හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයක් සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්සන් තබා තිබෙනවා.
සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
- සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට
- Warnerට කී දෙයක් ගැන Johnson පසුතැවෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරයි
- කොදෙව් – එංගලන්ත තරගාවලියේ දී නව අත්හදා බැලීමක්
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව පිළිබඳ සලකා බලන ලෙස ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කළ බව සහ ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගෙන ඇති බව ද ඔහු සඳහන් කර තිබුණා.
Today, I signed a gazette to revoke the decision appointing an interim committee for Sri Lanka Cricket, aiming to lift our ICC suspension. I’ve also written to the ICC, seeking their observations on the Auditor General’s report on SLC, and to the AG dept for future actions.
— Harin Fernando (@fernandoharin) December 12, 2023
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<