ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් සමත් වුනා.
එමෙන්ම එම තරගාවලියේ කාන්තා ශූරතාව කැපී පෙනෙන දස්කම් දක්වමින් දිනා ගැනීමට රනිත්මා ලියනගේ සමත් වුනා.
දඩැල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවට පත් වූ මෙම තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගය තිළිණ රාජකරුණා ජයග්‍රහණය කළේ ලකුණු 21-12ක් සහ 21-11ක් ලෙස ඕඩන් ලෙෆිසන් පරාජය කරමිනුයි.
එමෙන්ම කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-6ක් සහ 21-9ක් ලෙස වරංගනා ජයවර්ධන පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වුනා.
- Li Ning Sri Lanka challenge තරගාවලියේ වැඩි ගෞරව ඉන්දියාවට
- Li Ning Sri Lanka challenge බැඩ්මින්ටන් තරගාවලිය සියල්ල සූදානම්
- ජාතික ශූරයා බුවනෙක; ශූරිය රනිත්මා
- ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ශූරයා ශෙනුක් – ශුරිය නෙත්මි
- 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරඹෙයි
ආශිංස හේරත් සහ ඕඩන් ලෙෆිසන් ලකුණු 21-19ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින් පිරිමි යුගල ශූරතාවය දිනා ගැනීමට මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ සමත් වූ අතර කාන්තා යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 13-21ක්, 21-12ක් සහ 21-16ක් ලෙස රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන පරාජය කළ අනුරංගි හංසමාලි මාස්කෝරාල සහ විදාරා සුහස්නි විදානගේ විසිනුයි.
ලකුණු 21-16ක්, 14-21ක් සහ 21-17ක් ලෙස රනිත්මා ලියනගේ සහ ඇලන් මේනකේ පරාජය කළ ඕඩන් ලෙෆිසන් මේනකේ සහ රේණු චන්ද්‍රිකා මිශ්‍ර යුගල ශූරතාවය දිනා ගත්තා.
තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 25-23ක්, 19-21ක් සහ 21-13ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කළ ශෙනුක් සමරරත්න විසිනුයි.
විවෘත කාන්තා ඒකල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීමට ද සමත් වූයේ අවසන් තරගයේදී සිතුකි ඕනදී අබේගුණවර්ධන ලකුණු 21-6ක් සහ 21-11ක් ලෙස පරාජය කරමිනුයි.
විවෘත, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශයෙන් තරග පැවැති දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස Mcfoil, Mobil, GAC, Li Ning සහ 3M කටයුතු කළා.
දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<