පාසල් සිසුන්ට ක්‍රීඩා කටයුතුවලට යොමු වීමට වැඩි අවස්ථාවක් ලබා දීම උදෙසා පාසල් විවේක කාලය තවත් මිනිත්තු පහළොවකින් දීර්ඝ කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා යෝජනා කරන ලදි.
පසුගිය 18 වැනිදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කායවර්ධන මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පල කළ අතර පාසල් දරුවන්ගේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන ද්විත්වමය සමබර කිරීම එහි මූලික අරමුණ බව ද එතුමා ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම එම උත්සවයෙන් පසුව සිය අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාසල් දරුවන්ට තරමක වැඩි වේලාවක් ක්‍රීඩා පිටියේ ගත කිරීම සඳහා පාසල් විවේක කාලය දීර්ඝ කළ යුතු බවත්, සෑම කාලපරිච්ඡේදයකින්ම මිනිත්තු දෙකක කාලයක් ලබා ගැනීමෙන් එය කළ හැකි බවත් ය.
තවත් ක්‍රීඩා පුවත්:
- පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩකටයුතු ඇරඹෙයි
- මලල ක්‍රීඩා පිටියේ ශූරයන් තේරීමේ සටනට සියල්ල සූදානම්
- ඔරලෝසුවක් ත්‍යාග දුන් මලල ක්‍රීඩා බලධාරියාට තහනමක්
- කනිෂ්ඨ ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ කාලසීමාව නිකුත් වෙයි
“දරුවන්ටත් කියන්න ඕනේ දෙමව්පියන්ටත් කියන්න ඕන, බොහෝ දෙනෙක්ගේ විශ්වාසයක් තියෙනවා මේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙනවා කියලා ක්‍රීඩාව කළාම කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. අද හරියට ක්‍රීඩා කරන දරුවෙක් අධ්‍යාපනයත් හොඳින් සාර්ථක කරගන්නවා.
අද අපේ ක්‍රීඩාවට තියෙන විශාලතම අභියෝගය තමයි බුද්ධි මට්ටම සහිත යමක් අවබෝධ කරගතහැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාමත් අඩුකම. ඒක තමයි විශාලතම අභියෝගය, පුහුණුකරුවෙක් දෙයක් කියලා දෙද්දි එය දරා ගැනීමේ අවබෝධ කරගැනීමේ හැකියාවක් ක්‍රීඩකයන්ට තියෙන්න ඕන.
ඒක නිසා ක්‍රීඩකයෙක් කියන්නේ බුද්ධි මට්ටම අවබෝධය තියෙන කෙනෙක් වෙන්න ඕන, ඒක ගුරුවරුත් මතකයේ තියාගෙන දරුවන්ව ක්‍රීඩා පිටියට එවන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම යෝජනා කළා අධ්‍යාපන අමාත්‍යවරයාටත් පුළුවන් නම් විවේක කාලය අඩුම ගානේ විනාඩි 15ක් වැඩි කරලා දෙන්න කියලා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<