තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තේරීම් කමිටුව සහ අභියාචනා උපදේශක කමිටුව පත් කිරීම සහ ඔවුන්ට සිය පත්වීම් ලිපි ලබා දීම පසුගිය සිකුරාදා (02) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මෙම පත්වීම් ලබා දීම අවස්ථාවේ දී ජාතික තේරීම් කමිටුවේ සභාපති ලෙස යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් වූ අතර අභියාචනා උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පත් කෙරුණි.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පත්වූ ජාතික තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, අර්ජුන් ප්‍රනාන්දු මහතා, මොහොමඩ් හෆීස් මාසෝ යන අයවලුන් පත් කිරීමට කටයුතු කර තිබුණි.
මීට අමතරව අභියාචනා උපදේශක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ චන්ඩක ජයසුන්දර මහතා, ජනාධිපති නීතිඥ දිනාල් මාරියෝ රෙක්ස් පිල්ප්ස් මහතා, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා, ආසියානු රන් පදක්කම්ලාභී දමයන්ති දර්ශා මහත්මිය, රාහුල වික්‍රමනායක මහතා සහ රොෂානි කොබ්බෑකඩුව යන අයට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.
සිය පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව ජාතික තේරීම් කමිටු සභාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉටු කර ඇති පසුබිමක තමන්ට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවත්, තමන්ට මෙම ලබා දුන් වගකීම උපරිම අයුරින් ඉටුකර මෙරට ක්‍රීඩාව ඉහළම තලයට ගෙන එමට අවශ්‍ය සියලුම දේ සිදු කරන බවයි.
තවත් ක්රීඩා පුවත් ;
- “Road to Olympics” 1100ක් තෝරාගනි
- ලෝක ශූරයාට ලන්ඩන් කිරුළ අහිමි වෙයි
- ඉතියෝපියානු ශූරියට ලන්ඩන් මැරතන් තරගය අහිමි වෙයි
- වසරේ අවසන් මැරතන් තරගයට ලෝක ශූරයන් එංගලන්තයට
- නෙදර්ලන්ත ශූරයෙකු පරාජය කරමින් යුපුන් තවත් පදක්කමකට
“ජාතික ක්‍රීඩාව දියුණු කිරීමට විශාල ආයෝජනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විශාල ආයෝජනයක් සිදු කර තිබෙනවා. රටේ සියලුම ක්‍රීඩා සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඒ සඳහා ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන් මා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන් ජාතික කණ්ඩායම්වලට ඇතුළත් කිරීමට වැඩසටහන් වහාම ආරම්භ කළ යුතුයි.
විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා, 2028 ඔලිම්පික් උළෙල සඳහා පමණක් නොව සියලුම ක්‍රීඩාවන් සංවර්ධනය කිරීමට වැඩසටහනක් ගෙන ඒමට අප බලාපොරොත්තුවනවා. එබැවින් මෙරට ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ජාතික තේරීම් කමිටුවේ සභාපති ලෙස මා පත්කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට මාගේ ස්තූතිය පුද කර සිටිනවා” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<