ශ්‍රී ලංකා මේස පන්දු සංගමය, දකුණු ආසියානු මේස පන්දු සංගමයේ ද සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ ඉසව් 14කින් ඉසව් 13ක ම ශූරතා දිනා ගැනීමට ඉන්දියාව අද (29) සමත් වූවා.
මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අවසන් වූ මෙම තරගාවලියේ ඉන්දියාවට අහිමි වූ එක ම ශූරතාවේ හිමිකාරීත්වය සත්කාරක ශ්‍රී ලංකාව සතු වූවා. ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆියුල්ලා අක්රම්, කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර, ඩිරන් හාමර්, විනුක ගුණවර්ධන සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සලුක ප්‍රේමචන්ද්‍ර එක් ව සහභාගී වූ වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වේයි.
ශ්‍රී ලංකාව එම ඉසව්වේ ශූරතාවට අමතර ව වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා මෙන් ම වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ ද අනුශූරතා දිනා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව අද පැවැති තරග ඉසව් ද්විත්වයක් වන වයස අවුරුදු 15න් පහළ බාලිකා යුගල සහ වයස අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල ඉසව්වල ද අනුශූරතා හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.
ඊට අමතර ව වයස අවුරුදු 19න් පහළ යුගල බාලක සහ බාලිකා, වයස අවුරුදු 15න් පහළ බාලක යුගල සහ වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල, වයස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල සහ වයස අවුරුදු 19න් පහළ බාලිකා ඒකල යන ඉසව්වල තෙවැනි ස්ථාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වූවා.
මේ අතර අද පැවැති වයස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී යෝශිනි ජයවර්ධන ඉන්දීය ක්‍රීඩිකා Syndrela Das වෙතින් තරග වට 3-1කින් පරාජය වෙමින් අවසන් මහා තරගය අහිමි කර ගත් අතර වයස අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී බිමන්දි බණ්ඩාර ද ඉන්දීය ක්‍රීඩිකා Sayali Rajesh Wani වෙතින් 3-2ක පරාජයකින් පසු අවසන් මහා තරගය අහිමි කර ගත්තා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතර ව බංග්ලාදේශය අනුශූරතා 2ක් සහ තෙවැනි ස්ථාන 6ක් ද, පාකිස්තානය අනුශූරතාවක් සහ තෙවැනි ස්ථාන 7ක් ද, නේපාලය අනුශූරතාවක් සහ තෙවැනි ස්ථාන 5ක් ද සහ මාලදිවයින අනුශූරතාවක් සහ තෙවැනි ස්ථාන 3ක් ද දිනා ගත්තා.
- ශ්‍රී ලංකාව අවසන් මහා තරග 2කට සුදුසුකම් ලබා ගනී
- අරුණ දර්ශනට චීනයේ දී සුපිරි ජයක්
- ඉන්දියාවට ශූරතා ත්‍රිත්වයක්
- දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය 26 සිට
- LPL පිටියට වැඩිම අගයකින් විකුණුන අපේ ක්‍රීඩකයෝ
අද පැවැති තරගවල ප්‍රතිළුල
වයස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල අවසන් මහා තරගය
- Syndrela Das (ඉන්දියාව) විසින් 12-10ක්, 08-11ක්, 11-08ක් සහ 11-08ක් ලෙස තරග වට 3-1කින් Divyanshi Bhowmick (ඉන්දියාව) පරාජය කරන ලදි.
වයස අවුරුදු 15න් පහළ බාලක ඒකල අවසන් මහා තරගය
- Soham Mukherjee (ඉන්දියාව) විසින් 11-07ක්, 11-08 සහ 11-07ක් ලෙස තරග වට 3-0කින් Sarthak Arya (ඉන්දියාව) පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ බාලිකා ඒකල අවසන් මහා තරගය
- Sayali Rajesh Wani (ඉන්දියාව) විසින් 11-09ක්, 10-12ක්, 11-04ක් සහ 11-08ක් ලෙස තරග වට 3-1කින් Priya Vartikar (ඉන්දියාව) පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගය
- Ankur Bhattacharjee (ඉන්දියාව) විසින් 11-08ක්, 05-11ක්, 11-09ක් සහ 11-06ක් ලෙස තරග වට 3-1කින් Amit Modi (ඉන්දියාව) පරාජය කරන ලදි.
වයස අවුරුදු 15න් පහළ බාලිකා යුගල අවසන් මහා තරගය
- Pravin Bhatt සහ Ankolika Charraborty (ඉන්දියාව) විසින් 11-06ක්, 11-5 සහ 11-06ක් ලෙස තරග වට 3-0කින් යෝශිනි ජයවර්ධන සහ මිතුලි සහන්යා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
වයස අවුරුදු 15න් පහළ පිරිමි යුගල අවසන් මහා තරගය
- Sahil Rawat සහ Sardar Rupam (ඉන්දියාව) විසින් 11-08ක්, 11-06ක් සහ 11-08ක් ලෙස තරග වට 3-0කින් Hashem Hasib සහ Tahmidur Rahman (බංග්ලාදේශය) පරාජය කරන ලදි.
වයස අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල අවසන් මහා තරගය
- Sarthak Arya සහ Syndrela Das (ඉන්දියාව) විසින් 11-08ක්, 01-11ක්, 11-02ක් සහ 12-10ක් ලෙස තරග වට 3-1කින් අකේන් බෝජිත් සහ යෝශිනි ජයවර්ධන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල අවසන් මහා තරගය
- Taneesha Sanjay සහ Risha Mirchandani (ඉන්දියාව) විසින් 11-03ක්, 11-06ක් සහ 11-05ක් ලෙස තරග වට 3-0කින් Bianca Rai සහ Evana Thapa (නේපාලය) පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ බාලක යුගල අවසන් මහා තරගය
- Ankur Bhattacharjee සහ Jash Modi (ඉන්දියාව) විසින් 11-06ක්, 12-11ක් සහ 13-09ක් ලෙස තරග වට 3-0කින් Shayan Farooq සහ Taha Bilal (පාකිස්තානය) පරාජය කරන ලදි.
වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල අවසන් මහා තරගය
- Ankur Bhattacharjee සහ Pritha Priya (ඉන්දියාව) විසින් 11-09ක්, 14-12ක් සහ 11-08ක් ලෙස තරග වට 3-0කින් Dheema Ali සහ Ahmed Khalid (මාලදිවයින) පරාජය කරන ලදි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<