ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෑතකාලීනව ඇති වී තිබෙන මතභේදකාරී තත්වය පිළිබඳව ICC පූර්ණ සාමාජික රටවල් ලිඛිත ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම පූර්ණ සාමාජික රටවල් සඳහා වෙන වෙනම ලිඛිත ව යවන ලද ලිපියේ දී අමාත්‍යවරයා විසින් මෑත කාලීන ව ශ්‍රී ලංකා ක්‍රිකට්වල සිදු වූ ගැටලු සම්බන්ධයෙන් මෙසේ විස්තර කර තිබෙනවා.
“2015 වසරේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය පිරිහීමට ලක් වී තිබෙනවා. මෙහි දී ක්‍රීඩක විනය ගැටලු, කළමනාකාර දූෂණ, මූල්‍ය විශමාචාර සහ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉලක්ක ගත වී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මාගේ ඒකායන රාජකාරිය වන්නේ දූෂණයට එරෙහිව සටන් කරමින් සියලු ක්‍රීඩා ආයතනවල යහපාලනය සහ විනය ඇති කිරීමයි.”
මේ අනුව යමින් මේ වන විට ක්‍රීඩක විනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල කර ඇති ගැටලු නිසා ඒ සම්බන්ධව විනය පරීක්ෂණ රැසක් සිදු කර ඇති බවත් අමාත්‍යවරයා මෙම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.
- ලංකා T10 ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි
- Major Club තරගාවලිය නැවත හෙට සිට
- ලහිරු කුමාර ලෝක කුසලානයෙන් ඉවතට
- ශ්‍රී ලංකා අවසන් පූර්ව සිහිනයට ඇෆ්ගනිස්තානය හරස් වෙයි
- ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්
එමෙන්ම ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙහි දී ඔහු විසින් ඉඟි කර තිබෙනවා.
“මෙම වාතාවරණය අනුව, යහපාලන මූලධර්ම ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ අපි සියල්ලෝ ම ආදරය කරන ක්‍රීඩාවේ ආචාරධර්ම සහ ජීව ගුණය ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් පමණක් අතුරු පියවර ගැනීමට බලාපොරොත්තු වන බව අවධාරණය කිරීමට මම කැමතියි.”
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<