වර්තමාන ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පසුගිය 18 වැනිදා මිනුවන්ගොඩ පිහිටි Yapalawatta ක්‍රීඩා සංකීර්ණයේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතාගේ ආරාධනාවකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා එම නිරීක්ෂණ චාරිකාව සඳහා එක් වූ අතර එම චාරිකාව අතරතුර දී ක්‍රීඩා සංකීර්ණයේ ඇති අඩුපාඩු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.
පසුව ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමට සැලසුම් කර තිබී අඩක් ඉදිකිරීමෙන් අනතුරුව නවතා දැමූ පිහිනුම් තටාකය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සිය අප්‍රසාදය පල කර සිටියා.
පසුව එම ව්‍යාපෘතියට අදාළ නිලධාරීන් සමඟින් සාකච්ඡා කළ ක්‍රීඩා අමාත්‍යවරයා එම පිහිනුම් තටාකයේ වැඩකටයුතු නැවත ආරම්භ කර හැකි ඉක්මනින් එහි වැඩ අවසන් කොට භාර දෙන ලෙස උපදෙස් ලබා දෙන ලදි.
තවත් ක්‍රීඩා පුවත් කියවන්න:
- පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩකටයුතු ඇරඹෙයි
- මලල ක්‍රීඩා පිටියේ ශූරයන් තේරීමේ සටනට සියල්ල සූදානම්
- ඔරලෝසුවක් ත්‍යාග දුන් මලල ක්‍රීඩා බලධාරියාට තහනමක්
- කනිෂ්ඨ ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ කාලසීමාව නිකුත් වෙයි
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලික අරමුණක්ව වී ඇති අතර මීට පෙර ද එතුමා විසින් යාපනය, මාතලේ වැනි ප්‍රදේශයන්හී සංචාරය කරමින් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දීමට කටයුතු කළේය.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<