින සංචිතය:
නුවනිඳු ප්රනාන්දු (නායක), ලහිරු උදාර,කමිල් මිශාර,පසිඳු සූරිය්බණ්ඩාර, පවන් රත්නායක,සහන් ආරච්ච්ගේ,අහන් වික්රමසිංහ,සොනාල් දිනූශ, දිනුර කළුපහන, දුශාන් හේමන්ත, කවිඳු නදීශාන්,වනුජ සහන්, එශාන් මාලිංග,ඩිල්ශාන් මදුශංක,නිපුන් රන්සික
තරගාවලියට සහභාගී වන සංචිත නොවැම්බර් මස 07 වැනි දා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<