නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kane Williamson සිය බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යන බව වාර්තා වනවා.
SunRisers Hyderabad (SRH) කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඔහු ඒ සමඟ IPL ජෛව ආරක්ෂිත වටපිටාවෙන් ඉවත් වන අතර ඒ අනුව Playoffs වටයට පෙර SRH ක්‍රීඩා කරන අවසන් තරගය ඔහුට මග හැරී යනු ඇත.
- Gayle හා de Villiers, RCB විශිෂ්ටයින් අතරට
- Rahaneට IPL අහිමි වෙයි
- මාලිංගට එරෙහිව Sehwagගේ පළමු නිලකුණු පන්දුවාරය
‘අපේ කණ්ඩායමේ නායක Kane Williamson නැවතත් නවසීලන්තය බලා පිටත්ව යනවා, ඒ ඔහුගේ කැදැල්ලට අලුතින් එක්වන නව සාමාජිකයා පිළිගැනීම වෙනුවෙන්. අප කණ්ඩායමේ සියලුම දෙනා Kane සහ ඔහුගේ බිරිඳට සුබ පැතුම් එක්කර සිටිනවා’, යැයි SRH සිය Twitter ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.
𝑶𝑭𝑭𝑰𝑪𝑰𝑨𝑳 𝑼𝑷𝑫𝑨𝑻𝑬:
Our skipper Kane Williamson is flying back to New Zealand, to usher in the latest addition to his family. 🧡
Here’s everyone at the #Riser camp wishing Kane Williamson and his wife a safe delivery and a lot of happiness!#OrangeArmy #ReadyToRise pic.twitter.com/3CFbvN60r4
— SunRisers Hyderabad (@SunRisers) May 18, 2022
කෙසේ නමුත් Hyderabad කණ්ඩායම Playoffs වටය සඳහා සුදුසුකම් ලබා ගතහොත් Williamson නැවතත් ඉන්දියාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද වාර්තා වනවා. එසේ නොවුනහොත් ඔහු තරග සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟින් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.
Williamson මේ වන විට පිතිකරණ දක්ෂතා අතින් සැලකිය යුතු දක්ෂතා නොපෙන්වන අතර ඔහුට පසුගිය කාලයේ දී පැවති තරගාවලි කිහිපයක්ම ආබාධයක් (tennis elbow issue) නිසාවෙන් මග හැරුණා. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී විවේක ගන්නට සිදු වුනා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<